එක පාරම දෙපාරක් යන්න හිතෙන සැලෝන් එකක්

ඔක්තෝබර් 14, 2024

රූපලාවණ්‍ය උපකරණ හා නිෂ්පාදන පිරිසුදු කරන්නේ මෙහෙමයි

මනාලියන් හැඩගැන්වීමේ ශිල්පිනියක් තමා භාවිත කරන උපකරණවල නඩත්තුව සහ භාවිත කරන නිෂ්පාදන (Maintenance of mechinary tools and equipment) පිළිබඳ මනා අවබෝධයක් ලැබිය යුතුයි. ඒ පිළිබඳව ඔබව දැනුම්වත් කරන්නයි මේ සූදානම.

මෙහිදී ඔබ මූලික වශයෙන් ලබාගත යුතු අවබෝධය වන්නේ මේ සඳහා භාවිත කරන යන්ත්‍ර මොනවාද? tools මොනවාද? උපකරණ මොනවාද? යන්නයි.

ඒ අතරට මේක් අප් වර්ග සහ ඒවා ආලේප කිරීමට ගන්නා බ්‍රෂ් වර්ග පිළිබඳව, විවිධ ආරක්ෂක උපකරණ එනම් Skin care, Hair care, Nail care පිළිබඳවද දැනුම්වත් විය යුතුයි.

උදාහරණයක් ලෙස ගතහොත් skin care සඳහා අවශ්‍ය වන හෙඩ් බෑන්ඩ්ස්, ටවල්, කොට්න් වූල්, ආලේපන වර්ගද, ආරක්ෂාව සඳහා භාවිත වන Personal protection equipment, හෙයාර් කෙයාර් සඳහා භාවිත වන comb brushes, clips, hair steamer, dryes

Shampoo, conditioners වර්ගද Nail care සඳහා අවශ්‍ය වන manicure table, nail brushes, nail file, ආදී බඩුබාහිරාදිය ඇතුළු මනාලියන් හැඩ ගැන්වීමේ විෂයේදී අවශ්‍ය වන මේක්අප් භාණ්ඩ පිළිබඳ ද ඒවා නඩත්තු කරන අන්දම පිළිබඳ යම් පුහුණුවක් ලැබිය යුතුයි.

ස්පොන්ජ්, මේක් අප් බ්‍රෂ් වර්ග දිනපතා පාවිච්චි කරන්නේ නම් දිනපතා නඩත්තු කිරීමද කළ යුතුයි.ඒවා සෝදනවාද? ක්ලෙන්සර් කරනවාද යන්න තීරණය කරන්න. සෝදන්නේ ගලා යන ජලයෙන් නම් එය ඇල්ලිය යුතුවන්නේ යටි අතටයි.

මේවා පරිහරණය කිරීමේදී විශබීජහරණය, ජීවානුහරණ ක්‍රියාවලිය පිළිබඳව පුළුල් අවබෝධයක් සෑම ශිල්පියකුටම තිබිය යුතුයි. ගනුදෙනුකරුවකුට සෞඛ්‍යසම්පන්නව සේවය සලසා දෙන්නේ කොහොමද යන්න මූලිකම වගකීම විය යුතුයි. ජීවානුහරණය යනු සියලුම ක්ෂුද්‍ර ජීවීන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම හෝ විනාශ කිරීමයි. ජීවානුහරණය නොකර මේවා හොඳින් පවත්වා ගෙන යා නොහැකියි.

ඉහත බඩුබාහිරාදිය පාවිච්චි කිරීමේදී සනීපාරක්ෂාව සහ ආසාදන පාලනය පිළිබඳ මනා වැටහීමක් තිබිය යුතුයි. මේවා පාවිච්චි කිරීමේදී සනීපාරක්ෂක පුරුදු පිළිනොපැදීම නිසා බැක්ටීරියා සාදන දිලීර ආසාදන වයිරස් ආසාදන ගොදුරු වීමේ සහ පුද්ගල සනීපාරක්ෂා ගැන නොසැලකිලිමත්වීම නිසා

බොහෝ දරුණු තත්ත්වයන්ට මුහුණ දිය හැකියි.

යම්කිසි ආයතනයක සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රමිතින් පවත්වා ගැනීමට නොහැකි වුවහොත් සහ වයිරස් ආසාදන ඇතිවිය හැකි අතර එම ආසාදනයන් භයානක වුවහොත් පාරිභෝගිකයන් විසින් ආයතනයට එරෙහිව නීතිමය කටයුතු කිරීමටද ඉඩ ඇත. මූලික සනීපාරක්ෂක පුරුදු හා ප්‍රමිතින් අනුගමනය කිරීමට ඔබ අසමත්වීම නිසා ඔබගේ ව්‍යාපාරය ගරුත්වය නැති වී ව්‍යාපාරය වැසී යාමට ද හේතු විය හැකියි.

මෙම බඩුබාහිරාදිය දවස පුරාම පිරිසුදුව පවත්වා ගැනීම අත්‍යවශ්‍යය.

මෙවන් යහපත් පුරුදු ඇති කරගැනීම තුළින් වෘත්තතීමය ප්‍රතිරූපයක් ලබා ගෙන ආසාදන පාලනය කිරීමෙන් ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යෑම මඟින් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා ඉහළ තත්ත්වයකට නංවා ගත හැකියි. එසේ නොමැති වුවහොත් වයිරස් ආසාදන කෙළින්ම හෝ අනියම් වශයෙන් බඩුබාහිරාදිය තුළින් එක් අයකුගෙන් තව අයකුට බෝ වීමේ හැකියාව ඇත.

 

සනීපාරක්ෂාව සහ ආසාදන පාලනය සඳහාත් හොඳ සෞඛ්‍ය පුරුදු සඳහාත්

* සෑම සේවාලාභියකු සඳහාම පිරිසුදු තුවා සහ අනෙකුත් දේ භාවිත කරන්න

* සෑම සත්කාරයකින්ම පසු විෂබීජනාශක ද්‍රව්‍යයකින් මේස ට්‍රොලි ආදිය පිරිසුදු කරන්න.

* භාවිතයෙන් පසු උපකරණ විෂබීජහරණය කරන්න.

* සුදුසු පුද්ගල ආරක්ෂක උපකරණ භාවිත කරන්න.

* ආලේපන වර්ගවල කල් ඉකුත් වීමේ දිනය පරීක්ෂා කරන්න.

* ඔබ එකවර නිෂ්පාදන වැඩිපුර ලබාගෙන තොග පවත්වාගෙන යන ආයතනයක් නම් First come first out ක්‍රමයට තොග ගබඩා පවත්වාගෙන යන්න.

* එක් එක් උපකරණ භාවිතය සහ නඩත්තුව පිළිබඳව, දිනපතා පරිහරණය සහ නඩත්තු කරන ආකාරය, පිරිසුදු කරන ආකාරය ඒ සඳහා යොදා ගන්නා පිරිසුදුකාරක පිළිබඳ දැනීම

* ජීවානුහරණය සහ විෂබීජහරණය පිළිබඳ දැනීම

හොඳම සනීපාරක්ෂක ක්‍රමයක් ලෙස ජීවානුහරණය කළ හැකි ක්‍රම දෙකකි. මේ සඳහා වැඩිපුරම යොදා ගන්නේ තාපයයි. එය වියළි සහ තෙත් තාපය යනුවෙන් කොටස් 2කි.

තෙත් තාපය - වාෂ්ප හෝ නටන ජලය භාවිතයෙන් ජීවානුහරණය හොඳම ක්‍රමයකි.

වියළි තාපය ඉහළ උෂ්ණත්වයක් මඟින් භාණ්ඩ බේක් කිරීමට නැත්නම් රත් කිරීමකට ලක් කිරීමෙන් විෂබීජහරණය කිරීමයි.

තාපය භාවිත කිරීම මඟින් ජීවානුහරණය කිරීම සඳහා සුදුසුම ක්‍රමයකි, AutoClave method. මෙහි ජල වාෂ්ප මඟින් සෙල්සියස් අංශක 120 පමණ උෂ්ණත්වයකට රත් කර ජීවානුහරණය කරයි.

 

Uv කැබිනෙට්ටුව

මහි ඇත්තේ අල්ට්‍රා වයලට් කිරණයි.දැල් තට්ටුවක් මත ද්‍රව්‍ය තැබිය හැකි කුඩා කැබිනට්ටුවකි

මෙහි දොර වැසූ විට ඇතුළත ඇති ද්‍රව්‍ය හිරු කිරණවලට හසු වී කෙළින්ම ජීවානුහරණය වේ. මෙහි ජීවානුහරණය වීමට දමන්නේ ලෝහමය ⁣දෑයි. තුවා දමන්නේ නම් තෙත් බවින් යුතු ඒවා දැමිය යුතුයි. වියළි තුවා දැමුවහොත් ගිනි ගැනීමට පවා පුළුවනි.

ඔබ පාවිච්චි කරන බඩුබාහිරාදියවල ඇති ක්ෂුද්‍ර ජීවීන් වැඩි ප්‍රමාණයක් විනාශ කර පිරිසුදු සනීපාරක්ෂක තත්ත්වයක් ඇති කිරීමෙන් වැඩ කරන පරිසරය හැකිතාක් පිරිසුදු සහ විෂබීජ රහිතව තබා ගැනීම කළ හැකියි.

වැඩ කරන ස්ථානය විෂබීජ රහිතව තබා ගැනීම සඳහා උපකරණ ආයුධ, ට්‍රොලි සහ වැඩ කරන ස්ථානය විෂබීජවලින් තොර කරගැනීමට දිනපතා සෞඛ්‍යාරක්ෂිත පියවරයන් අනුගමනය කළ යුතුයි.

රසායනික ද්‍රව්‍ය ඵලදායි වන්නේ අදාළ උපදෙස් අනුව භාවිත කළහොත් පමණයි.

රසායන දියරය තුළ ගිල්ලවීමට පෙර උපකරණ හොඳින් පිරිසුදු කර සම්පූර්ණයෙන්ම රසායන දියරයෙහි ගිල්විය යුතුයි. එසේ නොමැති නම් සම්පූර්ණයෙන් ජීවානුහරණය සිදු නොවේ.

මතුපිට පිරිසුදු කිරීමට spray භාවිත කිරීම පහසුයි,

පිරිසු‍ෙදු කිරීමට අනුමත කරන ලද පිරිසිදුකාරකයන් දිනපතා භාවිතා කර කරන්න.