වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
හදවත සුරකින දොඩම්
දොඩම් පානය පලතුරු බීම අතර සුමිහිරිම පලතුරු බීමකි. දොඩම් ලෙල්ල පවා රස ආකරයකි. දොඩම් ලෙල්ල සිහින්ව ගාගත් විට රස කැවිලිවල මිහිර තවත් වැඩි කරයි. බාල මහලු කියා වෙනසක් නැතිව සැවොම ඕනෑම මොහොතක දොඩම් ගෙඩියක රස බැලීමට කැමැතිය.
මේ රස ආකරයේ වටිනාම විටමිනය කවුරුත් දන්නා පරිදි විටමින් සී ය. විටමින් සී කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි. ඊට අමතරව මෙහි බීටා කැරොටීන්, පොටෑසියම්, පොස්පරස්, කැල්සියම්, මැග්නීසියම්, තන්තු යහමින් අඩංගුය. මේ බලසම්පන්න පෝෂක නිසා සිරුරට ප්‍රතිප්‍රදාහ, ප්‍රතිවෛරස, ප්රතික්ෂුද්රජීවී ගුණයක් ලැබෙයි.
සුවය සදන ක්‍රම
*දොඩම්වල පොටෑසියම් බහුලයි. පොටෑසියම් රුධිර පීඩනය ක්‍රමවත් කරයි.
*අහිතකර කොලෙස්ටරෝල් අඩු කරයි. දොඩම් තන්තුවලින් පොහොසත්ය. තන්තු ආහාර ජීර්ණ පද්ධතියෙන් අහිතකර කොලෙස්ටරෝල් උරා ගැනීම අඩුකරයි. විටමින් සී, පොටෑසියම්, ෆ්ලේවනොයිඩ කොලෙස්ටරෝල් අඩු කරන දොඩම්වල අඩංගු අනිත් ද්‍රව්‍යයයි. කොලෙස්ටරෝල් අඩු කරන ගුණයත්, පොටෑසියම් සහ විටමින් සී අඩංගු නිසාත් හදවතේ සුවය සුරැකෙයි.
*දියවැඩියා රෝගීන්ට දොඩම් සුබ ආරංචියක් රැගෙන එයි. දියවැඩියා රෝගීන්ට පැණි රස ආහාර බොහොමයක් අහිතකරය. එහෙත් දොඩම් ඒ අයට හිතකර පානයකි. රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත්ව පවත්වා ගැනීමේ හැකියාව දොඩම් සතුය. මෙහි අඩංගු තන්තු රුධිරයේ සීනි උරා ගැනීම අඩු කරයි. මේ ගුණය ලබා ගැනීමට නම් දොඩම් යුෂ පමණක් රස නොබලා දොඩම් බික් පිටින් කෑමට ගත යුතුය.
*වයස්ගත වන විට සමෙහි තාරුණ්‍යය සුරැකීම බොහෝ දෙනකුට ගැටලුවකි. දොඩම් සතුව විටමින් සී, ජලය අඩංගු නිසා කොලජන් නිපදවීම උත්තේජනය කරයි. කොලජන් සමෙහි තාරුණ්‍යයට අයිතියි.
*සිට්රේට් ඌනතාව වකුගඩුවල ගල් සෑදීමට හේතුවෙයි. දොඩම් මුත්රාවල සිට්රේට් මට්ටම වැඩි කරයි. ඒ නිසා මුත්‍රාගල් සෑදීමේ ඉඩ ද අඩු වෙයි. දොඩම්වල අඩංගු කැල්සියම් නිසා ද මුත්‍රා ගල් සෑදීම අඩු වෙයි.
*එක්තහීනතාවට පිළියමකි. දොඩම්වල අඩංගු ඉහළ ෆෝලික් අම්ල ප්‍රමාණය රක්තහීනතාව අඩු කරයි.
*ප්‍රතිශක්තිය ඉහළ නංවයි. විටමින් සී ප්‍රතිශක්තිය ඉහළ නංවයි. මෙහි ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට අවශ්‍ය ෆෝලේට්, තඹ අඩංගුය.
* ආන්ත්රික පිළිකා අඩු කරයි. දොඩම්වල අඩංගු තන්තු මලබද්ධය වළක්වන අතර ජීර්ණය දියුණු කරයි. ඒ නිසා වාතය නිපදවෙන්නේ ද අඩුවෙනි. මේ සියල්ල අන්ත්‍ර පිළිකා අඩු වීමට හේතු වෙයි.
2019/12/15 තරුණි බලන්න