අවුරුදු 10කින්-15කින් තරුණ වෙන්න කැමැති ද?

චර්ම පිරවුම (Dremal Filler) ඔබේ සහයට
පෙබරවාරි 19, 2024

කෙනෙක් දුටුමතින්ම ආකර්ෂණය වන්නේ සිත් ළගන්නවා සුලු මුව කමලක් වෙතටයි. සුදුවීමටම අවශ්‍ය නැහැ. තලෙළු පැහැයේ විවිධ පරාසරයන්ගෙන් යුතු වුවත් පැහැපත් සමක් ඇති මුහුණක් දෙස කෙනකුට වරක් නොව නැවත හැරී බලන්නට තරම් සිතේවි.

තරුණ විය ඉක්මවා යෑමත් සමඟින් මුහුණේ, අතේ, බෙල්ලේ රැලි වැටෙන්නට පටන් ගැනීම ස්වභාවික සංසිද්ධියකි. ලස්සනට ඉන්න, හැමදාමත් තරුණ පෙනුම රැකගෙන ඉන්න සැරසෙන කෙනකුට මුහුණේ රැල්ල, මුහුණේ මාංසපේශී එල්ලා වැටීම විශාල පීඩාවකි.

රූපාලංකරණ වෛද්‍ය විද්‍යාවට අනුව ඔබට යම් අස්වැසිල්ලක් ලද හැකි වේවි. ඒ සඳහා ඔවුන් අනුගමනය කරනුයේ චර්ම පිරවුම (Dremal Filler)යි.

චර්ම පිරවුම සඳහා ගන්නා ක්‍රම අතින් මීට අමතරව අපේ් ශරීරයේම ඇති මේදය යොදාගත හැකියි. මේ සඳහා බොහෝවිට ගන්නේ උදර ප්‍රදේශයේ, කලව ප්‍රදේශයේ ඇති මේදයයි. එය සම යට පිරවුමක් හෙවත් චර්ම පිරවුම සඳහා එක් කරගනියි. වයසට යෑමත් සමඟ මුහුණේ, බෙල්ලේ, අත්වල ඇතුළු විවිධ ප්‍රදේශවල සම ඇතුළත ඇති කොලජන් සහ මේදය අඩුවීම නිසා සම එල්ලා වැටෙන්නට හෝ රැලි වැටෙන්නට පටන් ගනියි. චර්ම පිරවුමෙන් වන්නේ එය නැවත යථා තත්ත්වයට පත්කරලීමයි.

සිනහ ‍ෙර්ඛාව

සිනහ රේඛාව එනම් කම්මුලත් නාසයත් අතර කොටසේ රැල්ලක් ඇතිවීම වයසත් සමඟ ඇතිවන්නකි. චර්ම පිරවුම ඊට කදිම විසඳුමක් සපයාවි. පිරවුමෙන් පසු මුහුණේ ඇති රැල්ල කොහෙන් ගියේ දැයි සිතේවි.

එල්ලා හැලෙන කම්මුල් වෙනුවට

තරුණවිය ඉක්මවා යාමත් සමඟින් කම්මුල් පිරී තිබෙනු වෙනුවට එල්ලා වැටේ. කම්මුලේ ප්‍රමාණය එනම් කම්මුලේ පරිමාව අඩුවේ. ඒ සඳහා චර්ම පිරවුම යොදා ගැනීමෙන් කම්මුල් තිබූ තත්ත්වයට පත්වේ. මුහුණේ කම්මුල් අස්ථිවලට ඉහළින් ඇති අවකාශයට එන්නත් කිරීමක් මෙහිදී සිදු‍ ෙව්.

අත් රැලි වැටීමට පටන් ගැනීම ඔබට වයසත් සමඟින් උරුමවන දෙයකි. මෙය ඔබ වයසට ගොස් ඇති බව පෙන්නුම් කරන්නකි. එය යථාර්ථය වුවත් ඒ සඳහා විකල්ප යොදා ගනිමින් වෙනදා ඔබ වෙත තිබු ආකර්ෂණීය බව එලෙසින්ම රැකගත හැකිවනු ඇත. චර්ම පිරවුම ඒ සඳහා පිහිටට සිටින අතර මේදය සහ හයුලුරෝපික් අම්ලයේ මුසුවක් ඔස්සේ එය සිදු වේ.

මේ ඔස්සේ තොල්වලට ද නව පෙනුමක් ගෙනදිය හැකි්යි. සිහින් හෝ වයස් තොල්වල ප්‍රමාණය හැඩය වෙනස් කළ හැකි වේ.

හැඩති නිකටත්

නිකටේ හැඩය මුහුණට අත්‍යලංකාරයක් ගෙන දෙන්නකි. එක් එක් අයගේ නිකටේ හැඩය ට එකිනෙකට වෙනස් වෙයි. අැතැමුන්ට කැපී පෙනෙන නිකටක් නොමැති වුවත් තවත් කෙනකුට ඇත්තේ කැපී පෙනෙන නිකටකි.

නිකටේ පැතිකඩ හැඩ කිරීමට රූපාලංකරණ වෛද්‍ය විද්‍යාෙව් චර්ම පිරවුමට පුළුවන. ඒ ඔස්සේ වඩාත් තරුණ පෙනුමක් ගෙන දිය හැකියි. ඇතැම් අයගේ නිකටේ හකු අස්ථිය දිග වීම නිසා නිකටක් නොමැති සේ දිස්වේ. චර්ම පිරවුම ඔස්සේ ඔබේ මුහුණට සිත්ළගන්නා සුලු නිකටක් ගෙන දෙයි. චමත්කාරබවින් යුතු නිකටක් ප්‍රතිනිර්මාණය කරයි.

Jawline

වයසට යෑමත් සමඟින් මුහුණේ Jawline එක එනම්, කන අසල සිට නිකට දක්වා වන මුහුණේ අස්ථිය වටා ඇති මේදය සහ කොලජන් අඩුවීමත් සමඟින් මාංසපේශී ඉහිල්වන්න පටන් ගනියි. දැන් තරුණ වයසේ නිකටේ සහ Jawline එකේ තිබුණු හැඩය වෙනුවට දැකගත හැකිවන්නේ එල්ලා වැටුණු ස්වරූපයකි. මේදය නොමැති ස්වරූපයක් බැලු බැල්මට පෙනේ. මේ සඳහා ද අස්වැසිල්ලක් වන්නේ චර්ම පිරවුමයි. ඒ සමඟින් වියැකී ගිය පෙනුමට නව පෙනුම ගෙන දෙයි.

ඇස් යට

ඇස් යට ගිලා බැස තිබෙන මුහුණු ඔබ කෙතෙකුත් දැක ඇති. මෙය පාසල් යන වයසේ දරුවන් කෙරෙන් පවා දැකගත හැකි වන්නේ ඔවුන් නිදිවරාගෙන පාඩම් කටයුතුවල නියැළෙන නිසයි. එහෙත් මැදිවයස ඉක්මවා යෑමත් සමඟින් ඇස්යට ගිලා බැස තිබීම ස්වභාවිකව යථා තත්ත්වයට පත් නොවේ. තිබුණු පෙනුම රැක ගන්නට නම් එහිදීද චර්ම පිරවුම කළ හැකි වේ. එහි්දී ඔබේ මුහුණේ තිබු පෙනුම වැඩි දියුණු වේ. වඩාත් ප්‍රබෝධවත් බවක් ගෙන දේ. විඩාබර ගතිය නිවේ.

නාසයේ පෙනුම

එක් එක් අයගේ නාසයේ පෙනුම විවිධාකාරය. ඔබ ඔබේ නාසයේ පෙනුමට හැඩයට අකැමති නම් එය වෙනස් කරන්නට ශල්‍යකර්මයක්ම කළ යුතු යැයි සිතුවාද? චර්ම පිරවුම ඔස්සේ ශල්‍යකර්මයකට නොයා හැඩැති ස්වරූපයක් ගෙනදිය හැකියි. නාසයේ හැඩය වෙනස් කිරීමත් සමඟින් අාකර්ෂණීය පැතිකඩක් ගෙනදෙනු ඇත. බොහෝවිට නාසය ඇදට පිහිටා ඇත්තම් ඒ ඔස්සේ නාසය කෙළින් කළ හැකි වේ.

 

මුහුණේ ස්ථාන 8කට

මුහුණේ ස්ථාන 8ක චර්ම පිරවුම කිරීම මඟින් අවුරුදු 10 - 15කින් වයස ආපස්සට ගෙන දිය හැකිවීම හාස්කමක් යැයි සිතේවි. රූපාලංකරණ වෛද්‍ය විද්‍යාෙව් දියුණුවට අනුව එය හාස්කමක් නොව හැබැහින්ම විඳිය හැකි අත්දැකීමකි.

මෙසේ හාස්කමින් රැසක් ගෙන දෙන චර්ම පිරවුම කෙරෙහි ඔබේ දැනුම්වත්බව කෙසේද? එය අතුරු ආබාධ අවම ප්‍රතිකර්මයයි. ඉතාම ආරක්ෂිත එකකි. එන්නත් කළ සැණින් සුළු ඉදිමුමක් රතු වීමක් ලේ ගැලීමක් තිබුණොත් එය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වේ.

සරල ප්‍රතිකාර ක්‍රමවේදයන් මෙහිදී අනුගමනය කරයි. ඉතා සිහින් ඉදිකටුවක් හෝ කැනියුලා එකක් භාවිතයෙන් එම චර්ම පිරවුම අවශ්‍ය ප්‍රදේශයට එක්කළ හැකියි. පැය භාගයක් වැනි ඉතාම සුළු වේලාවක දී වෙනස දැනීමට හා දැකීමට හැකිවේ. චර්ම පිරවුම සම්පූර්ණ කිරීම සඳහා විනාඩි 30 -45 කට අතර කාලයක් ගතවන අතර සාමාන්‍ය ක්‍රියාකාරකම් සුපුරුදු පරිදි ඇරඹිය හැකියි.

චර්ම පිරවුම සඳහා මේදය එක් කළහොත් එය වසර 6- 8 කාලයක් පවතින අතර හයුලුෙරා්නික් අම්ලය යෙදුවහොත් මාස 06ක සිට වසර 3ක දක්වා කාලයක් ප්‍රතිඵල භුක්ති විඳිය හැකියි.

මෙහිදී කෙනකුට චර්ම පිරවුම යම් කලෙකදී අවශ්‍ය නොවේ යැයි හැඟුණහොත් ඒ සඳහා යොදා ගන්නේ හයුලුරොනික් අම්ලය නම් එය දියකර හැරිය හැකි වේ. එහෙත් මේදය තැන්පත් කළේ නම් කිසිවක් කළ නොහැකි වේ.

පර්යේෂණ රැසක ප්‍රතිඵලය මත බිහි වූ චර්ම පිරවුම දැන් දැන් ඉතාම ජනප්‍රිය අංගයක් වී ඇත. පිළිකා ඇතුළු අතුරු ආබාධ අවම වීම එය ජනප්‍රිය වීමට එකහෙළාම බලපෑ ඇති කරුණකි.

මොකක්ද මේ හයුලුරොනික් ඇසිඩ් මේ අපේ සිරුර තුළම නිපදවෙන අම්ල වර්ගයකි.

 

ඉදිරිපත් කිරීම :

රූපාලංකාරය පිළිබඳ

විශේෂිත පුහුණු වෛද්‍ය

ඩබ්ලිව්. ඒ නුවන් කුමාර