වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
රෝස පැළ ලබාගන්නා ක්‍රම

ලස්සන රෝස යායක හිමිකාරිනියක් වෙන්න කවුද අකැමැති. නේක වර්ණයෙන් දිදුළන මලින් පිරුණු රෝස වගාවක් සඳහා අපට පැළ සකසා ගත හැකි ක්‍රම කිහිපයක්ම තිබේ. අද අපි ඒ පිළිබඳ දැනගනිමු.
රෝස දඬු සිටුවීම
වැඩි දෙනකු රෝස පැළ සකසා ගැනීමට භාවිත කරන පහසුම ක්‍රමය වන්නේ දඬු කැබැලි සිටුවා එමඟින් පැළ ලබා ගැනීමයි. මෙය ශ්‍රී ලංකාවේ බහුලව භාවිත කරන රෝපණ ක්‍රමයක් වන අතර, මේ සඳහා අඟල් 4 - 6 අතර ප්‍රමාණයේ ප්‍රශස්ත අන්දමට මේරූ දඬු කැබැලි යොදා ගනී.
මෙහි පසට යටකර සිටුවන කොටස අංශක 45ක පමණ ආනතියකට කපා ගත යුතුය. අනතුරුව එසේ කපාගත් කෙළවරෙහි පහසුවෙන් මුල් අැද්දවීමේ හෝමෝන ආලේප කර එම කෙළවර පසට යටකර සිටුවා ගන්න. මෙය බීජ රෝපණය කර පැළ ලබාගැනීමට වඩා ඉතා සාර්ථක පහසු ක්‍රමයක් ලෙස හැඳින්විය හැකියි.
බීජ සිටුවීම
රෝස බීජ මාර්ගයෙන් ද ඔබට පැළ ලබාගත හැකියි. මෙහිදී රෝස ඇට එහෙමත් නැතිනම් බීජ ප්‍රරෝහනයට පෙර හොඳින් මේරූ බීජ තෝරාගන්න. එමෙන්ම බීජ ප්‍රරෝහනයට පෙර උෂ්ණත්ව පාලනයක් කිරීමට ද සිදුවන අතර, ඒ සඳහා අඩු කෘත්‍රිම උෂ්ණත්ව පරාසයක් භාවිත කළ යුතු වේ. මෙලෙස බීජ ප්‍රරෝහනයෙන් ලබාගන්නා පැළ සති තුනක් ඉක්ම ගිය පසුව වෙන් වෙන්ව සිටුවා ගන්න.
පටක රෝපණය
වෙනත් මල් වර්ගවලට වාගේම රෝස වගාවේ ව්‍යාප්තිය ද පටක රෝපණය හරහා සිදුකළ හැකිය. නමුත් මෙය වැඩි දෙනකු අතර ප්‍රචලිත නොවන්නේ පටක රෝපණයට මනා පළපුරුද්දක් සේම විද්‍යාගාර පහසුකම් ද අවශ්‍ය බැවිනි.
ඊට අමතරව අතු බැඳීම, අතු කපා සිටුවීම, පැළ බද්ධ කිරීම හරහා ද ඔබට රෝස පැළ සකසාගත හැකි වේවි.
උපදෙස් -
කෘෂි විද්‍යාඥ, කථිකාචාර්ය
ඩබ්.යූ.එල්. අඹගස්පිටිය