සියල් සපිරි සැලෝන් එකක්

මැයි 13, 2024

 

සැලෝන් එකක් සිත්ගන්නා සුලු පෙනුමකින් යුතුව පවත්වාගෙන යෑම පාරිභෝගික ආකර්ෂණය නොමඳව දිනාගැනීමට සෘජුවම බලපාන්නක්.

 

පිළිගැනීමේ කවුන්ටරයේ සිට වොෂ්රූම් එක දක්වාම මේ ප්‍රියමනාප බව පවත්වාගත යුතුයි.

සැලෝන් එකක එක් එක් ස්ථාන ඊට ආවේණික අන්දමින් පිරිසුදුව පිළිවෙළට තබාගත යුතු අන්දම පිළිබඳ මෙලෙස දැනුම්වත් වෙමු.

 

පිළිගැනීමේ ස්ථානය

* පිළිගන්නා ස්ථානයේ පොළොව අතුගා මොප් කර තැබිය යුතුයි.

* මොප් කිරීමෙන් අනතුරුව සේවාදායකයින් ලිස්සීම වැළැක්වීම සඳහා තෙත මාත්තු කිරීම.

කුණු තැවරෙන සෑම විටම අතුගා මොප් කළ යුතුයි.

* ප්‍රසන්න සුවඳක් ⁣හමන එයාර් ෆ්‍රෙෂ්නර් වර්ගයක් යොදන්නත් අමතක කරන්න එපා.

* පිළිගන්නා කවුන්ටරය (Reception Counter) පිසදැමීම.

* අදාළ පොත්පත් පිළිවෙළට තැබීම.

* දුරකථනය විෂබීජ නාශකයකින් පිසදා පිරිසුදු කිරීම.

* සේවාදායකයන් සඳහා පිරවිය යුතු ෆෝම් අවශ්‍ය පමණ කවුන්ටරය මත තබා ගැනීම.

* මල් සැකසුම පරීක්ෂාකර සෑම විටම අලුත් මල් යොදා සකසා තිබීම.

* පිළිගන්නා ස්ථානයේ ඇති පුටු දිනපතා පිරිසුදු කර ඒ මත කියවන්නට ගත් සඟරා පුවත්පත් ඉවත් කිරීම.

* පොත් රාක්කයේ පොත්පත් සහ පුවත්පත් පිළිවෙළට අසුරා තැබී⁣ම.

* විදුලි පහන් සියල්ල දැල්වෙයි දැයි බැලීම.

* වායුසමීකරණ සහ (අවශ්‍ය වුවොත්) විදුලි පංකා ක්‍රියාත්මක වන්නේදැයි සෑම දිනකම උදෑසන පරීක්‍ෂා කිරීම.

* රූපලාවණ්‍යාගාරයේ ඇතුළුවන දොරටුව අසල සෑම විටම පිරිසුදුව තැබීම.

* සේවාදායකයින්ගේ අත් බෑග්, රන් ආභරණ, වෙනත් වටිනා දෑ තැබීමට කැබින් කබඩ් සූදානම් කර තැබීම.

 

ෆේෂල් කාමරය (Facial Room)

* ෆේෂල් කාමරයේ පොළොව අතුගා මොප්කර තැබීම

* මොප් කිරීමෙන් අනතුරුව සේවාදායකයින් ලිස්සීම වැළැක්වීම සඳහා තෙත මාත්තු කිරීම (කුණු තැවරෙන සෑම විටම අතු ගා මොප් කිරීම).

* සෞම්‍ය එයාර් ෆ්‍රෙෂ්නර් වර්ගයක් යෙදීම.

* ෆේෂල් ඇඳ විෂබීජ නාශකයකින් පිස දමන්න.

* අලුත් ඇතිරිලි යොදා පිරිසුදු තුවා සූදානම් කරන්න.

* ෆේෂල් සඳහා අඳින ඇඳුම් පිරිසුදුකර තබන්න.

* ආලේපන වර්ග සූදානම් කරන්න.

* ආලේපන වර්ග අවසන් වී ඇත්නම් නැවත අලුත් ආලේපන වර්ග ගෙන්වා ගන්න.

* සෑම විටම කල් ඉකුත්වීමේ දිනය පරීක්ෂා කරන්න.

* එක්සැක්ටර්ස් ජීවානුහරණකයේ දමා ජීවානුහරණයකර තිබීම.

* ප්ලාස්ටික් බඳුන් පිරිසුදුකර තෙත මාත්තු කිරීම.

* කසළ බඳුන් නියමිත ස්ථානයේ තැබීම.

* ශීතකරණය පිරිසුදුකර අයිස් මිදීමට තැබීම.

* ස්ටීමරය පිරිසුදුකර ක්‍රියාත්මක දැයි බැලීම සහ අලුත් වතුර දමන්න.

* ෆේෂල් කාමර ඉතා පිරිසුදුව තැබිය යුතු බැවින් සේවාදායකයාගේ සෙරෙප්පු තැබීමට රාක්ක සූදානම් කර තබන්න.

* විදුලි පහන් සියල්ල දැල්වේදැයි බලන්න.

 

මේක් - අප් කාමරය (Make-up)

මේක් - අප් කාමරයක් හෝ මේක් - අප් කිරීම සඳහා වෙනමම ස්ථානයක් ඔබේ සැලෝන් එකේ තිබිය හැකියි. එම ස්ථානය පිරිසුදුව පිළිවෙළට තබාගත යුතුයි.

* මේක් - අප් පුටුව විෂබීජනාශකයකින් පිසදමා සූදානම්කර තබන්න.

* ආලේපන වර්ග සූදානම් කරන්න.

* ආලේපන වර්ග අවසන් වී ඇත්නම් නැවත අලුත් ආලේපන වර්ග ගෙන්වා ගන්න.

* සෑම විටම කල්ඉකුත්වීමේ දිනය පරීක්ෂා කරන්න. මේක් - අප් බ්‍රෂ් වර්ග සහ ස්පොන්ජ් ජීවානුහරණයේ දමා ජීවානුහරණයකර තබන්න.

* අලුත් තුවා සූදානම්කර තබන්න.

* පුළුන්, ෆේෂල් ටිෂූ, කොට්න් බඩ් සූදානම්කර තිබීම.

* ශීතකරණය පිරිසුදුකර අයිස් මිදීමට තැබීම

* උණුසුම් සහ සීතල වතුර, තුවා සූදානම් කර තැබීම.

 

මෙනිකියු, පෙඩිකියු කරන ස්ථානය

* මෙනිකියු, පෙඩිකියු පුටු විෂබීජනාශකයකින් පිස දමා සූදානම්කර තබන්න.

* Hand Bath, foot Bath විෂබීජනාශයක දමා පිරිසුදුකර වේළා තබන්න.

* මෙනිකියු, පෙඩිකියු උපකරණ ජීවානුහරණයකර තිබීම.

* ප්ලාස්ටික් බඳුන් පිරිසුදු කර තෙත මාත්තු කිරීම.

* අලුත් තුවා සූදානම්කර තිබීම.

ඇඳුම් අඳින කාමරය (Dressing Room)

* මේ කාමරයේ පොළොව හැමවිටම මොප්කර වියළි තත්ත්වයේ තිබිය යුතුයි.

* හොඳින් ආලෝකය විහිදුවන විදුලිපහන් දල්වාලන්න.

* මෙම කොටස වායුසමීකරණයකර තිබීම අත්‍යවශ්‍ය වේ.

ඇඳුම් කාමරයෙහි ඇති කණ්ණාඩි හොඳින් පිස දමා තැබිය යුතුයි.

 

ගබඩා ස්ථානය (Stores)

* කල් ඉකුත්වන දිනය අනුව ආලේපන ගබඩා කරන්න.

* ආලේපන වර්ග ඇත්නම් ලේඛනගතකර තබන්න.

* සෑම විටම භාණ්ඩ මිලදී ගැනීමේදී පිළිගත් රූපලාවණ්‍ය නිෂ්පාදනයක කල් ඉකුත් වූ දිනය සහ ප්‍රමිති සහතිකය පරීක්ෂාකර ගන්න.

 

කෑම ගන්නා ස්ථානය

* මෙහි ඇති ඉඳුල් සහ කුණු ඉවත් කරන බඳුන් පිරිසුදුකර තබන්න.

* කෑම මේස සහ පුටු පිස දමා තබන්න.

* පිරිසුදුකාරක වර්ග සූදානම්කර තබන්න.

 

වොෂ් රූම්

* විෂබීජනාශක යොදා පොළොව මොප්කර තබන්න.

* එහි තෙත මාත්තුකර තබන්න.

* සෞම්‍ය එයාර් ෆ්‍රෙෂ්නර් වර්ගයක් යොදන්න.

* පිරිසුදුකාරක, සබන් සූදානම්කර තබන්න.

* විදුලි පහන් සියල්ල දැල්වේදැයි බලන්න.

 

 

ඉදිරිපත් කිරීම:

ප්‍රවීණ මනාලියන් හැඩගැන්වීමේ සහ රූපලාවණ්‍ය පිළිබඳ ශිල්පිනි ඉෂාරා කෝරලගේ