සිත් පිනවන නෙත් යොමවන සැලෝන් එකක්

අප්‍රේල් 22, 2024

 

රූපලාවණ්‍යාගාරයේ උපකරණවල පිරිසුදුකම

රූපලාවණ්‍යාගාරයක් සිත් ළගන්නාසුලු පෙනුමින් යුතු වීමෙන් පාරිභෝගිකයා ඒ වෙත ඇදී එන්නේ නිරායාසයෙනි. බාහිර පෙනුම සේම රූපලාවණ්‍ය ශිල්පියාගේ වැඩ පහසු කරන උපකරණද රූපලාවණ්‍යාගාරයක තිබිය යුතුම වේ.

රූපලාවණ්‍ය ශිල්පියාට රූපලාවණ්‍යාගාරයක ඒ ඒ අංශයන්ට අදාළව උපකරණ භාවිත කිරීම හා නඩත්තුව, පිරිසුදු කිරීමේ හැකියාව ජීවානුහරණය කිරීම ආදිය පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. රූපලාවණ්‍යාගාරය තුළ නියමිත පරිදි උපකරණ තැන්පත් කිරීම මෙන්ම භාවිත කිරීමේ හැකියාව ද රූපලාවණ්‍ය ශිල්පියා විසින් ප්‍රගුණ කළ යුතු වේ.

 

රූපලාවණ්‍ය ශිල්පියා භාවිත කරන උපකරණ

 

* මැග්නිෆයින් ලාම්පුව - Magnifine Lamp

* සම විශ්ලේෂණ යන්ත්‍රය - Skin analaysis Machine

* ගැල්වනික් මැෂින් - Galvanic Machineසුදු කිරීමේ යන්ත්‍රය - Foit Spa

* විදුලි නියපොතු වියළනය - Nail Drayer

* ජීවානුහරණ උපකරණය - Sterilyzer

* ෆේෂල් බෙඩ්

* මෙනිකියු/පෙඩිනියු ටූල්

* එක්ස්ට්‍රැක්ට - Extrector

* ස්පොන්ජ්

* ටුවිසර්

* හෙඩ් බෑන්ඩ්

* බෝල්ස් ඇන්ඩ් බ්‍රෂර්ස්

* ෆේෂල් බෙඩ් කවර්

* මේක් අප් බ්‍රෂ් කිට්

* ස්ප්‍රේ බෝතල්

* වැක්ස් හීටර්

* හෙයාර් සෙටිං මැෂින්

 

මැග්නිෆයින් ලාම්පුව

 

සම හඳුනා ගැනීම සඳහා වන මෙම උපකරණය භාවිත කිරීමෙන් පසු විෂබීජ හරණය කර වීදුරු කොටස්වල පැල්ලම් රහිත වනසේ පිස දැමිය යුතුයි. එයින් මැග්නිෆයින් ලාම්පු හොඳින් පිරිසුදු වී තිබීම අපේක්ෂා කෙරේ.

 

පිරිසුදු කිරීමට අවශ්‍ය වන ද්‍රව්‍ය

 

* විෂබීජහරණ ද්‍රාවණයක්

* පිරිසුදු රෙදි කැබැල්ලක්

 

පිරිසුදු කරන අන්දම

 

* මැග්නිෆයින් ලාම්පුවේ විදුලිය විසන්ධි කර තිබීම

* මැග්නිෆයින් ලාම්පුවේ දූවිලි පිස දමන්න. *විෂබීජනාශක පොඟවන ලද රෙදි කැබැල්ලකින් පිස දැමීම

* වීදුරු කොටස පැල්ලම් නැති වන සේ පිස දමන්න.

 

සම විශ්ලේෂණ යන්ත්‍රය

 

සම මතුපිට කොටස් හඳුනාගැනීම සඳහා මෙම උපකරණය භාවිත කරයි. විදුලියෙන් ක්‍රියා කරන මෙය මුහුණේ සෑම තැනම භාවිත කරන බැවින් විෂබීජහරණය කළ පිරිසුදු රෙදි කැබැල්ලකින් පිරිසුදු කරගත යුතුයි. යන්ත්‍රයේ තිරය ටිෂූ හෝ රෙදි කැබැල්ලකින් පිස දමන්න. එමඟින් සම විශ්ලේෂක යන්ත්‍රය සම්පූර්ණයෙන්ම ජීවානුහරණය වී තිබීම අපේක්ෂා කෙරේ.

 

පිරිසුදු කරන අන්දම

 

* යන්ත්‍රයෙහි විදුලි සැපයුම විසන්ධි කරන්න

* සේවා දායකයාගේ මුහුණේ එහා මෙහා ගෙන යන උපකරණය විෂබීජනාශක යොදා පිස දමන්න

* යන්ත්‍රය තිරය පිරිසුදු රෙදි කැබැල්ලකින් පිස දමන්න.

 

හයිෆ්‍රීකුවෙන්සි යන්ත්‍රය

 

ෙමම යන්ත්‍රය භාවිත කරමින් කුරුලෑ පාලනය, රැලි සහිත සමට, සුදුමැලි හෝ අඳුරු ඇස් ඇතුළු විවිධ තැන්වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන ජනප්‍රිය සම ආරක්ෂක ක්‍රමවේදයකි. හයිෆ්‍රීකුවන්සි යන්ත්‍රයේ උපාංග සම්පූර්ණයෙන්ම පිරිසුදු වී තිබිය යුතුය.

 

පිරිසුදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය

 

විසබීජ නාශක යෙදූ පිරිසුදු රෙදි කැබැල්ලක් පිරිසුදු කරන පියවරයන්

* මුහුණට භාවිත කිරීමෙන් පසුව හයිෆ්‍රිකුවන්සී යන්ත්‍රයේ බටය ගලවන්න.

* එම බටය පිරිසුදු රෙදි කැබැල්ලකින් පිස දමන්න.

* ඉන්පසු අදාළ උපාංග පෙට්ටියේ තැන්පත් කරන්න.

 

ගැල්වනික් යන්ත්‍රය පවත්වා ගැනීම

 

රූපලාවණ්‍යාගාරය තුළ භාවිත කරන මෙම උපකරණය සම ශක්තිමත් කිරීමටත් සම එල්ලා වැටීම පාලනය කිරීමටත් භාවිත කරයි. එමෙන්ම ගැලවනික් යන්ත්‍රය හරහා කුරුලෑ, කැලැල් සුව කිරීම, මුහුණේ සමේ ඇති සියුම් රේඛා ඉවත් කිරීම, රැලි අඩු කිරීම, මතුපිට කැලැල් අවම කිරීම, සම ඉහළටම ඔසවා තැබීම මෙන්ම ඇස් වටා, ඇහි බැම වටා අඳුරු තැන්වල අඳුරු පෙනුම අඩු කිරීම සඳහාද ලිහිල් වූ සමට තද බවක් ලබා දීම සඳහාද භාවිත කරයි. මෙම උපකරණය ද සම්පූර්ණයෙන්ම පිරිසුදු වීම හා ජීවානුහරණය වී තිබිය යුතුයි.

 

පිරිසුදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය

 

* විෂබීජනාශක

* ජීවානුහරණ ද්‍රව්‍ය

* විෂබීජනාශක රෙදි කැබැල්ලක්

 

පියවරයන්

 

* සේවාදායකයාට භාවිත කිරීමෙන් පසු ගැල්වනික් යන්ත්‍රයේ මුහුණට අල්ලන උපාංග ආලේපන ඉවත් වනතුරු පිස දමන්න.

* නැවත විෂබීජනාශක පෙඟවූ රෙදි කැබැල්ලකින් එම උපාංග පිස දමන්න.

* ගැල්වනික් යන්ත්‍රයේ සේවාදායකයාගේ අතට දෙන උපකරණය විෂබීජනාශක යෙදූ රෙදි කැබැල්ලකින් පිස දමා දෙන්න.

* සියලුම උපාංග අනතුරුව පෙට්ටියේ තැන්පත් කරන්න.

 

එක්ස්ට්‍රැක්ට

 

මෙයින් එක්ස්ට්‍රැරයේ ආලේපන ඉවත්වීම සහ සම්පූර්ණයෙන්ම ජීවානුහරණය වීම අපේක්ෂා කෙරේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

* විෂබීජ නාශක රෙදි කැබැල්ලක්

* ජීවානුහරණයක්

* පිරිසුදු ජලය

* පිරිසුදු රෙදි

පියවරයන්

* එක්ස්ට්‍රැක්ටරයේ ආලේපන ඉවත් වී යනතුරු පිස දමන්න.

* විෂබීජනාශක යොදා පිරිසුදු ජලයෙන් සෝදාහරින්න.

* තෙත මාත්තු කරන්න.

* Sterlyzerයේ තැන්පත්කර ජීවාණුහරණය කරන්න.

ඉදිරිපත් කිරීම:

ප්‍රවීණ මනාලියන්

හැඩගැන්වීමේ සහ

රූපලාවණ්‍ය පිළිබඳ උපදේශිකා

ඉෂාරා කෝරළගේ