ලස්සන වෙන්න නම් පිරිසුදුකම හරිම වැදගත්

පෙබරවාරි 26, 2020

බොහොම ලස්සනට අඳින පලඳින ළඳුන් අප අතර හිඳිනවා. හැබැයි මේ අයගෙන් බොහෝදෙනකුගේ පෞද්ගලික පවිත්‍රතාව නම් බිංදුවයි. ලස්සන ඇඳුමක් ඇඳලා මේක්-අප් කළාට වැඩැක් නැහැ ඔබේ පිරිසුදුකම බිංදුව නම්. ඒ අපිරිසුදුකම ඔබේ ලස්සන සොරාගන්නවා.

සමහරු ළඟින් එන දහදිය ගඳ අවට ඉන්න අයටත් දරාගන්න බැහැ. මුඛයෙන් එන ගඳ නිසා කතා කරන්න හිතෙන්නෙත් නැහැ. තවත් අය ඉන්නවා පිරිසුදුකම ගැන කියනවා විතරයි. ඒත් කන්න ගියාම අත හෝදන්නෙවත් නැහැ. සමහරු එකම ඇඳුම හෝදන්නෙ නැතුව දවස් කිහිපයක් ම අඳිනවා. තවත් අය යට ඇඳුම් පවා නොසෝදා අඳිනවා. ඔබත් මෙහෙම කෙනෙක් නම් ඔබ මොනතරම් ලස්සනට ඇන්දත් වැඩක් නැහැ. ඔබ නැති තැන ඔබේ යාළුවෝ කතාවෙන්නේ ඔබේ මේ අපිරිසුදුකම ගැනයි. ඒ හිනදම ඔබේ ලස්සන ගැන හිතන අපි මේ පිළිබඳ කතා කරන්නයි අද සූදානම් වන්නේ.

මුහුණ පිරිසුදු කරන්න ජ්චජඥ ඹචඵඩ භාවිත කිරීම වැදගත්. මුහුණේ සම පිරිසුදු කිරීමට වගේම පිරිසුදු කිරීමට භාවිත කරන දේවලුත් පිළිවෙළකට තිබිය යුතුයි. කෘත්‍රිම සේදුම් කාරක වගේම ස්වාභාවික දේ යොදා සාදාගත් දේවල් ගැන ද සැලකීම වටිනවා. මේ දේවල් ප්‍රමිතියකට නිෂ්පාදනය වී තිබීමයි වැදගත්.

තමන්ගේ සමට ගැළපෙන ටචජඥ ඹචඵඩ, ජපඥචථ තෝරා ගන්න. උදේ සවස මුහුණ හොඳින් සෝදා පිරිසුදු කරගෙන ක්‍රීම් ආලේප කරන්න. තවත් වැදගත්ම දෙයක් තමයි ඔබ මුහුණ පිහදාන තුවාය. ඔබ හිස හා සිරුර පිහදාන තුවාය මුහුණ පිහදෑමීමට භාවිත කරන්න එපා. හොඳම දේ ටිෂූ (ටචජඪචත බඪඵඵභ) භාවිතයයි. එය ඔබට අපහසු නම් පුංචි ෆේස් ටවල් (ටචජඥ බධඹඥත) එකක් තබාගන්න. එය හොඳින් වේළා භාවිතයට ගන්න. කුරුලෑ හෝ ආසාදන බිබිලි මුහුණේ හා බෙල්ල පිටුපස ඇතිවිය හැකියි. එම නිසා මුහුණට වෙනම බධඹඥත භාවිත කිරීමෙන් මෙම අපහසුතාවන් ඉක්මනින් දුරු කරගැනීමට පුළුවන්.

බෙල්ල හා කිහිලි ප්‍රදේශ අවපැහැ වී ඇත්නම් ස්ක්‍රබ් එකක් භාවිතකර එම ප්‍රදේශ සියුම්ව අතුල්ලන්න. එලෙස මැරුණු සම ඉවත් කිරීම මඟින් අවපැහැ ගැන්වුණු ප්‍රදේශ පැහැපත් කරගැනීම පහසුයි.

අනවශ්‍ය ලෙස හිරට, තදට, යට ඇඳුම් ඇඳීම නිසා ද සිරුරේ අසාත්මිකතා ඇතිවිය හැකියි. බ්‍රෙෂියර් පටිවලට උරහිස් මත දාර ඇතිවී ඒවා කළු වීම අවපැහැ වීම සිදුවේ. යට සායේ ඉලාස්ටික් තදවීම නිසා ඉණ වටා ද දාර පිහිටා ඒවා කළුවීමට බලයි. පෑන්ටි, ටයිට්, ෂෝට් නිසා ද මේ තත්ත්වය ඇතිවෙනවා. කපු රෙදිවලින් තොර යට ඇඳුම් ඇඳීම නිසා කාන්තාවන් අපහසුතාවලට මුහුණ දෙනවා. දිලීර ආසාදන ඇතිවීම ද බහුලව දකින්න පුළුවන්. දවස පුරාම ඇඟ වැසෙන සේ තදට ඇඳුම් ඇඳගෙන සිටීම නිසා සිරුරට දැනෙන්නේ පුදුම අපහසුවකි.

පාසල් යන දරුවන්, රාජකාරිවල නියුතු පිරිස දවස පුරා සිරුරට තදවන සේ ඇඳුම් ඇඳ සිටීමෙන් විවිධ රෝගවලට මුහුණ දෙනවා. එම නිසා තම සිරුර පුළුවන් සෑම විටම හොඳින් සෝදා පිරිසුදුව තබාගන්න. ඝර්මකලාපීය රටක වෙසෙන අපට දහදිය දැමීම වැඩියි. අව්ව තදින්ම පතිත වන නිසා කපු ඇඳුම් යටට සහ උඩට ඇඳීම ඉතාමත් යෝග්‍යයි.

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා

2020/02/26 තරුණි බලන්න.