පිළිවෙළකට එළවළු

පෙබරවාරි 3, 2025

භෝග වගාවේදී නැෙඟනහිර දිශාවෙන් එන මෘදු සූර්යාලෝකය භෝග හැම එකකටම පාහේ ලැබෙන ලෙස භෝග පිළිවෙළකට අනුව වගා කළ යුතු වේවි.

 

විිවිධ භෝග එකතු කරගැනීම

 

මහා පරිමාණ එළවළු වගාවකදී මෑකරල් වගා කරන මැස්සක ඒ නියමිත අවකාශයේ බොහෝවිට වගා කරන්නේ මෑකරල් පමණයි. නමුත් විවිධ ආකාරයේ එළවළු, පලතුරු සහ මල්, පලා වර්ග එමෙන්ම පලතුරු ද මේ සඳහා යොදා ගත හැකියි. ගෙවත්තකදී බණ්ඩක්කා හෝ ඉරිඟු වවා ඒ ගස් අසල මෑ වැල්, බෝංචි වැල් ආදිය සිටුවන්න. කුඩා ඉඩකඩක වුවත් බිත්තියක හෝ වැටක් ආධාර කරගෙන ලී පතුරු යොදා මැස්සක් බැඳ වට්ටක්කා, පුහුල් ආදිය වැවිය හැකියි. මෑකරල්, බෝංචි, දඹල වැනි රනිල භෝගවලින් පසට නයිට්‍රජන් එකතුවන නිසා පසට පෝෂණය නිරතුරුවම ලැබේ. මෙලෙස භෝග විවිධාංගීකරණය කිරීමෙන් රෝග සහ පළිබෝධ හානි අවම කර ගත හැකි අතරම අවකාශය භාවිතය ද ඉතා හොඳින් සිදුවේ.

 

පාංශු සංරක්ෂණ ක්‍රම උපයෝගී කරගන්න

අප රට නිවර්තන කලාපීය රටක් හෙයින් සෑමවිටම පාහේ ඉතා හොඳ වර්ෂාවක් ලැබේ. හැකි සෑමවිටම බිමට තණකොළ අල්ලා ගන්න. සෑමතැනදීම පාහේ වැවෙන බෆලෝ වර්ගයේ තණකොළ ඔබට මේ සඳහා භාවිත කළ හැකියි. ඊට අමතරව පස් වැටි, ගල් වැටි දමා පස සේදී යාම අවම කරගන්න.