අලුත්ම තාලෙට ෆේෂල්

අගෝස්තු 19, 2024

 

තාක්ෂණයේ දියුණුවේ මහිමයෙන් ෆේෂල් කිරීමට නවතාවයක් එක්වී තිබේ.

එය කිහිප ආකාරයකට සිදුවේ.

* ගැල්වනික් මැෂින් එක භාවිතකර සමට ප්‍රතිකාර කිරීම

* හයිෆීකුවෙන්සි මැෂින් එක භාවිත කර සමට ප්‍රතිකාර කිරීම

* හිරු එළියෙන් පිලිස්සුණු සමට ප්‍රතිකාර කිරීම

* බ්ලීචින් ෆේෂල් කිරීම

* ඇස් වටා සමට ප්‍රතිකාර කිරීම

Highferquency යන්ත්‍රයක් භාවිත කර ප්‍රතිකාර කිරීම

හයිෆ්‍රීකුවෙන්සි උපකරණයක් අල්ට්‍රා වයලට් කිරණ භාවිතකර ප්‍රතිකාර කරයි. මේ මඟින් විෂබීජ නසයි. රුධිර ගමනාගමනය වැඩිකරයි. උරා ගැනීමේ ශක්තිය වැඩි කරයි. ස්නායු උද්දීපනය වැඩිකරයි. හයිෆ්‍රීකුවෙන්සි ප්‍රතිකාරයේදී එක් එක් කිරණ සඳහා වෙන වෙනම ඉලෙක්ට්‍රෝඩ ඇත. එක් එක් ඉලෙක්ට්‍රෝඩ අවස්ථාව අනුව වෙනස් වේ. ස්වරූපය ද වෙනස් වෙයි. මෙම උපකරණයෙන් අධි සංඛ්‍යාත විදුලියක් නිපදවයි. මෙය විදුලි ධාරා සහ සමේ ක්‍රියාකාරීත්වයට බෙහෙවින් උපකාරී වේ. සම ප්‍රබෝධවත්කර රුධිර සංසරණය දියුණු කරයි. තවද කුරුලෑ සහිත සමට බෙහෙවින් උපකාරී වේ.

 

උපකරණයේ කොටස්

Vacuum and Spray

Vacuum මඟින් සමේ ඇති කුණු දූවිලි ආදිය පිටතට ගැනීම සඳහා මෙම ඉලෙක්ට්‍රෝඩය භාවිත කරයි. මෙම ඉලෙක්ට්‍රෝඩය ඉතා කුඩාය.

Remove Spot

ඉන්නන්ට ප්‍රතිකාර කිරීම මෙම කොටස්

මඟින් සිදුවේ.

Highfrequency ඉලෙක්ට්‍රෝඩ

කුරුලෑ පැල්ලම් ඉවත් කිරීම සඳහා මෙම ඉලෙක්ට්‍රෝඩ භාවිත කරයි. දිනක් හැර දිනක් විනාඩි 5ක් පමණ අල්ලන්න.

Comb ඉලෙක්ට්‍රෝඩය හිස්හොරි සඳහා හෙඩ් මසාජ් සඳහා භාවිත කරයි.

 

Ultra Sonic

මෙම තරංග භාවිතයෙන් මුහුණ සම්බාහනය කළ හැකියි. ශරීරයට අහිතකර නැත. මෙහි ඉලෙක්ට්‍රෝඩ දෙකක් ඇත. තරංග දිගටම හා කැඩි කැඩී පැමිණෙයි. හෙඩ් මසාජ් හා හිස්හොරි ඉවත් කිරීම සඳහා ඉලෙක්ට්‍රෝඩ ඇත. හෙඩ් මසාජ් එකකදී ටොනික් භාවිතයෙන් පසු හයිෆ්‍රීකුවෙන්සි අල්ලන්න. ඇල්ලීමේදී ලෝහ සමඟ නොගෑවිය යුතුය. යකඩ පුටුවල සිට ඇල්ලීම නොකළ යුතුය. ගර්භිණි මවක් නම්, රුධිර පීඩනය ඇත්නම්, දියවැඩියාව ඇත්නම් කිරණ භාවිතය නුසුදුසුය.

 

ගැල්වනික් යන්ත්‍රය භාවිතකර සමට ප්‍රතිකාර කිරීම

ගැල්වනික් මැෂිම භාවිතයේදී සැලකිය යුතු කරුණු

* අවශ්‍ය තරමට වඩා අධික ධාරාවක් භාවිත නොකරන්න.

* ධාරාව අවම නොකර කිසිවිටෙක අග්‍ර මාරු නොකරන්න.( + හෝ _)

+ මසාජ්

_ ක්ලෙන්සර්

 

* සේවාදායකයා ප්‍රතිකාරයට අහිතකර දැයි සොයා බලන්න.

* ගර්භිණි මවුවරුන්ට, දියවැඩියා රෝගීන්ට, හෘද රෝගීන්ට, ගැලවනික් මැෂින් භාවිත නොකරන්න. සේවාදායකයාගේ ආභරණ හා ලෝහමය දෑ ඉවත් කරන්න.

ගැල්වනික් මැෂින් භාවිත කර ෆේෂල් කිරීම

මෙම උපකරණයේ ගැල්වනික් ධාරාවන් උපයෝගී කරගෙන සම මතුපිට ඇති පටකවලට ප්‍රතිකාර කළ හැකියි. මෙහි + ධාරාව හා _ ධාරාව විවිධ ප්‍රතිකාර සඳහා භාවිත කෙරේ. + ධාරාව භාවිත කිරීමෙන් සම අධි පිරිසුදු කළ හැකියි. _ ධාරාව ඊට ප්‍රතිවිරුද්ධ කාර්යයන් ඉටු කරයි.

සමට භාෂ්මික ප්‍රතිඵල ලබා දෙයි. සම මෘදුකර සැහැල්ලු කරයි. ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය වැඩි කරයි. සෛල ක්‍රියාකාරීත්වය වැඩි කරයි. සංවේදී සමට සුදුසු නැත. මෙම රෝම කූප සිදුරු වසා දමයි. සමෙහි පටක සවිමත් කරයි. සමට මෘදු බවක් ලබා දෙයි. මෙම ෆේෂල් එක කිරීමෙන් වියපත් වූ අයගේ මස් පිඬු එල්ලා වැටීම යථා තත්ත්වයට පත් කරයි.

 

ගැල්වනික් ෆේෂල් කිරීමේ පිළිවෙළ

* ක්ලෙන්සර් කිරීම

* ටෝනර් කිරීම

* ස්ක්‍රබ් කිරීම

* අවශ්‍ය නම් ස්ටීමර් කිරීම

* සම්බාහනය කිරීම

පියවරයන්

* පළමුව යුෂ වර්ගයක් ආලේප කරන්න.

* ගැල්වනික් ජෙල් එක ආලේප කරන්න.

* සේවාදායකයාගේ මුහුණට කෙළින්ම එම

 

Earth එක අල්ලා ගැනීමට උපදෙස් දෙන්න.

* අනෙක් ටූල්ස් දෙක සේවාදායකයාගේ මුහුණ මත විනාඩි හතක් පමණ කාලයක් ඍණ ධාරිතාව දමාගෙන යන්න.

* ඉන්පසු + ධාරාව දමා විනාඩි පහක් පමණ මුහුණ මත ගෙන යන්න.

* පැක් එකක් දමන්න.

* විනාඩි 20ක් පමණ තබා ඉවත් කරන්න.

* ටෝනර් කරන්න.

* මොයිස්චර්රයිසර් ආලේප කරන්න.

* ෆේෂල් එකෙන් පසු දිය යුතු උපදෙස් දෙන්න.

* නැවත පැමිණීමට දිනයක් ලබා දෙන්න.

 

බ්ලීචිං (Bleaching)

රසායනික (Chemical bleaching)

⭐ ස්වාභාවික බ්ලීචිං (Natural bleaching)

 

Chemical bleaching

මෙමඟින් සිදු කරනු ලබන්නේ රසායනික ක්‍රමයට සම පැහැපත් කිරීමයි. සමේ කළු ඉවත් කිරීමට බ්ලීචිං භාවිත කරයි. මෙම ක්‍රමය ඉක්මනින් කරගත හැකි පහසු ක්‍රමයකි. මින් අතුරු ආබාධ ඇති වේ. Patches test එකක් අනිවාර්යයෙන් කළ යුතුයි.

බ්ලීචිං කිරීම සඳහා Patch test එකක් සිදු කරන ආකාරය

බ්ලීචින් අසුරණය තුළ ක්‍රීම් හා activate (කුඩු) වශයෙන් හැඳි භාගයක් කලවම්කර වැලමිට බාහුවේ හෝ කන පිටුපස විනාඩි දහයක් පහළොවක් තබා සෝදා හරින්න. පැය 24 ක් යනතුරු බලන්න. රතු වී ඇත්නම්, දැවිල්ලක් ඇත්නම් සුදුසු නැත. බ්ලීචිං කෙමිකල් භාවිතයේදී පිලිස්සුණු සමකට, දද ඇති සමකට, කැඩුණු කුරුලෑවලට, වැඩියෙන් දහඩිය බිබිළි තිබෙන අයට සුදුසු නැත. ඇස් වටා ඇහි බැම වටා ගැල්වීමෙන් වළකින්න. ලෝහ බඳුන්වල මිශ්‍ර කිරීමෙන් ද වළකින්න.

බ්ලීචිං එකක් කරන පිළිවෙළ

* මුහුණ සෝදන්න.

* ක්‍රීම් හා ඇක්ටිවේටර් අදාළ අනුපාතයට කලවම් කරන්න.

* එහි ඇති පත්‍රිකාව අනුගමනය කරන්න.

* ඒ සඳහා සැකසූ හැන්දක් භාවිතයෙන් ආලේප කරන්න.

* අදාළ කාලය තබා තෙත පුලුන් ආධාරයෙන් පිසදමන්න

* ඉන් පසුව මුහුණ සෝදා හරින්න

සැලකිය යුතුයි

* බ්ලීචිං කළ විට උණු වතුරෙන් මුහුණ නොසේදිය යුතුයි.

* සැර සබන් භාවිතයෙන් වළකින්න.

* ළඟ ළඟ බ්ලීචිං නොකරන්න.

* අව්වේ යෑමෙන් වළකින්න.

* නිතර නිතර මොයිස්චර්රයිසර් භාවිත කරන්න.

බ්ලීචිං ක්‍රීම් වර්ග

බ්ලීචිං සිරුරට හා මුහුණට වෙන වෙනම ඇත. ක්‍රීම් පෙට්ටියේ මුහුණක් ඇඳ ඇත්නම් එය මුහුණටත් සිරුරක් ඇඳ ඇත්නම් එය සිරුරටත් භාවිත කරන්න.

Natural Bleaching

ස්වාභාවික ද්‍රව්‍ය භාවිතකර සම පැහැපත් කරන නිසා අහිතකර ප්‍රතිඵල නැත.

*⭐ ආමන්ඩ් ඇට පැයක් පමණ පෙඟෙන්නට තබා එළකිරි සමඟ ආලේප කරන්න.

*⭐ කහ පාට දොඩම් ලෙලි අව්වේ වේළා කුඩු කර එයට බිත්තර සුදුමද හා එළකිරි කලවම් කර තලපයක් ආකාරයට සකස් කර ආලේප කරන්න.

⭐ තක්කාලි සහ කැරට් යුෂ මඟින් ද සම පැහැපත් කරන්න.

බ්ලීචිං පැක්

*⭐ බිත්තර සුදුමද මේස හැඳි එකක්

*⭐සඳුන් කුඩු මේස හැඳි එකක් උතුරා ගත් වතුර ස්වල්පයක්

* අව්වට පිලිස්සුණු සමට මී කිරි තට්ටුවක් ආලේපකර වේළෙන්නට හැර ඉවත් කරන්න. මේ සියල්ල කලවම්කර තලපයක් ආකාරයට ගන්න.

සාමාන්‍ය සම සඳහා

⭐* බාර්ලි මේස හැඳි එකක්

⭐* සුදු හඳුන් කුඩු මේස හැඳි එකක්

⭐* කොකුම් පොතු මේස හැඳි එකක්

⭐* බිත්තර කහමද එකක් මේ සියල්ල කලවම්කර  ආලේප කරන්න.

 

වියළි සම සඳහා

* මී පැණි, මුං ඇට, කහ, දොඩම් යුෂ එළකිරිවලින් කලවම්කර ආලේප කරන්න.

* අලිගැට පේර මේස හැඳි එකක්

* සුදු හඳුන් මේස හැඳි එකක්

* මී පැණි තේ හැඳි එකක්

* එළකිරී මේස හැඳි එකක්

මේ සියල්ල කලවම්කර ආලේප කරන්න.

 

ඉදිරිපත් කිරීම

ප්‍රවීණ මනාලියන් හැඩගැන්වීමේ සහ රූපලාවණ්‍ය පිළිබඳ ශිල්පිනී ඉෂාරා කෝරළගේ