වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
සුදු ලූනු මහෝෂධයක් වුවත් පමණ දැන ගත යුතුයි
සුදු ලූනු පොඩි කරන්න එපා යැයි පැවසුව ද සුදු ලූනුවල ඇත්තේ කිසිසේත්ම අවතක්සේරු කළ හැකි ගුණයක් නොවෙයි. ආයුර්වේදයට අනුව වාතය නසන සුදු ලූනු බොහෝ රෝගවලට ගුණ දෙන මාහැඟි ඔසුවකි.
එක් සුදු ලූනු බිකක ( ග්‍රෑම් 3 ක පමණ ) කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 1, සෝඩියම් මිලිග්‍රෑම් 1 ක්, පොටෑසියම් මිලිග්‍රෑම් 12 ක්, කැල්සියම් මිලිග්‍රෑම් 5 ක් අඩංගුය.
වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති ආයුර්වේදයේ පමණක් නොව නූතන වෛද්‍ය විද්‍යාව මඟින් ද සුදු ලූනු ගෙඩියේ මාහැඟි ගුණ අනාවරණය කරගෙන තිබේ. අධික රුධිර පීඩනය අඩු කරන, හදවතේ ගුණය සුරකින, ඇල්ෂයිමර් - ඩිමෙන්ෂියා වැනි මතකය අහිමි කරන රෝග වළක්වන, අක්මාව සුරකින, පිළිකා වළක්වන ගුණයක් මෙහි පවතී. වැසි සහිත කාලයට වැඩි දෙනකු සෙම්ප්‍රතිෂ්‍යාවට ගොදුරු වීමේ ඉඩ කඩ වැඩිය. නවීන විද්‍යා පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත්තේ දිනපතා සුදු ලූනු කෑමට ගන්නවා නම් සෙම්ප්රතිෂ්යාව, ෆ්ලූ වැනි තත්ත්වයන්වලට පහසුවෙන් ගොදුරු නොවන බවය. ආර්තවහරණයෙන් පසු අස්ථිවල ධාරිතාව අඩුවීම කතුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. සුදු ලූනුවල කැල්සියම් අඩංගු නිසා අස්ථි ක්ෂීණ වීම අවම කරයි. පි්රි්රයමනාප ගන්ධයක් නැතත් බොහෝ චර්ම රෝගවලට සුදු ලූනු කදිම පිළියමකි. සොරයිසිස්, දිලීර, වෛරස් ආසාදන වළක්වක තුවාල සුව කරන සම වයස් ගත වීම වළක්වා තාරුණ්‍යය රැක දෙන තුණයක් සුදු ලූනු සතුව තිබේ.
ලෙඩට අත්බේත්
* උණ ඇතිවිට සුදු ලූනු බිකක් තලා ගිතෙල් ස්වල්පයක් එක්කර උණ පවතින තුරු දිනපතා උදෑසනට ආහාරයට ගන්න.
* කන් කැක්කුම ඇති විට සුදු ලූනු බිකක් කනේ ගැසීම දකුණු ඉන්දීය චාරිත්රයකි.
* අජීර්ණය පවතින විට සුදු ලූනු කුඩු තේ හැඳි 1/4 ක් ත්‍රිපලා හැඳි භාගයක් සහ සහිඳ ලුණු ස්වල්පයක් සමඟ මිශ්‍රකර දිවා ආහාරයට පෙර සහ රාත්‍රී ආහාරයට පෙර ගන්න. සුදු ලූනු ගෙඩියක් තලා කුඩුකර ගත් සූදුරු, සහිඳ ලුණු ස්වල්පයක්, ත්‍රිපලා ස්වල්පයක් සහ දෙහි යුෂ තේ හැන්දකට මිශ්‍රකර ආහාර වේලකට පෙර ගැනීම ද අජීර්ණ්යට විසඳුමකි.
* අහිතකර කොලෙස්ටරෝල් වැඩි නම් තරබාරු නම් ගාගත් ඉඟුරු තේ හැඳි භාගයක් , දෙහි යුෂ තේ හැඳි භාගයක් සමඟ සුදු ලූනු බිකක් ආහාරයට ගන්න.
* ඉදිමුම් සහ වේදනාවට – සුදු ලූනු ගෙඩියක් තලා පල්පයක් සාදා අදාළ තැන ගල්වන්න.
සුදු ලූනු සහ රුව - ස්ථුලතාව රුව වනසන සතුරෙකි. සුදු ලූනු සහ මී පැණි මේ සඳහා රන්රස සේ පෑහෙන සුසංයෝගයකි. සෑම උදෑසනකම මී පැණිවලින් නැහැවුණු සුදු ලූනු බිකක් රස විඳීමෙන් මේ සුව වාසිය ලබා ගත හැකිය. පිරිසුදු ජෑම් බෝතලයක නැවුම් සුදු ලූනු සහ මී පැණි ගබඩා කර තබා ගන්න.
ස්ථුලතාව අඩු කර ගැනීමට පමණක් නොව තව සුව වාසි බොහොමයක් මෙයින් අපට ලබා ගත හැකිය.
එමඟින්,
අධික රුධිර පීඩනය අවම කරගැනීමට පුළුවන
අහිතකර කොලෙස්ටරෝල් මටිටම අඩු කර ගැනීමට හැකි වෙයි.
ඉන්දියානු ආයුර්වේද උපදෙස් ඇසුරිනි
2019/11/13 තරුණි බලන්න