වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ලස්සන වෙන්න නිසි අවබෝධය වැදගත්
සුන්දරත්වයේ දෙව්දුව ලෙසින් හඳුන්වන්නේ වීනස්. අපි ලස්සන කාන්තාවක් දුටුවිට ඇගේ අඟපසඟවල සුන්දරත්වයෙන් වශීකෘත වූ විට කියන්නේ ඈ නම් වීනස් දෙව්දුව තරම් ලස්සනයි කියලානේ.
ඒත් ඉතිං අපි හැමෝම වීනස් දෙව්දුව තරම් ලස්සන නැති වෙන්න පුළුවන්. ඒත් අපි සතුව වීනස්ටත් වඩා ලස්සනක් තියෙන්නත් පුළුවන් නේද? මොකද අපි ඇත්තටම වීනස්ව දැකලා නැහැනේ. ඒත් ඔබ කවදාවත් එහෙම හිතුවේ නෑ නේද?
ඔන්න එහෙනම් අද ඉඳන් හිතන්න ගන්න. “මමත් ලස්සන ගැහැනියක්”, මමත් ලස්සන යුවතියක්” මෙන්න මේ සිතුවිල්ල ධනාත්මක වෙනතරමට ඔබ ලස්සන වෙනවා. හැබැයි ඉතිං ඒ සඳහා ඔබේ හිතත් බොහොම ලස්සන වෙන්න ඕනේ. ඊර්ෂ්‍යාව, කුහකකම, ආඩම්බරකම ඔබ වෙතින් දුරස් වෙන්න ඕනේ. නිහතමානී වූ තරමට, ත්‍යාගශීලී වූ තරමට, කරුණාවන්ත වූ තරමට ඔබ ලස්සන වෙනවා.
ඉතිං ඔබ ලස්සන කරන රහස් සමඟ ගෙන එන අලුතින් සිතන්න විශේෂාංගය ඔබ වෙනුවෙන්මයි.
අපි දැන් හොඳින්ම දන්නා දේ තමයි, තැනට සුදුසු විදිහට Makeup කරන්න ඕනේ, ඇඳුම් අඳින්න ඕනේ, හැසිරෙන්න ඕනේ කියන එක. ඒ සුදුසු විදිහ මොකක්ද කියන එක ගොඩාක් අයට ගැටලුවක් බව වැටහෙනවා. සමහරු කතා කරලම අහනවා කොහොමද අඳින්න ඕනේ, Makeup දාන්න ඕනේ කියලා. මේ ගැටලුව තියෙන්නෙම ගෙදර සිටින කාන්තාවන්ට සහ නිල ඇඳුම් අඳින පිරිසටයි.
ගෙදර ඉන්න අම්මා කෙනෙක් ගොඩාක් වෙලාවට Makeup කරන්නේ wedding එකකට party එකකට යද්දි. මොකක් හෝ උත්සව අවස්ථාවක දී බොහොම අඩුවෙන් එහෙමත් නැත්නම් බොහොම වැඩියෙන්. විවාහ වීමට පෙර රූපලාවණ්‍ය ගැන උනන්දුවක් නැතිනම් කොහෙත්ම ඒ ගැන සැලකීමක් දැනුත් නැතුව ඇති. බොහොමයක් කාන්තාවො තමන්ගෙ wedding එක දවසට විතරමයි makeup කරලා තියෙන්නෙ. එහෙම කාන්තාවො බොහොමයක් මුණගැසිලා තියනවා. facial කරලා තියෙන්නේ විවාහයට විතරයි. නැත්නම් කොහෙත්ම නැහැ, එදායින් පසු කවදාවත් salon එකකට අඩිය තියලා නැහැ. එහෙම අයගෙ දරුවො අසීමිතව රූපලාවණ්‍ය ගැන උනන්දුවෙනවා දැකලා තියෙනවා. ඒ වගේම තමන්ට බැරිවුණ fashion ටික style ටික දුවට කරන්නත් පුදුම උනන්දුවක් අම්මලට තියෙනවා. දැන් ඉන්න අම්මලා, විවාහක කාන්තාවෝ රූපලාවණ්‍ය සම්බන්ධ පන්තිවලට සහභාගී වෙනවා. එය හොඳ ප්‍රවණතාවක්. නිසි අවබෝධයකින් යුතුව, රූපලාවණ්‍ය වෙත යොමුවීමට පුළුවන් නම් එය අප අගය කළ යුතුයි. ව්‍යාපාරයක් විදිහට නොවුණත් ඔබ සුන්දර, ලස්සන, හැඩකාර ළඳක් වීමට ඒ දැනුම අත්‍යවශ්‍යයි.
2020/02/05 තරුණි බලන්න