වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඇහි බැම වර්ධනය කරගන්නේ කෙසේද?
ලස්සන දෙබැමක් ළඳකගේ මුහුණට ගෙනෙන්නේ ආකර්ෂණීය පෙනුමකි. එහෙත් බොහොමයක් අයට ඇති ගැටලුවක් වන්නේ තමන්ගේ ඇහි බැම හරියාකාරව වර්ධනය වී නොමැති වීමයි. නැතිනම් ක්‍රමවත් වර්ධනයක් නැති වීමයි.
සමහරුන්ට ඇහි බැම තිබ්බාට ඒවායේ එකදු රෝමයක්වත් නැත. ඒ නිසා ලස්සන දෙබැමක් සකසාගන්නට හිතන ඔබ දැනුවත්ව සිටිය යුතු කරුණු කිහිපයකි මේ. සමහරු ඇහි බැම වර්ධනය වන්නට ඉඩ නොතබා හිතුමතේ ත්‍රෙඩිං කිරීම, වැක්ස් කිරීම මෙන්ම රේසර් මඟින් ඉවත් කිරීම ද කරයි. හරියාකාරව වර්ධනය වී නොමැති ඇහි බැම එමඟින් තවත් විකෘති වී යා හැකියි.
ඒ වගේම ඇහි බැම සැකසීමට රේසර් භාවිත නො කළ යුතුම බව සිහිතබා ගන්න.
වැඩෙන්න ඉඩහරින්න
ලස්සන ඇහි බැම දෙකක් සකසා ගන්නට හිතනවා නම් ප්‍රථමයෙන් ඔබේ ඇහි බැමවල ස්වාභාවික හැඩය කුමක් දැයි හඳුනාගත යුතුයි.
ඒ වගේම මොනතරම් ප්‍රමාණයකට ඇහි බැම වර්ධනය වනවා දැයි හඳුනාගත යුතුයි.
ඒ නිසා පළමුව ඇහි බැම වැක්ස් කිරීම, ත්‍රෙඩිං කිරීම හෝ වෙනයම් ඕනෑම ක්‍රමයකට ගලවා ඉවත් කිරීම නතර කරන්න. ඔබේ ඇහි බැම හරියාකාරව වර්ධනය කරගැනීමටත් අලංකාර කර ගැනීමටත් අවශ්‍ය නම්, ඔබ ඒවා නො කළ යුතුමය. අවම වශයෙන් සති 12 ක් වත් කිසිදු ආකාරයක හැඩගැන්වීමක් නො කර නිදහසේ වැඩෙන්න හරින්න. ඇහි බැම සම්පූර්ණයෙන්ම වැඩීමට වසරක් පමණ ගත වේ.
පීරන්න
ඔබේ ඇහි බැම නිතර නිතර පීරීම ඒවා වර්ධනය සඳහා උත්තේජනයකි. ඒ නිසා සිහින් පනාවක් හෝ බ්‍රෂ් එකක් ගෙන දිනපතා ඇහි බැම හොඳින් නිවැරැදි හැඩයට පීරන්න.
ඇහි බැම සශ්‍රීකව වැඩීමට එය උපකාරී වන අතර අක්‍රමවත්ව වර්ධනය වන ඇහි බැම හැඩයකට සකසා ගැනීමට ද එය ප්‍රයෝජනවත්.
අන්තර්ජාලයෙනි
2019/10/30 තරුණි බලන්න