වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සීනු වලින් හැඩ වූ හෝලි වළල්ලක්
විවිධ විසිතුරු නිර්මාණ කරන පබළු නිර්මාණ කලාවෙන් කළ සීනුවලින් හැඩ වූ හෝලි වළල්ලකි මේ. විස්කම් අත්කම් නිර්මාණ කරන්නට කැමැති ඔබටත් මේ අගනා නිර්මාණය අපූරු අත්දැකීමක් ගෙන දේවි.
පසුගිය පාඩම් මඟින් විවිධ නිර්මාණ කරන්නට හුරු වූ ඔබට අද තවත් අලුත් නිර්මාණයක් මෙලෙස ගෙන එනවා. මේ දක්වා අප ඉගෙන ගත්තේ ක්‍රොස් ක්‍රමයට නිර්මාණ කරන්නයි. නමුත් මේ නිර්මාණය ත්‍රීඩී නිර්මාණයක් බැවින් මේ සඳහා භාවිත කරන්නේ තොණ්ඩු ක්‍රමය හෙවත් ගැට ක්‍රමයයි. මෙම ක්‍රමය භාවිත කිරීමෙන් නිර්මාණය ඉතාමත් ශක්තිමත් එකක්බවට පත්වේ. එමඟින් නිර්මාණයේ කල්පැවැත්ම ද දිර්ඝ වේ.
මෙහිදී සෑම පබළු භාණ්ඩ නිර්මාණයකටම අදාළ වූ පබළු යොදාගන්නා ප්‍රමාණ චාට් එකක් තිබේ. එම චාට් එක මඟින් පබළු නිර්මාණ ගොතාගැනීම ඉතා පහසු වේ. අද පැහැදිලි කරන්නේ එම පබළු නිර්මාණ චාට් එකට අදාළව නත්තල් සීනුවක් නිර්මාණය කරගන්නා ආකාරයයි.
අවශ්‍ය ද්‍රව්‍ය
නො. 08 හෝ නො. 10 ප්ලාස්ටික්
ක්‍රිස්ටල් පබළු
0.55 තංගුස්
සාදන අයුරු
නත්තල් සීනුව සඳහා අදාළ පබළු චාර්ට් එක හෙවත් නත්තල් සීනුවට අදාළ පබළු ප්‍රමාණ සැකසුම
5 රවුම
1-5
2-6
2-7
2-6/1-5 මාරුවෙන් මාරුවට
මෙහිදී ආරම්භය පබළු 5 ක් යොදා පටන්ගත යුතු අතර ඉන්පසු පෙර පුරුදු පරිදිම එක් පබළුවක් සමඟ පබළු පහේ රවුම් වටයක් නිර්මාණය කළ යුතුයි. ඉන්පසු නැවත පබළු දෙකක් සමඟ පබළු හයේ වටයක් නිර්මාණය කළ යුතුයි. දැන් නැවත පබළු දෙකක් සමඟ පබළු හතේ වටයක් නිර්මාණය කළ යුතුයි. අවසානයේ දී පබළු දෙකක් සමඟ පබළු හයේ රවුමකුත් පබළුවක් සමඟ පබළු පහේ රවුමකුත් ලෙස මාරුවෙන් මාරුවට නිර්මාණය කර නත්තල් සීනුවේ හැඩතලය සකසා ගන්න.
2019/12/25 තරුණි බලන්න..........
උපදෙස්
ශ්‍රී ලංකාවට පබළු භාණ්ඩ කලාව හඳුන්වා දුන්, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශිකා
ඩී. ඩී. ගීතිකා මධුමාලි