වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඔබේ නිවෙසේ අඩුපාඩු සදාගන්න හොඳම කාලයයි මේ
අභියෝග මැදින් ගලාගෙන යන ජීවිතේ හැඩ කරගන්න සැම කෙනෙක්ම වෙහෙසෙනවා. අපට ලැබුණු විවේකය හා විරාමය ප්‍රයෝජනයට ඇරගෙන අපට අපට මඟහැරුණු බොහෝ දේ සම්පූර්ණ කර ගන්න වෙහසුණේ ඒ නිසයි. අභියෝග ජය ගන්න දක්ෂ අපේ ගෘහණියෝ මේ කාලය ඉතාම ඵලදායී ලෙසින් ප්‍රයෝජනයට ගත්තා. ඔවුන් තමුන්ගේ සතුට පිරුණු කැදැල්ල අලුත් කර ගන්න හිතුවා, ඒ වෙනුවෙන් වෙහෙසුණා .
නමුත් බොහෝ දෙනකුට තිබුණු ගැටලුව තමයි මුදල්. සමහරුන්ට මුදල් තිබුණත් නිවෙසක් සෑදීමේදී ඇතිවන තාක්ෂණික ගැටලු ගැන අවබෝධයක් තිබුණේ නැහැ. තමන්ටම කියලා ගෙයක් හදා ගැනීම මොහොතකට කල් දැම්මේ ඒ නිසයි.
දැන් ටිකෙන් ටික රට යථා තත්ත්වෙට පත් වෙලා. දැන් කවුරුත් වෛරස සමග ජීවිත සටන ජය ගන්න වෙහෙසෙනවා. මේ වෙහෙසෙන අතර අපට අතපසුවුණ,ු මඟහැරුණු බොහෝ දේ ඉටු කරගන්න අවස්ථාව තිබෙනවා. එහෙත් මේ වනවිටත් වැසි පටන් අරන්. කාලගුණය නරක අතට හැරිලා. මේ කාලගුණය සමඟ අලුත් නිවසක් සෑදීම අසීරුයිි. නමුත් ඔබට අඩක් නිමකළ නිවසක් තිබේ නම් මඟහැරුණු දේ ඉටු කරගන්න ලැබුණු මේ කාලය හරිම වටිනවා.
අප පාඨකයන්ට සතිපතා තිළිණ කළ නිවාස සැලසුම් වෙනුවට අඩක් නිම කළ නිවසක් සම්පූර්ණ කර ගන්න අවශ්‍ය උපදෙස් සහ නිවෙසක අඩුපාඩු සකස් කර ගන්නා ආකාරය පිළිබඳ උපදෙස් බිඳක් තිළිණ කරන්න සිතුවා. ගෘහ නිර්මාණ ක්ෂේත්රයේ ප්‍රවීණයන් සපයන මේ උපදෙස් ඔබට වඩාත්ම ප්‍රයෝජනවත් වේවි. විශේෂයෙන් ගෘහණියක් ලෙස මේ දැනුම හැමදාමත් ඔබට ප්‍රයෝජනවත් වේවි. ඔබ නිවෙසක් සම්පූර්ණයෙන් හැදුවත් පුංචි පුංචි අඩුපාඩු තිබෙන බව ඔබ දන්නවා. නැතිනම් විවිධ තාක්ෂණික ගැටලු මතු වෙනවා. මෙසේ ඇතිවන ගැටලු විසඳාගන්න මේ උපදෙස් මහඟු අත්වැලක් වේවි. නිවෙසක පදිංචි වී සිටින විට විවිධ අඩුපාඩු මතු වෙනවා. එසේම පිළිසකර කිරීම් කරන්න සිදු වෙනවා. විදුලිය, ජල නළ කාන්දුව, කරාම කැඩී යාම, දුරකථන රැහැන් කැඩීයාම, දොර ජනෙල් කැඩීයාම, සිවිලිම, වහල, වැහිපීලි දිරායාම වැනි දෙයකදී ඒවා පිළිසකර කරන්න අපට ඒ ගැන පුංචි දැනුමක් තිබිය යුතුයි. ඒ කටයුත්ත කාර්මිකයකු ලවා කර ගැනීමට සිදු වුවහොත් ඒ ගැන ඔහුට පැහැදිලි කරන්න අවශ්‍ය දැනුම හා උපදෙස් ලබා දෙන්න අමුද්‍රව්‍ය ලබා දෙන්න ඒවා මිලදී ගන්න ඔබට දැනුමක් අවශ්‍යයි. එවැනි පිළිසකර කිරීමකට අවශ්‍ය දැනුම පිළිබඳවයි අපි අද මේ සාකච්ඡා කරන්නේ .
වහලය
නිවසක වහලයට අපි බොහෝ විට යොදන්නේ උළුකැට හෝ ඇස්බැස්ටෝස් නැතිනම් තහඩු. ඔබ වහලයට යොදන ආවරණය කුමක් වුවත් කාලයක් ගත වන විට මේවා පිළිසකර කළ යුතුයි. නැතිනම් මේ තහඩු අතර කුණු රොඩු රැඳෙනවා. උළු යෙදුවොත් ඒවා කැඩෙන්න ඉඩ තිබෙනවා. සමහරවිට මුදුන් උළු ගැලවිලා ඒ අතරින් වතුර කාන්දු වෙනවා වෙන්න පුළුවන්. මේ නිසා වහලයේ ලී, පරාල තෙමෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් වසර කිහිපයක් ගත වෙන විට වහලයක ඇති වන ගැටලු තමයි මේ. බොහෝවිට වහලයක මුදුන් උළු ගැලවෙන්නේ ප්‍රමිතියෙන් යුතු බදාම යොදා නොතිබීමයි. ඒ සඳහා සිමෙන්ති හුණු සහ වැලි 1:1:5 කියන අනුපාතයට සකස් කර යෙදිය යුතුයි. එසේම ඔබගේ වහලය තෙමෙනවා නම් වහලය ඇති ලී පරාල ගැනත් පරීක්ෂා කර බලන්න. ඒවා තෙමී දිරාපත් වී ඇතිනම් ඒ වෙනුවෙන් නව දැව යොදන්න.
වැහි පීලි
නිවෙසක වැසිකිළි කැසිකිළි සැමවිටම හොඳීන් පිරිසුදු කර නඩත්තු කිරීම කළ යුත්තකි. නැතිනම් මෙවැනි කාලයක මදුරුවන් බෝවීමට එය කදිම පරිසරයක් විය හැකියි. ඔබගේ නිවෙසේ ඇති වැහිපීලි පිරිද්දූ තැන් අතරින් ජලය කාන්දු වේ නම් ඒ සඳහා සිලිකන් හෝ පීවීසී ගම් යොදා ඇලවීම කළ යුතුයි. එසේම කාලයක් ගතවන විට වැහිපීලි සවිකිරීම සඳහා යොදන වඩිම්බු ලෑලි ද දිරා යාම සිදුවෙයි. ඒ ගැන ද ඔබ හොඳීන් පරීක්ෂාකර බලන්න. ඔබගේ වහලයේ වැහිපීලි වලින් ජලය රැඳෙන තැනක් ඇති නම් එය නිවැරැදිව ආනතියට සකස් කර ගන්න. එසේම ඤධඹදනඪනඥ එදා ඇත්නම් දිය බැස යාම ගැන පරීක්ෂා කර බලන්න .
බිත්ති
නිවෙසක් සෑදීමෙන් පසු වසර කීපයක් ගත වන විට එහි බිත්ති නැවත පිළිසකර කිරීමට හෝ පින්තාරු කිරීමට සිදුවේ.
වර්තමානයේ ඒ සඳහා යොදා ගන්නා සරලම ක්‍රමය වන්නේ පැළුණු ස්ථාන පොටි යොදා නැවත සෑදීමයි. ඉන්පසු ඔබට තීන්ත ආලේප කිරීම පහසුය. තීන්ත ආලේප කිරීමේ දී ඔබ යොදන තීන්ත වර්ග ගැන ගැන ද දැනුවත් වීම වඩාත් වැදගත් වේ. ඔබ සෑම විටම ඇතුළත බිත්ති වල ආලේප කළ යුත්තේ ඉමල්ෂන් වර්ගයේ තීන්ත වර්ගයකි. පිටත බිත්ති සඳහා අව්වට වැස්සට ඔරොත්තු දෙන වෙදර් ෂීල්ඩ් ඉමල්ෂන් තීන්ත ගෑම කළ හැකියි. එසේ තීන්ත ගෑමට පෙර කැඩුණු ස්ථාන හා මුළු සකස් කළ යුතුය. ඔබගේ නිවෙසට යොදා ඇති වර්ණය වෙනස් කරනවා නම් ඒ සඳහා පිලර් යෙදීම වඩාත් පහසුය. එසේම තීන්ත ද ඉතිරියකි.
අප ඉදිරියේදී ඔබේ නිවසේ විදුලිය හා දුරකථන සහ දොර ජනෙල් අලුත්වැඩිකර ගන්නා ආකාරය ගැන සාකච්ඡා කරමු .
කුරුණෑගල
කැදැල්ල හෝම් අධිපති දේශමාන්‍ය ආචාර්ය
මහින්ද ඒකනායක සහ ගොඩනැගිලි තාක්ෂණ උපදේශක
අජන්ත කාරියවසම්