පැපොල්වලින් ගෙනෙන අලංකාරය

පෙබරවාරි 12, 2024

පැපොල්, මී පැණි මිශ්‍ර කර සකසා ගන්නා ආලේපනය මඟින් ද, ඔබට නිවෙසේ සිටම සම පැහැපත් කරගැනීමට උපකාරී වේ.

මුලින් නැවුම් පැපොල් කෑලි කෝප්ප භාගයක් ගෙන සිනිඳු පේස්ට් එකක් ලැබෙන තුරු පොඩි කරන්න.

පේස්ට් එකට මී පැණි තේ හැන්දක් එකතුකර හොඳින් මිශ්‍ර කරන්න.

පැක් එක ඔබේ මුහුණේ ආලේපකර විනාඩි 20ක් පමණ තිබෙන්නට හරින්න. උණුසුම් ජලයෙන් ඔබේ මුහුණ සෝදා සීතල වතුරෙන් එය නැවත සෝදන්න.

ඔබේ සම වියළා ගන්න.

පැපොල්වල ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල සහ පැපේන් වැනි එන්සයිම අඩංගු වන නිසා, එමඟින් සමේ අපද්‍රව්‍ය ඉවත් කිරීමටත්, සමේ මැරුණු සෛල ඉවත් කිරීමටත්, කුරුලෑ කැළැල් මැකී යාමටත්, ලප කැළැල් නැති කිරීමටත් උපකාර වන අතර එමඟින් දිදුලන සමක් ලබාදේ. පැපේන් සම පැහැපත් කරන එන්සයිමයක් වන අතර, එහි ඉහළම සාන්ද්‍රණය පැපොල් ගෙඩියක ලෙල්ලේ පවතී. එම නිසා, පැපොල් ලෙල්ල ද, අපට සම පිරිසිදු කාරකයක් ලෙස යොදා ගත හැකියි.