නිය හැඩ කරමු

ජුනි 23, 2021

 මේ දවස්වල ගෙදරටමවෙලා ඉන්න දෝණිට පුළුවන් තමන්ගේ හැඩ රුව ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න. ඒ නිසා අද නිය කපාගත් හැකි හැඩයන්, නිය පිරිසුදු කරගන්නා ආකාරය වගේම නිය මත නිවැරැදිව නිය ආලේපන ගලව ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුළුවන්.

පළමුවෙන්ම අපි බලමු නිය පිරිසුදු කරගන්නා ආකාරය.

නිය මත් නිය ආලේපන ගල්වා ඇත්නම් නේල් පොලිෂ් පුළුන් කැබැල්ලක ගල්වා නිය මත තබා මෘදුව අතුල්ලා ඉවත් කරන්න. ඉන්පසුව සබන් වතුර සහිහ බේසමක නිය තබාගෙන පෙඟෙන්නට විනාඩි 10 ක් පමණ හිඳින්න. එය අංක 01 පින්තූරයෙන් දැක්වේ. එසේ සිට පසුව පිටතට ගෙන පිරිසුදු වතුරෙන් සෝදා තෙත මාත්තු කරගන්න. දැන් ඔබේ නිය ඔබ කැමැහි හැඩයකට කපා ගත හැකියි.

අංක 02 පින්තූරයේ දැක්වෙන්නේ ඔබේ නිය කපාගතහැකි විවිධ හැඩයන් කිහිපයකි. මෙයින් කැමැති හැඩයකට ඔබේ නිය කපාගන්න.

නිය වටේ හම කැඩී ඉලිප්පී ඇත්නම් පිරිසුදු කතුරකින් පරිස්සමෙන් කපා ඉවත් කරන්න. අංක 03 පින්තූරය එය ඔබට පැහැදිලි කරයි.

ඔන්න දැන් ඔබට පුළුවන් නියමිත නිය ආලේපන ගල්වන්න. නිය ආලේපන ගල්වන ආකාරය අංක 04 රූපයේ දැක්වේ. එම පින්තූරයේ නිය පොතු දහයක් මඟින් එය විස්තර කර තිබේ.

එහි 1 මඟින් පිරිසුදුකර කපාගත් නිය පෙන්වයි. 2 බේස්කෝට් ගල්වා ගැනිමයි. දැන් නිය ආලේපන බෝතලය හොඳින් සොලවා එහි ඇති පින්සල පිටතට ගන්න. එහි ඇති වැඩිපුර නිය ආලේප බෝතලයට ගසා එය පිටතට ගත යුතුයි.

දැන් සමේ නොගෑවෙන සේ නියේ පහළ හරි මැදින් මින්සල තබන්න. නිය පොත්ත සම අතර යාන්තමට පරතරයක් තිබෙන සේ මින්සල නිය පහළට තල්ලු කරන්න. දැන් පින්සල නියේ උඩට නය අවසන් වන තෙක් ඇදගෙන එන්න.

පින්සල පිටතට ගෙන නිය පහළින් තබා වෘත්තාකාරලෙස පින්සල් අනෙක් පසට ගෙන යන්න.

6 හා 7 නිය පොතු බලන්න. අංක 8 හා 9 නියපොතු අනුව නිය පොත්තේ අනෙක් පස ද ආලේපන ගල්වා ගන්න.

අංක 10 නිය පොත්ත සම්පූර්ණයෙන් ගැල්වූ විට දිස්වන ආකාරයයි. ඔබට අවශ්‍ය නම් තවත් වරක් හෝ දෙවරක් එලෙස ගල්වා නිය වියළා ගන්න.