කළු කිහිලි සුදු කරන පැණි රස සාත්තුව

සැප්තැම්බර් 30, 2024

අද අපි කතා කරන්නේ අත් යට කළු වීම (under arms darkness) කියන ප්‍රශ්නයට හා ඒ සඳහා කළ යුතු ප්‍රතිකර්ම මොනවද කියලයි. ඔන්න ඉතිං බලමු මොන වගේ තත්ත්වයන් නිසා අපිට මේ ගැටලුවට මුහුණ දෙන්න වෙනවද කියලා.

නිවැරදි ඩ්‍රියොඩ්‍රන් ( deodorant) එකක් භාවිත නොකිරීම

 

මෙහිදී අපේ දහදිය පිට කරන එක පිටතින් තොරව එහි දුගඳ නතර කිරීම පමණක් සිදු කරයි. එම නිසා දහදිය පිටවීම වැළැක්වීම සිදු නොකරන වැරදි deodorant එකක් භාවිත කිරීම කළ යුතුයි.

 

හෝර්මෝනවල අසමතුලිතතා මෙයට බලපායි.

අනවශ්‍ය රෝම ඉවත් කිරීම.

අධික තරබාරුව හා දියවැඩියා තත්ත්වය ද මෙයට හේතු වෙනවා.

ගර්භිණී කාලයේදී මේ තත්ත්වය වැඩියෙන් දකින්න පුළුවන්.

අපි ගන්න ආහාරද මෙයට බලපායි.

 

මේ සඳහා ගෙදරදීම යොදාගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා අපි බලමු.

 

ස්ක්‍රබ් (Scrub) භාවිත කිරීම මෙහිදී ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. මොකද අභ්‍යන්තරික බලපෑමක් නොමැති වීම හා බාහිරව ඇතිවන තත්ත්වයන්වලදී මැරුණු සෛල ඉවත් කරමින් පැහැපත් බවක් ලබා දෙන්න මේ ස්ක්‍රබ් එකකට පුළුවන්.

 

අත්යට පැහැපත් කරන සීනිවලින් ස්ක්‍රබ් එකක් කරන්නේ කොහොමද කියලා බලමු.

 

සීනි කියන්නේ ලංකාවේ අපේ හැම ගෙදරකම අනිවාර්යෙන් තියෙන දෙයක්. සීනි දිනපතා නිතර භාවිත කිරීම ශරීර අභ්‍යන්තරයට නුසුදුසු වුණත් බාහිර ශරීරයට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්. එදිනෙදා රූපලාවණ්‍ය කටයුතුවලට ඇත්තටම සීනි හොඳ ස්වභාවික අමුද්‍රව්‍යයක්. අපේ ගෘහිණියන් බොහෝමයක් විශේෂයෙන්ම ගම්බද තරුණ තරුණියන්ට නිතරම රූපලාවණ්‍යාගාරවලට යන එක එතරම් පහසු කටයුත්තක් නෙමෙයි. වර්තමානයේ පවතින ආර්ථික ගැටලු එක්ක ඒක කොහොමත් අපහසු කාර්යයක්. ඔන්න සැලෝන් යන්න බැරි අයට ගෙදර ඉඳන්ම පහසුවකින් සපයා ගන්න පුළුවන්, ලස්සන වෙන්න පුළුවන් මේ අපූරු ක්‍රමයට. සීනිවල තියෙන රළු ගතිය නිසාම ආවරණය වූ ප්‍රදේශවල ඇති වූ අවපැහැ ගැන්වීම්වලට සාර්ථකව ස්ක්‍රබ් එකක් සකස් කරගන්න පුළුවන්.

 

අපි බලමු මොනවද අපිට කරන්න පුළුවන් තව ස්ක්‍රබ් කියලා.

 

සීනි රූපලාවණ්‍ය මාධ්‍යයක් වෙන්නේ කොහොමද?

 

සීනිවල ග්ලූකොයිඩ් අම්ලය අඩංගුයි. මේවා විටමින් සී සමඟ ප්‍රතික්‍රියා ගැන්වීමෙන් අපට වඩා හොඳ රූපලාවණ්‍ය සත්කාරයක් කරගන්න පුළුවන්. අඳුරු සම පැහැපත් කරගන්න, මැරුණු සම ඉවත් කරන්න වගේම සමේ මොයිස්චරයිස් ගතිය ඉහළ නංවන්නත් සීනි හරිම වැදගත් රූපලාවණ්‍ය මාධ්‍යයක් වෙනවා.

 

ස්ක්‍රබ් 01

 

අවශ්‍ය ද්‍රව්‍ය-

සීනි කැට

තක්කාලි

වෙනිවැල් කුඩු

දෙහි

මේවා සාමාන්‍ය ප්‍රමාණයෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් ගන්න.

 

ප්‍රතිකාරය කරන්නේ කොහොමද කියලා බලමු.

 

ඉහත සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. තුනී තට්ටුවක් ලෙස ගළපා විනාඩි විස්සක් පමණක් තබා මෘදු ලෙස වැඩි වෙලාවක් තොරව ස්ක්‍රබ් කරන්න. පසුව ඇල් වතුරෙන් ස්ක්‍රබ් එක ඉවත් කරගන්න.

 

ස්ක්‍රබ් 02

 

අවශ්‍ය ද්‍රව්‍ය-

සීනි මේස හැඳි

02ක්

දෙහි ගෙඩියක

යුෂ

සීනි හා ලෙමන්

මේ සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. පසුව අත් යට හොඳින් ගාගෙන විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර මෘදු ලෙස තද නොකර ස්ක්‍රබ්කර පසුව සෝදා හරින්න. දෙහි අඩංගු කළ යුත්තේ සීනිවල ප්‍රතික්‍රියාව වැඩි කරන බැවිණ. ඒ නිසා අනිවාර්යෙන්ම දෙහි මේ ස්ක්‍රබ් එකට අඩංගු විය යුතුමයි.

 

ස්ක්‍රබ් 03

 

අවශ්‍ය ද්‍රව්‍ය-

සීනි මේස හැඳි දෙකයි

කෝමාරිකා පිත්තක යුෂ

දෙහි බිංදු කිහිපයක්

 

මේ සියල්ල එකට මිශ්‍ර කරගෙන විනාඩි විස්සක් ගල්වා තබා මෘදු ලෙස ස්ක්‍රබ් කරගන්න.

 

මෙලෙස ස්ක්‍රබ් කිරීමෙන් පසු අපිට පැක් එකක් ආලේප කරගත හැකියි.

මෙලෙස සීනිවලින් අපි කරන ස්ක්‍රබ් එක විතරක් නෙමෙයි ඒ ස්ක්‍රබ් එක සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න නම් පැක් එකක් ආලේප කිරීම කළ යුතුයි. පැක් එකක් මඟින් සමට සිදුවන සුළු හෝ සීරීමක් තිබෙනවා නම් එය පැක් එකක් මඟින් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. මේ සඳහා යොදා ගන්න පුළුවන් පැක් එකකුත් අපි බලමු.

 

පැක් එකක් යොදන්නේ කොහොමද කියලා බලමු

 

අවශ්‍ය ද්‍රව්‍ය-

කඩල පිටි

අමු කහ ස්වල්පයක්

දොඩම් ඉස්ම

යෝගට් හෝ මීකිරී

ග්ලිසරින්

ආමන්ඩ් කුඩු

 

මේ සියලුම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍රකර දුර්වර්ණ වූ ප්‍රදේශවල ආලේප කරගන්න. විනාඩි 45 ක් පමණ තිබෙන්නට හැර ඉවත් කරගන්න. මෙන්න මේ පියවර කිහිපය වැඩි මුදලක් වියදම් නොකර සතියට දෙවතාවක් වගේ කරන්න පුළුවන්. ඒකෙන් අපිට වඩාත් යහපත් ප්‍රතිඵල අත්කරගන්න පුළුවන්. කාන්තාවකගේ ලස්සන වැඩි වෙන පුංචි පුංචි තැන් අපිට හරි අපූරුවටම ගෙදරදීම කරගන්න පුළුවන්.