වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
කුඩා ඉඩක වැවිය හැකි කුඩා ඉඩක වැවිය හැකි ගොටුකොළ

එන්න එන්නම පෝෂණීය දේවල් අපෙන් ඈතට යන යුගයක් වර්තමානයේ උදා වී ඇති බව බොහෝ දෙනා කැමති ආහාරවලින්ම පෙනී යන දෙයක්.
ගෙවත්තේ අපිම වවාගන්නා දේවල්වලින්ම පෝෂණ අවශ්‍යතා සපුරාගත් අප අද වෙළෙඳපොළෙන් ගෙනෙන ආහාරවලට වැඩි ඉඩක් ලබාදීම මෝස්තරයක් වෙලා.
ඔබගේ ගෙදරට ගෙනෙන කිරි හට්ටිය, හිල් වී ගිය ඇතිලි, වළං, මුට්ටි, ප්ලාස්ටික් බෝතල් මේ ඉවත දමන දේවල් ගොටුකොළ පඳුරු කිහිපයක් සකසා ගැනීමට හොඳටෝම ප්‍රමාණවත්.
උදේට පවුලේ සියලු දෙනාට පෝෂණීය කැඳ කෝප්ප කීපයක් සාදා ගැනීමට, සලාදයක් හදාගන්න පුළුවන් හොඳ ශාකයක් තමයි ගොටුකොළ කියන්නේ.
ඔබේ මිදුලේ ඉඩ තියෙනවා නම් පාත්තියක් විදිහටත් හදාගන්න පුළුවන්. භාජනවල සිටුවනවා නම් කොම්පෝස්ට් සහිත වැලි මිශ්‍ර පසක් මේ සඳහා ඉතා යෝග්‍යයි. රසායනික පොහොරක් දැමීම අත්‍යවශ්‍යම නොවන බැවින් රසායනවල අහිතකර බලපෑම් ඇතිවේ යැයි බියක් ඇති කර ගත යුතුද නැත.
මේ විදිහට බඳුන්වල සිටුවාගත් ගොටුකොළ පඳුරු මාස දෙකක් තුනක් වැවෙද්දී නිවෙසේ එදිනෙදා භාවිතයට කඩාගන්න පුළුවන්. ආයේ නැවත සිටුවීමක් අවශ්‍ය නොවන අතර, මෙසේ සාදාගත් ගොටුකොළ පඳුරුවලින් අවුරුද්දකට වැඩි කාලයක් ප්‍රයෝජන ගැනීමට ඔබට හැකියාව ලැබේවි.
තාප්පයක් උඩ, එහෙමත් නැතිනම් තාප්පය අයිනේ, වැටට එල්ලා, බිත්ති අයිනේ මේ ශාක වගා කරන්න උත්සාහ කර බලන්න. හැබැයි වැඩි සෙවණ හොඳ නෑ වගේම ජලය ද දින දෙක තුනකට වරක් දැමීම ප්‍රමාණවත්.
උපදෙස් -
ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී
රංජිත් කළුආරච්චි