කෑම මේසය තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ ඇයි?

නිවෙසට ගැළපෙන ලෙස ගෘහභාණ්ඩ තෝරමු
මාර්තු 14, 2022

 

නිවෙසක් සම්පූර්ණ වන්නට නම් එයට ගෘහ භාණ්ඩ තියෙන්නම ඕන. අතීතයේ සිටම නිවෙසට අවශ්‍ය බොහෝ දෑ තනාගත්තේ ලී වලින්. මුලින්ම මූලික අවශ්‍යතා පිරිමහගන්න ලී වලින් තනාගන්නට පෙළඹුණු අපි ක්‍රමයෙන් ඒවා අලංකාර කරගන්න කටයුතු කළා. විවිධ කැටයම් වලින් නිර්මාණාත්මක ලෙස ලීබඩු තනා ගන්නට සමහරු කැමැති වුණත් තවත් අයෙක් චාම් අන්දමට මේවා තනාගන්නට කටයුතු කළා.

අපි මේ ලිපිපෙළින් ඔබට කියන්නේ නිවෙසට ගැළපෙන ලෙස ලී බඩු තෝරාගන්නේ කොහොමද කියලයි.

අපි පසුගිය සතියේ මේ පිළිබඳ කතා කළා ඔබට මතක ඇති. නවීන සෝෆා සෙටිය වෙනුවට ලී උපයෝගී කරමින්, ලීයේ වටිනාකම ඉස්මතු වන පරිදි කළ coffee table එක සහ කෑම මේසය පිළිබඳව මෙවර අදහසක් දෙන්නට අප සිතුවා.

විශේෂයෙන්ම වටිනාකමින් වැඩි එහා මෙහා කළ නොහැකි තරම් බරින් යුතු කෑම මේස වෙනුවට sleek furniture එනම් සිහින් ලීයෙන් නවීන පන්නයට සෑදූ කෑම මේස open plan ක්‍රමයට නිමකල විසිත්ත කාමර වලට වඩාත් සුදුසුයි.

ලී බඩු වලින්ම නිවසට කල එළියක් ගෙන එන්නට සිතන ඔබට ගෘහ අභ්‍යන්තර අලංකරණය ට අනුගත වෙමින් එම කාර්යයේ නියැළිය හැකියි.

අපි පසුගිය සතියේ මේ පිළිබඳ කතා කළා ඔබට මතක ඇති. නවීන සෝෆා සෙටිය වෙනුවට ලී උපයෝගී කරමින්, ලීයේ වටිනාකම ඉස්මතු වන පරිදි කළ coffee table එක සහ කෑම මේසය පිළිබඳව මෙවර අදහසක් දෙන්නටයි සිතූයේ.

විශේෂයෙන්ම වටිනාකමින් වැඩි එහා මෙහා කළ නොහැකි තරම් බරින් යුතු කෑම මේස වෙනුවට sleek furniture එනම් සිහින් ලීයෙන් නවීන පන්නයට සෑදූ කෑම මේස open plan ක්‍රමයට නිමකල විසිත්ත කාමර වලට වඩාත් සුදුසුයි.

කොෆි ටේබල් එක ලීයෙන් කරන්නත් පුළුවන්.

එහෙත් ඉඩකඩ අඩු කුඩා විසිත්ත කාමරයක සෙටියට තබන කොෆි ටේබල් එකක බේස් එක (එනම් කකුල් හතර හා එහා මෙහා යැවෙන ලීය පමණක්) ලීවලින් නිමවා මතුපිටට වීදුරුවක් දැමීමෙන් සරල බවක් පෙනේවි. ඉඩකඩ ඇහිරුණු ස්වභාවය ද පහව යාවි.

 

කෑම මේසය

 

කෑම මේසය ලීවලින් පමණක් ම නොව top එකට වීදුරුවක් වැනි දෙයක් දැමීමෙන් සරල සැහැල්ලු බවක් ලැබේවි. කුඩා ඉඩ ප්‍රමාණයක ඇති කෑම කාමරයක නම් තනිකරම ලීයෙන් කළ කෑම මේසයක් තැබූ විට ඉඩ ඇහිරුණු ගතියක් දිස් වේවි. මේසයේ වීදුරුවට යටින් මදටිය ඇට ඇතුළු ඇට ජාති ආදිය දමා තිබීම එතරම් සුදුසු නොවේ.

කෑම මේසයේ පුටු එහාට මෙහාට කළ හැකි පරිදි, අතුගාන්න පහසුවන පරිදි සරල සැහැල්ලු පුටු තිබීම පහසුවක් වේවි.

හොඳම ලීයෙන් එහා මෙහා කරන්නවත් බැරි, පොළොව සීරෙන තරමේ බරින් යුතු පුටු තැබීම වෙනුවට කුෂන් කළ වටිනා ලීයකින් වුවත් සිහින්ව සරලව කළ කෑම මේසයක් සහ පුටුවලින් නවීන පන්නයේ පෙනුමක් ගෙන දේවි.

ගෘහ නිර්මාණ ශිල්පයට අනුව පුටුවක බර පිළිබඳ යම් මිම්මක් තිබේ.ශ්‍රී ලංකන් ස්ටයිල්, වික්ටෝරියන් ස්ටයිල් ආදි වශයෙන් ලී බඩුවලද තේමාවන් තිබේ.

ලී බඩුවල පෙනුම සාමාන්‍යයෙන් වෙනස් නොවන නිසා මෙවැනි තේමාවකට අනුව කළ හැකියි.

ලී බඩුවලින් අත්‍යලංකාරයක් එකතු කරන්නට සිතන ඔබ සුව පහසුවට මුල්තැන දෙන්න. බරපතළ පෙනුමක් වෙනුවට ගාම්භීර පෙනුමක් ගෙන දීමට සරල, සුගම සැහැල්ලු බව අනුගමනය කරන්න.

 

 

 

උපදෙස් - ප්‍රවීණ ගෘහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පිනී

ආචාර්ය දිලිනි හල්විටිගල