ලංකාවේ පළමු කොරෝනා ආසාදිත දරුවා මහිරු රෝගය සුවවී ගෙදර යයි

කොරෝනා මාරයාගෙන් බේරුණ පුංචි පුතාගේ කතාව
මැයි 6, 2020

බාල, මහලු කොයි කවුරුත් කොරෝනාවේ ගොදුරු බවට පත්වෙද්දී පුංචි නොදරුවන් ඊට ගොදුරු වීම සැබැවින්ම ඛේදවාචකයක්.

අපේ රටේ කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසයට ගොදුරු වූ පළමු ශ්‍රී ලාංකේය දරුවා බවට පත්වන්නේ අවුරුද්දකුත් මාස පහක් වයසැති මහිරු ලොහස් නම් සුරතල් පුංචි පුතෙක්.

මේ වනවිට මහිරු ලෝහස් පුංචි පුතා සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් නික්ම ගොසින්.

ඉතාම කෙටි කාලයකින් පුංචි පුතා සුව තත්ත්වය කරා ළඟාවීම ඔහුගේ මාපියන්ට මහත් අස්වැසිල්ලක්.

පුංචි පුතුගේ මව නිලංකාත් කොවිඩ් 19 වෛරසය ශරීරගත වූ තැනැත්තියක්. ඇය තවමත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන්නියක්.

එසේ රෝහල් වාට්ටුවකට වී සිටියත් ඇය ‘තරුණී’ පුවත්පත සමඟින් ළබැඳීව කතාබහ කරන්නට අමතක කළේ නැහැ.

මාපියන්ගේ උතුම්ම සම්පත දරුවෝ වෙනුවෙන් මාපියන් දක්වන කැපකිරීම අමිලයි.

මගේ සැමියා වසර 12 ක් පමණ පටන් ඉතාලියේ රැකියාව කරනවා. විවාහ වුණු පසු මාත් ඉතාලියේ පදිංචියට ගියා.

මාපිය සිහිනය සැබෑවක් කරමින් අප අතරට ආ අපේ පළමු දරුවා පුංචි පුතෙක්.

නියමිත කාලය එළැඹෙන්නටත් කලින් මෙලොව එළිය දුටුවත්. දවස් හතරක් වැනි කාලයකින් ඒ දරුවා මෙලොව හැර ගියේ මාත් මගේ සැමියාත් කඳුළු සයුරක ගිල්වමින්.

දරුඵල ලැබීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කරමින් ඊළඟට අප අතරට ආ මහිරු ලොහස් පුංචි පුතු කුසට ආ දා පටන් රැකබලාගත්තේ හරියට සුසිනිඳු මල් පෙත්තක් වගේ.

පුංචිම පුංචි සිරීමක්වත් නොවන්නට රැකබලාගත් පුංචි පුතුගේ අවුරුද්දේ උපන් දිනය සමරන්න අපි ලංකාවට ආවා. ඒ පසුගිය වසරේ නොවැම්බර්වල. දෙසැම්බර්වල අපි ආයේ ඉතාලි ගියා. අපි ඉතාලියේ මිලානෝ නුවර ඉන්නේ.

මගේ සැමියා එහේ අවන්හලක සේවය කරන්නේ.

කොවිඩ් 19 පැතිර යෑමත් සමඟ මේ අවන්හල වහපු නිසා සිංහල අලුත් අවුරුද්ද ගතකරන්නත් එක්ක ලංකාවට එන්න අපි ආසාවෙන් සූදානම් වුණා. සිංහල අවුරුද්දට අවුරුදු හාණකින් මෙහේ ඉන්න බැරි වුණා. එහේ අය මේ රෝගය සම්බන්ධයෙන් කිසිම පරිස්සමක් වුණේ නැහැ.

අඩුම තරමේ මාස්ක් එකක්වත් පාවිච්චි කළේ නැහැ. මගේ පළවැනි බබත් නැති වුණ නිසා සැමියා බය වුණා එහේ ඉන්න.

ඒ වෙද්දි ලංකාවේ කොරෝනා සම්බන්ධයෙන් කිසිම බියක් තිබුණේ නැහැ. වෛරසය ආසාදනය වුණු එක්කෙනෙක් දෙන්නෙක් විතරයි හිටියේ.

අපි මාසයක් විතර ලංකාවේ ඉන්න මුලින් හිතුවේ. පස්සේ අපිට දැනගන්න ලැබුණා සති දෙකක් නිරෝධායන කඳවුරක තියලයි ගෙවල්වලට යවන්නේ කියලා.

ටික දවසනේ ගෙදර ඉන්න වෙන්නේ. තත්ත්වෙ කොයි වගේ වෙයිද? දන්නැහැ කියලා ධදඥ ඹචර බඪජඬඥබ එකක් අරගෙන ආවේ.

මුලින්ම ලංකාවට එන්න සූදානම් වුණේ කටාර් හරහා. ඒත් කටාර් එයාර්පෝර්ට් වහපු නිසා අපට ඩුබායි හරහා එන්න වුණා. අපි ලංකාවට ආවේ මාර්තු 11 දා.

අපිට නිරෝධායනය වෙන්න තිබුණේ කන්දකාඩුවල. මේ වෙද්දි අපේ ෆ්ලයිට් එකේ ආපු කෙනෙක් කන්දකාඩුවලදී කොරෝනා පොසිටිව් කෙනෙක් විදියට හමුවුණා.

එයා ෆ්ලයිට් එකේ ඇවිත් තියෙන්නෙත් වේදනානාශක පෙති බිබී. කන්දකාඩුවලදී කිහිප වතාවක් උණ බැලුවට මෙයාව අහුවුණේ නැහැ.

ඒත් මොකක් හරි සැකයක් මත තමයි PCR පරීක්ෂණය කළේ. එතැනදී තමයි එයා පොසිටිව් වුණේ. ඒ මාර්තු 13 හෝ 14 . මේ රෝගියා ෆ්ලයිට් එකේ වාඩිවෙලා හිටියේ කොතැනද කියලා අපට මතක නැහැ.

අපි ඩුබායි ඉඳලා ලංකාවට ආපු ෆ්ලයිට් එකේ දි තමයි එයාව මුණගැහිලා තියෙන්නේ. මේ රෝගියා පොසිටිව් වුණාට පස්සේ දෙන්නා දෙන්නා උණ හැදි හැදී යන්න පටන් ගත්තා.

මාර්තු 15 හවස වගේ මට කැස්සක් වගේ ආවා. පොඩි කාලේ ඉඳන් මට කැස්ස ආවොත් ටිකක් කල් අද්දනවා. මට කැස්ස වගේ තියෙනවා. බෙහෙතක් දෙනවද කියලා ඇහුවම ඒ අය කිව්වා අපි බෙහෙත් දෙන්නෙ නැහැ උදේ වෙනකන් තිබුණොත් බෙහෙත් දෙන්නම් කිව්වා. මට උණ තිබුණෙත් නැහැ. පහුවදා උදේ 980 ජ් ට උණ තිබුණා. අතට දැනුණෙත් නැහැ. කිසිම අමාරුවකුත් නැහැ. කෝකටත් අපි පරීක්ෂා කරමු කියලා ගිලන් රථයක දාලා පොළොන්නරු රෝහලට ගෙනාවා. එහිදී මට පොසිටිව් වුණා. මගේ බබයි, සැමියයි දෙන්නත් ඉන්නවා කිව්වම ඒ අයවත් පරීක්ෂා කළා. පුතා පොසිටිව් වුණා. සැමියා හැබැයි නෙගටිව්. මාව එදා රෑම I.D.H ගෙනාවා. පුතාවයි, සැමියාවයි ඊට පහුවදා ගෙනාවා. පුතාව මට භාරදීලා සැමියා වෙන වාට්ටුවකට දැම්මා. සැමියාට දිගටම නෙගටිව් වුණු නිසා එයාව ගෙදර ඇරියා.

මම පුතාට දිගටම මව්කිරි දුන්නා. ප්‍රතිශක්තිකරණයට මව්කිරි වැදගත් නිසා මට දිගටම දෙන්න කිව්වා. මම බය වුණා කිරිදෙද්දි බබාට ප්‍රශ්නයක් වෙයිද කියලා. මෙහේ දුන්න කැඳ, කැරට් තම්බලා වගේ කෑම කෑවත් පුතා බත් කෑවෙ නෑ. මේ වෙද්දි මගේ සැමියත් ස්වයංනිරෝධායනයට ලක්කරලයි තිබුණේ. නංගිගේ සැමියා බබාට කෑම එකක් ගේට්ටුව ළඟට ගෙනත් දුන්නා. අපි කැලණියේ ඉන්න නිසා දිගටම මේ කෑම එක ගෙනාවා. දවස් 18 කින් විතර බබා හොඳටම සුවවුණා. දෙවියන්ගේ පිහිටෙන් මගේ පුතාට කිසිම රෝග ලක්ෂණයක්වත් ආවේ නැහැ. ර්‍ථඛ්අ පරීක්ෂණය කරද්දි නම් එයා දිගටම වගේ ඇඬුවා.

මේ වෙද්දි අපිත් එක්ක ඩුබායි ඉඳල ආපු කෙනත් එහා වාට්ටුවක හිටියා. එයාට රෝහල් කාර්‍ ය මණ්ඩලය බැණලත් තිබුණා. “ බලන්න ඔයා නිසා පුංචි ළමයෙකුත් දුක් විඳීනවා “ කියලා. ඒ රෝගියා දින කිහිපයකට පෙර සම්පූර්ණ සුවය ලබලා ගියා. පස්වන රෝගියා ලෙස මියගිය පුද්ගලයත් අපේ ෆ්ලයිට් එකේ ඇවිත් කන්දකාඩුවල හිටපු කෙනෙක්.

දැන් මගේ බබාව සැමියා බලා ගන්නවා. ඒත් රෑ වෙද්දි එයාට මාව ඕන. මුළු රෑම වගේ ඇහැරිලා අඬන වෙලාවලුත් තියෙනවලු.

මාව රෝහල්ගත කළේ මාර්තු 15 රෑ. පුතා 16. පුතා අප්‍රේල් 04 දා නිවෙස බලා ගියා. දැන් දින 45 ක් විතර ඉඳන් වාට්ටුවේ. (පුවත්පත මුද්‍රණය වනවිට)

මේ වාට්ටුවේ 10 දෙනෙක් විතර ඉන්නවා. රෝහලේ කෑම , පිරිසුදුකම අතින් නම් හරිම ඉහළයි. මට මුලින් විටමින් ජ දුන්නා. කැස්සට මුලදී බෙහෙත් දුන්නේ නැහැ. බබාට බෙහෙත් මුකුත්ම දුන්නේ නැහැ.

මට තිබුණේ කැස්ස විතරයි. උණ තිබුණේ පැය කිහිපයක් විතරයි. අපි දෙන්නටම රෝග ලක්ෂණ නැතිව හිටපු නිසා රෝහල්ගතව සිටි කාලය ලොකු ගැටලුවක් වුණේ නැහැ. පුංචි බබෙක් රෝහලක තියාගෙන ඉන්න වුණු අපහසුතාවන් විතරයි තිබුණේ. මෙහේ පුංචි බබාලව බලන්නේ මර්තා කබ්රාල් වෛද්‍යතුමිය. ඇය ඇතුළුව මුළු රෝහල් කාර්්‍යය මණ්ඩලයම කොරෝනා රෝගීන් වෙනුවෙන් ලොකු සටනක යෙදෙනවා. දින 18 ක් වගේ කාලයකදී අපේ පුතා සුවවීම පුදුම සැනසිල්ලක්.

ඉතිං අපි නොහිතපු දේකටනෙ මුහුණ දෙන්න වුණේ. එහේදි අපට කොහෙත්ම වෛරසය ශරීරගත වුණේ නැහැ. එහෙම වුණානම් අපි කොහෙත්ම ලංකාවට එන්නෙ නැහැ. අපේ මේ පුංචි මව්බිම අපිව නොසලකා හැරියෙ නැහැ. හැකි සෑම අයුරකින්ම අපට ශක්තියක් වෙන්නයි ඔවුන් හිතුවේ. ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, රෝහල් කාර්්‍ය ය මණ්ඩලයට ශ්‍රී ලංකාවාසී අපි හැමෝම ණයගැතීයි.