ජ්‍යොතිෂ ගැටලු

ඔක්තෝබර් 21, 2024

 

සැමියාගේ ලිංගේන්ද්‍රය පිළිබඳ ගැටලුවක්

 

අපි යෝජිත විවාහයකින් පොරොන්දම් බලා විවාහ වූයෙමු. මගේ ස්වාමියාගේ ලිංගික අවයවය ඉතා කුඩායි. මෙය මා හට කායික වාගේම මානසික වදයකි. මෙයට හේතුව සඳහන් කරන්න.

 

කඩුවෙල - සීතා පද්මිණි

 

 

සාම්ප්‍රදායික පොරොන්දම් ගැළපීම මඟින් මූලික කරුණු පමණක් සැලකීම තුළින් මෙය සිදුවිය හැකි බව සඳහන් කරමි. වර්තමානයේ ජ්‍යොතීර්වේදීන් යැයි කියාගන්නා අය පරිගණකය මඟින් මෙම කාර්යය සිදු කරයි. එයින් සිදුවන්නේ පරිගණකය ලබාදී ඇති දත්ත මඟින් ඒකාකාරී මුද්‍රිත පිටපතක් ලැබීම පමණකි. මෙය මහා ව්‍යසනයකි. ඔබ දෙදෙනාගේ හඳහන බැලූ විට මෙලෙස පොරොන්දම් ගැළපීම සත්‍ය බවත් ඉන් එහාට ඇති නොගැළපීම් මෙසේ සඳහන් කරමි. ඔබේ ස්වාමියාගේ උපන් කේන්ද්‍රයේ රාහු සහ සෙනසුරු ඉතාම නරක ලෙස පිහිටා ඇත. එසේ පිහිටීම නිසා ලිංගික අවයවය හකුළයි. මුත්‍රා කිරීමට අවශ්‍ය ප්‍රමාණයට පිහිටයි. මෙයට ප්‍රතිකර්ම නම් නොමැතිය. ඔබ දෙපොළම පවුල් උපදේශන සේවයකට යොමු වන්න. ලිංගික අවයවය දිගු, කොට අනුව සංතෘෂ්ටිය නොලැබෙන අතර එයට බොහෝ ක්‍රමවේද ඇත.

 

ඔබ දෙදෙනාගේ හඳහනේ ගැළපීම නරක නැත. ඔබට හොඳ ස්වාමියෙක් ද ලැබී ඇත. මෙම අඩුපාඩුව ගැන වැඩිය නොසිතන්න. උපදේශකවරයෙකුගේ වැඩිපුර උපදෙස් ලබා ගැනීමෙන් උපරිම තෘප්තියක් ලබාගත හැකිවනු ඇත.

 

විවාහයට සුදුසු කාලය

 

මා හට විවාහ වීමට සුදුසු කාලය මේ යැයි සිතමි. එම නිසා සුදුසු අයෙක් සොයමින් සිටී. නමුත් ගැළපෙන්නේම අනියම් සම්බන්ධතාය. මෙයට හේතුව කුමක්ද? මා හට විවාහයක් සිදු නොවේද?

 

පේරාදෙණියේ - යමුනා

 

ඔබ උපන් හඳහනේ අටවැන්නාධිපති විවාහ ස්ථානයේ ගෝචර වී ඇති බැවින් මෙම කාලය ඔබට අනියම් ඇසුර ලැබීම පුදුමයක් නොවේ. නෑකම් කියමින් ඇමතුවද අවසානයේදී ඇතිවන්නේ අනියම් සම්බන්ධතාවයකි. මෙම කාලය ගෙවන තුරුම මෙය මෙසේ වෙයි. බොහෝ ප්‍රවේසමෙන් කටයුතු කරන්න. චරිතය ඝාතනය නොකර ගන්න. අඟහරුවාදා දින 7ක් බෝධි පූජා අඛණ්ඩව පවත්වන්න. විෂ්ණු, කතරගම දෙවියන්ට භාර වෙන්න.

 

 

දරු ඵල නොමැතිවීම ගැටලුවක්

 

අප විවාහ වී බොහෝ කාලයක් ගතවුවද දරුඵල නොමැත. සියලු වතාවත් සේම ඖෂධ ගත්තද කිසිම ප්‍රතිඵලයක් නොමැත. දරුඵල ලැබීමට කුමක් කළ යුතුද?

 

හුන්නස්ගිරියේ - ප්‍රියංවදා

 

ඔබගේ හඳහන පරීක්ෂා කළ ජ්‍යොතිෂවේදීන් මෙතෙක් කලක් ඔබට දරුඵල නොමැති බව කියා නොමැති වීම පුදුමයකි. එයට හේතුව ඔබ කේන්ද්‍රයේ 7 වැනි රාශියේ හා වැය ස්ථානයේ පාපි ග්‍රහයන් ඇත. එමෙන්ම දරුඵල පෙන්වන පුත්‍ර ස්ථානය වන 5 වැනි රාශිය ද දුර්වලව ඇත. එබැවින් දරුඵල නැත්තේය. මෙයට මොන ප්‍රතිකාර කළද වෙනස් කළ නොහැකි වෙයි.

 

විවාහයට කුමක් සිදු වේද?

මාගේ විවාහය ගැන සඳහන් කළ හැකි වන්නේ කුමක්ද?

 

 

ඔබ හඳහනේ සඳු පළමු රාශියේ පිහිටා ඇත. එමෙන්ම පාප ග්‍රහ දකින්නට ඇත. විවාහය සිදුවෙයි. නමුත් ඔබට අවශ්‍ය වෙලාවේ එය සිදු නොවනු ඇත. බොහෝ ප්‍රමාද වීමටද ඉඩ ඇත. ඔබට හමුවන ස්වාමියාගේ වයස් පරතරය බොහෝ වැඩි වේ.

 

දරු ඵලද ප්‍රමාද කරයි. මේ සඳහා වතාවත් පුද පූජා ලෙස සෙනසුරාදා දිනෙක බෝධි පූජා පටන්ගෙන හැකි තරමක් බෝධි පූජා තබන්න. හැකි නම් හලාවත මුන්නේශ්වරම් කෝවිලට ගොස් පාර්වතියට බාර වෙන්න. නවග්‍රහ පූජාවක් තබා දෙහි කපා ගන්න. හැකිනම් ශනි මෘතූංජ යන්ත්‍රය නිවැරැදිව සාදාගෙන පලඳින්න. මෙම පිළිවෙත් ඔබගේ දෝෂ භංග කිරීමට ඉතා අගනා බව සඳහන් කරමි.

 

ජයවර්ධනපුර - සුසන්ති

 

උපදෙස්

‍ෙජ්‍යාතිෂවේදී ගුප්ත

විද්‍යා විශාරද

වෛද්‍ය ආචාර්ය

චන්දන සතරසිංහ