වැඩිහිටියන්ට රතු එළියක්...

හැටපස් වියැති සන්දියේ හැදෙන රෝග සන්ධියේ
ජනවාරි 9, 2023

 

අතීතයේ අපට තිබුණෙ සුන්දරත්වය සපිරි සංස්කෘතියකි. මේ අපූරු සංස්කෘතිය සමඟ සබැඳි බොහෝ දෛනික කටයුතු නිර්මාණය වී තිබුණේ විවිධ කායික ක්‍රියාකාරකම් රාශියක් සමඟිනි. ළිඳෙන් වතුර කළයක් ඔසවාගෙන එමේ සිට පිටි කෙටීම, සහල් ගැරීම, වී පෙළීම, නිවෙස ඇමදීම, ළිප ගිනි මෙළවීම.... මේ වාගේ බොහෝ කටයුතු ගෘහිණියන් විසින් හුරු වී තිබුණේ තමුන්ගේ මවුපියන්ගේ ආභාසයෙනි. නිරායාසයෙන් උරුම වූ මේ ආභාසය නිසාම අපට අමුතුවෙන් ව්‍යායාම කරන්න කාලයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ.

 

ඒ විතරක් නොවෙයි. අපට ඒ වෙනුවෙන් කිසිම වියදමක් වුණෙත් නැහැ. දිනපතා ගෙදර දොරේ වැඩපොළ ටික කරලා ඉවරවෙන විට නිරායාසයෙන්ම ඇඟට හොඳ ව්‍යායාමයක් ලැබිලා. ඇඟට දාඩියත් දාලා. මේ සියල්ල නිර්මාණය වෙලා තිබුණේ අපේ සරල සංස්කෘතික බැඳීමත් සමඟ මුසු ජීවන රටාව නිසයි. හැබැයි ටිකෙන් ටික මේ සංස්කෘතික රටාව බැඳගෙන අප පහසුවෙන් ගෙදර දොරේ වැඩපොළ ටික කරගන්න හුරු වුණා. ගොම මැටි ගෑ ගෙබිම වෙනුවට ටයිල් ඇතුරූ ගෙබිමක පය තබන්න අපේ ගෘහිණියෝ නිරායාසයෙන්ම පරිවර්තනය වුණේ සියලු සංස්කෘතික බැඳීම් පෑළ දොරින් පලා යමින්.

හැබැයි මෙලෙසින් පලා ගිය අපේ සංස්කෘතියත් එක්ක අපට උරුම වුණේ කෘත්‍රිම ජීවන රටාවක්. මේ කෘත්‍රිම ජීවන රටාවත් එක්ක අපේ ගෘහිණියෝ ගෙදර මිරිස් ගලට, මෝල් ගහට, වංගෙඩියට, කුල්ලට, ඉළපතට සමු දුන්නා. එලෙසින් සමුදුන්න අපේ ගෘහිණියෝ උරුම කරගත් පහසුවත් එක්කම නොසිතා ලෙඩ රෝගත් හැදෙන්න ගත්තා. සමහර රෝග නවීන තාක්ෂණයෙන් වෛද්‍යවරුන්ටත් සොයා ගන්න බැහැ. බෝ නොවන රෝග වගේම විවිධ සන්ධි රෝග වැඩි වෙන්න පටන් ගත්තා. දැන් හදවත් රෝග, දියවැඩියාව, ගැස්ට්‍රයිටිස් වගේම සන්ධි රෝගත් වැඩි වෙලා. මෑත කාලයේ වෛද්‍ය පර්යේෂණ මඟින් සොයාගෙන ඇති කරුණු අනුව වසර 65 ඉක්මවූ වැඩිහිටියන්ගෙන් 50% කට සන්ධි රෝග ඇති බව අනාවරණය වී තිබෙනවා. මේ භයානක තත්ත්වය නිසා බහුලවම ඇතිවන දණහිස් ආබාධ ගැන නැත්නම් සන්ධි ආබාධ ගැන සාකච්ඡා කරනවා. මේ සෑම දෙයකටම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් දේශීය ආයුර්වේදයේ අපට තිබෙනවා. අද අප ඔබට පැහැදිලි කර දෙන්නේ එවැනි සන්ධි රෝග දේශීය ආයුර්වේද ප්‍රතිකාර මඟින් සුවකර ගන්නා ආකාරයයි.

 

සන්ධි වේදනා මුලින්ම හඳුනාගැනීම

දණහිස් සන්ධි ආශ්‍රිත වේදනාව ඉදිමුම හා ක්‍රියා අපහසුව විවිධ හේතුන් නිසා ඇති විය හැකියි. බහුලවම දණහිස් සන්ධි ආශ්‍රිතව ඇතිවන්නේ සන්ධිගත වාත රෝග තත්ත්වයයි. මේ නිසා ඇවිදීමේදී, සිටගෙන සිටීමේදී හා විශේෂයෙන්ම පඩි නැගීමේදී අධික වේදනාවක් හා ඉදිමුමක් ඇති වීම දැකිය හැකියි. එසේම සන්ධි නැවීම හා දිග හැරීමේදී වේදනාව හා ස්පුටන ශබ්ද ඇතිවේ.

මෙම අවස්ථාව නව්‍යව osteoarthritis ලෙස දක්වන අතර එහිදී සන්ධි අවකාශය අඩු වීම කාටිලේජ ක්ෂය වීම ආදිය නිසා සන්ධියක ගැටීමට ලක් වීමෙන් තදබල වේදනාවක් ඇති වේ. අවුරුදු 30න් පසුව ක්‍රමයෙන් ආරම්භ වන අතර අවුරුදු 65 පමණ වන විට වැඩිහිටි අයගෙන් සියයට පනහක් පමණම මෙම සන්ධි වේදනාවන්ගෙන් පෙළේ.

මීට අමතරව ආමවාත සන්ධි ශෝථ රෝග අවස්ථාව නිසාත් දණහිස් වේදනාව තද ගතිය ඉදිමුම මෙන්ම වෙනත් ශාරීරික ලක්ෂණ ද එනම් ආහාර අරුචිය උණ ගතිය බඩ පුරවා දැමීම ආදිය ඇතිවේ.

එය නම් නම්‍යව rhumatoid arthritis රෝග තත්ත්වයට සමාන කොට දැක්විය හැකියි.

මෙම රෝග අවස්ථාවලදී පසුකාලීනව සන්ධි විකෘතිතා ඇතිවීම දැකිය හැකියි. මුල් අවස්ථාවේදීම ආයුර්වේද ප්‍රතිකාර ගැනීම තුළින් සන්ධි කොරවීම විකෘති වීම වැනි උපද්‍රව තත්ත්වයන්ගෙන් තොරව සම්පූර්ණ සුවය ලබා ගැනීමට හැකියාව ඇත.

තවද ගම්භීර වාත රක්ත gout arthritis cause ටික ශීර්ෂ ආදී රෝග තත්ත්ව ද එමෙන්ම කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග නිසා ද ඇතැම් විට දණහිස් වේදනා ඇතිවිය හැකියි.

ප්‍රතිකාරයට ප්‍රථමව නිවැරැදි රෝග විනිශ්චය සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු මඟින් නිසි සායනික පරීක්ෂාවක් සිදු කිරීම හා එක්ස්රේ MRI, CT ස්කෑන් ආදී මෙන්ම FBC, ESR, සහ Rheumatoid factor, CRP වැනි වෛකෘත පරීක්ෂා ද උපකාර කර ගත යුතුව ඇත.

 

ප්‍රතිකාර ක්‍රම

මෙම රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී නිසි පෝෂණ ගුණයෙන් යුතු ආහාර මෙන්ම ශරීරය නිසි බරකින් යුතුව පවත්වා ගැනීමද ඉතා වැදගත්ය. මේ සඳහා ද ඉතා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර පවතී.

ප්‍රතිකාර මූලධර්ම වශයෙන් ඖෂධීය ප්‍රතිකාර යටතේ ශෝධන ප්‍රතිකාර ශමන ප්‍රතිකාර තර්පණ ප්‍රතිකාරය වශයෙන් ප්‍රතිකාර චිකිත්සාව විවිධ වේ.

මීට අමතරව විරේචන වස්ති ආදී පංච කර්ම ප්‍රතිකාර ද මේ සඳහා යොදා ගනී.

ප්‍රතිකාරය මුල් අවස්ථාවේ සිටම විවිධ පත්තු වර්ග ආලේප කිරීම සිදු කළ යුතු අතර එමඟින් සන්ධි තුළ වන ද්‍රව පිරීම් ඉවත් කිරීම, තද ගතිය අඩු කිරීම, වේදනා ඉදිමුම් නැති කිරීම මඟින් මනා සන්ධි ක්‍රියාකාරිත්වයක් පවත්වා ගැනීම බලාපොරොත්තු වේ.

එමෙන්ම ප්‍රතිකාර අවසාන යොදන පත්තු වර්ග මඟින් සන්ධියට අවශ්‍ය නිසි පෝෂණය දීමෙන් දිගුකාලීනව සෞඛ්‍යසම්පන්නව එදිනෙදා කටයුතු කර ගැනීමට අවශ්‍ය හැකියාව ලබා දෙයි.

මෙම විශේෂ පත්තු වර්ග මෙන්ම එක් එක් රෝග අවස්ථාව සඳහා විශේෂිත වූ තෙල් වර්ග හා පොට්ටනි වර්ගත් උචිත පරිදි භාවිත කරනු ලබයි.

මුල් අවස්ථාවේදී සර්ශපාදී, නිර්ගුණ්ඩ්‍යාදී, kuchchi ප්‍රසාරණී ආදී තෙල් වර්ග ද පසුව ශූල හර, පිංඩ, වාත විදුරංග, මහානාරායන වැනි තෙල් වර්ග ද භාවිත කළ හැකි අතර botany වර්ග ද පිළිවෙළින් නික කොළ, පාවට්ට කොළ බෙහෙත් එඬරු කොළ සහිඳ ලුණු සුදුලූනු, දෙහි ගැට යොදා සාදාගන්නා පොට්ටනිය ද මුරුන්ගා පොට්ටනි ද බෙලි කොළ පොට්ටනිය ද අවසාන අදියරේදී ඇටාට පොට්ටනිය ද අවස්ථානුකූලව යොදා ගත හැකි වේ.

මේ ආදී ලෙස 100% ආයුර්වේද ශාකසාර ප්‍රතිකාර මඟින් දණහිස් සන්ධි වේදනා ඉතා සාර්ථකව සුවකර ගත හැකිය.

උපදෙස්

අශ්වත් ආයුර්වේද වෙද මැදුර කොට්ටාව

වෛද්‍ය නිවර්තනා අල්විස්