වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
හිස්හොරි නිසා පීඩාවෙන්
ජූලි 31, 2019
ප්රශ්නය - රජයේ ආයතනයක සේවය කරන 26 හැවිරිදි තරුණියක වන මම සුව නොවන හිස්හොරි හේතුවෙන් පීඩනයකින් පසුවෙමි. ඒ නිසා තද පැහැති ඇඳුම් වෙනුවට ළා පැහැති ඇඳුම් පවා ඇඳීමට සිදුව ඇත. හිස්හොරි මාගේ උරහිස මතට වැටෙන නිසා, මා ආයතනයේ අන් අයගේ අප්‍රසාදයට ලක්ව ඇත. හිස්හොරි මර්දනය වනවා කියන විවිධ ෂැම්පු වර්ග මා භාවිත කළත් කිසිදු ප්‍රතිඵලයක් නොමැත. මෙය නිටටාවටම සුවකර ගත හැකි ක්‍රමයක් තිබේද?
දඹුල්ල - චතුරී
පිළිතුර - උපතින්ම දිගු වරලසක හිමිකාරියක වුවත් එය නිරෝගී සුන්දර වරලසක් කර ගැනීමට නම් නිසි සත්කාර සිදුකළ යුතුමය. ඒ සඳහා හිසකෙස්වල ඇති රෝග හඳුනාගනිමින් නිසි ප්‍රතිකාරවලට යොමුවීම වැදගත්. හිස්හොරි ලෙස හඳුනාගන්නේ ද එලෙස හිස කෙස්වල රෝග ඇති කරන තත්ත්වයකි. මෙම හිස්හොරිවල ස්වභාවය අනුව වර්ගීකරණය කෙරේ. ඒ වියළි හිස්හොරි, තෙල් සහිත හිස්හොරි යනුවෙනි. හිස්හොරි ඇතිවීමට විවිධ හේතු බලපෑම් කරනු ලබයි. ඒවා අතර හිස් කබලේ තෙල් සහිත බව, නිසි රුධිර ගමනාගමනයක් නොවීම, වෙනත් අයගෙන් බෝවීම, හිස් කබලේ වියළි බව සහ අපිරිසුදුකම ප්‍රධානයි.
හිස්හොරි තත්ත්වය නොසලකා හැරියහොත් එය භයානක විය හැකියි. එහිදී නොයෙක් දිලීර හෝ බැක්ටීරියා රෝග ඉක්මනින්ම ඇතිවීමට හැකියාව පවතිනවා. මේ සදහා හිස ඉතාම පිරිසුදුව තබාගැනීමටත්, අවශ්‍ය ගුණාත්මක ෂැම්පු වර්ග භාවිත කිරීමත්, තමාටම වෙන් වූ තුවායක් හා පනාවක් භාවිත කිරීමටත් ඒවා පිරිසුදුව තබා ගැනීමටත් පුරුදු වන්න.
මේ සඳහා ඔබට ගෙදරදීම ප්‍රතිකාර කරන්නත් පුළුවන්. දෙහි ගැට ටිකක් හා උළුහාල් ටිකක් එකතුකර හොඳින් තම්බා ගන්න. එය හොදින් පොඩිකර හිසේ ආලේප කරන්න. විනාඩි 30 කට පසු හිස සෝදා හරින්න. මේ ප්‍රතිකාරය සතියකට දෙවරක් බැගින් නොකඩවා මාස තුනක් කරන්න.
සටහන
ද විදුමිණි දිසාකරුණා
2019.07.31 තරුණි බලන්න.........>>
෴ Related Articles ෴
නිල්වල් දිගු කෙස් කලඹක් ලලනාවකගේ රුව ඔප්නංවන්නට...