රෙඩ් වෙල්වට් කේක්

පෙබරවාරි 12, 2020

අවශ්‍ය ද්‍රව්‍ය

 

පාන් පිටි ග්‍රෑම් 350 ක්

චොකලට් පවුඩර් ග්‍රෑම් 25 ක්

බේකිං සෝඩා තේ හැඳි 01 ක්

බේකිං පවුඩර් තේ හැඳි 1 1/2 ක්

ලුණු තේ හැඳි 1/4 ක්

බටර් ග්‍රෑම් 125 ක්

සීනි ග්‍රෑම් 350 ක්

බිත්තර 03 ක්

එළවළු තෙල් කෝප්ප 01 ක්

වැනිලා තේ හැඳි 02 ක්

බටර් මිල්ක් කෝප්ප 01 ක්

රතුපාට කලරිං මේස හැඳි 02 ක්

සුදු විනාකිරි තේ හැඳි 02 ක්

 

සාදන ක්‍රමය

පාන් පිටි, චොකලට් පවුඩර්, ලුණු, බේකිං සෝඩා, බේකිං පවුඩර්, එකට දමා හලාගන්න. බටර් සහ සීනි එකට බීට්කර ගන්න. ඉන්පසු බිත්තර එක එක දමා බීට්කරගන්න. එළවළු තෙල් දමා බීට්කර ගන්න. විනාකිරි එකතුකර බීට්කර ගන්න. දැන් මුලින් හළාගත් පිටි මිශ්‍රණය දමා බීට්කරගන්න. ඉන්පසුව වැනිලා එකතුකරන්න. රතුපාට කලරිං දමා බීට්කර මිශ්‍රණය සාදාගන්න. මෙය බේකිං තැටියට දමා අංශක 180 උෂ්ණත්වයට විනාඩි 45 ක් බේක්කර ගන්න.

අපි මේ කේක් එක වැලන්ටයින් දිනය වෙනුවෙන් සාදා අයිසිං කරගන්නා නිසා බේකිං ට්‍රේ දෙකකට දමාගන්න. විෂ්කම්භය අඟල් 8 තැටි දෙකකට මෙම මිශ්‍රණය කොටස් කර වෙන්කර අංශක 180 උෂ්ණත්වයකට බේක්කර ගන්න.

 

ක්‍රීම් එක සෑදීමට

චීස් ක්‍රීම් කෝප්ප 01 ක්

අයිසිං සීනි කෝප්ප 02 ක්

විපිං කී‍්‍රම් කෝප්ප 01 ක්

 

සාදන ක්‍රමය

චීස් ක්‍රීම් සහ අයිසිං එකට එකතුකර හොඳින් බීට්කර ගන්න. විපිං ක්‍රීම් කෝප්ප වෙනම බීට්කර ගන්න. ඉන්පසු මේ මිශ්‍රණ දෙක එකට එකතුකර හොඳින් බේක්කර ගන්න.

කේක් එක හොඳින් නිවුන පසු අයිසිං කිරීමට ගන්න.

 

අයිසිං කිරීම

 

සාදාගත් කේක් දෙක උඩින් පොඩි කොටසක් කපා ඉවත්කර ගන්න. එය කේක් එක අලංකාර කරගැනීමට තබාගන්න. ඉන්පසු කේක් එක සැන්ඩ්විච් කරගන්න. දැන් සම්පූර්ණ කේක් එක ක්‍රීම්වලින් ආවරණය කරගන්න. ඉන්පසු මුලින් ඉවත් කරගත් කේක්වලින් හාට් හැඩයේ කටර් එක තබා කේක් එක සැරසීමට අවශ්‍ය පමණ හාර්ට් හැඩ කපාගන්න. දැන් අපි ආවරණය කරගත් කේක් එක මත අලංකාරව හාර්ට් තබා හැඩකර ගන්න.

උපදෙස්
ප්‍රවීණ සූපවේදිනී
නිලූෂිකා උදයංගනී
Kawumkokis.com arawwala