වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
පිග්මන්ටේෂන් පීඩාවක් වෙලා
ප්රශ්නය - 45 හැවිරිදි මාගේ මුහුණේ පිග්මන්ටේෂන් කැළැල් මතුව තිබේ. දැනට අවුරුද්දක පමණ කාලයක සිට මෙයින් පීඩා විඳින අතර මේ සඳහා ප්‍රතිකාර ගත හැකිද? ක්‍රීම් වර්ග භාවිත කරන නමුත් අඩුවක් වී නැත.
මීගමුවේ කුමාරි
පිළිතුර - පිග්මන්ටේෂන් කියා අප හඳුන්වන්නේ සම මත ඇතිවන අඳුරු ලප වර්ගයකි. මේවා දුඹුරු හෝ කළු වර්ණයෙන් දැකිය හැකියි. බොහෝ විට කම්මුල් දෙපස ඇතිවී පසුව මුළු මුහුණ පුරාම පැතිරී යයි. එයින් මුහුණට රෝගී පෙනුමක් ගෙන දෙයි.
පිග්මන්ටේෂන් ඇතිවීමට හේතු ගණනාවක් බලපෑ හැකියි. මෙලනින් වර්ණකය සමේ තැනින් තැන එක් රැස්වීමෙන් ද පිග්මන්ටේෂන් ඇතිවේ. සම අධික හිරු එළියට නිරාවරණය වීම ද හේතුවකි. ජානවල බලපෑම, හෝර්මෝන වෙනස්වීම්, බ්ලීචින් ක්‍රීම් වර්ග භාවිතය, උපත්පාලන පෙති, යම් රෝගයකට ගන්නා බෙහෙතක අතුරුඵලයක් නිසා ද වයස්ගතවීමත් සමඟ ඇතිවන වෙනස්කම් ආදී හේතු ද බලපෑ හැකිය.
මෙවැනි අවස්ථාවකදී සම හිරු එළියට නිරාවරණවීමෙන් තත්ත්වය තවත් උග්‍ර විය හැකියි. එබැවින් අව්වට යෑමට පෙර සන්ස්ක්‍රීන් ක්‍රීම් ආලේප කරන්න.
දෙහිවල ඉතා බහුල ලෙස විටමින් ඛ් හා සිට්රික් ඇසිඩ් අඩංගු වන බව බොහෝ දෙනෙක් දන්නවා. මේ මඟින් සමේ අඳුරු ලප ස්වාභාවිකව ළා පැහැයට හරවනවා. දෙහි බෑයක් ගෙන දිනපතා ලප ඇති තැන්වල ආලේපකර බලන්න. ඒ වගේම ලෙමන් හා මී පැණි පැක් එකක් ආකාරයට ආලේප කිරීමත් ඉතාම හොඳයි.
සමේ ඇති බොහෝ ගැටලු සඳහා කෝමාරිකා සොබාදහමේ ඇති විස්මිත ප්‍රතිකාරයක්. පිලිස්සුම් ලප කැළැල් ද කෝමාරිකා මඟින් සුවකළ හැකියි. කෝමාරිකා මදය ගෙන ලප සහිත ස්ථානවල ආලේප කරන්න.
සෑම දිනකම රාත්‍රී නින්දට පෙර මී කිරි ලප සහිත ස්ථානවල ආලේප කිරීමෙන් ද ප්‍රතිඵල ලබා ගත හැකිය.
2019/10/02 තරුණි බලන්න