වේවැල් නිර්මාණ වෙනුවෙන් ජනාධිපති සම්මාන ලැබූ හෂානි

පෙබරවාරි 26, 2020

“මගේ අම්මා, තාත්තා දෙදෙනාම රාජ්‍ය සේවකයෝ. අයියයි, මල්ලියි දෙන්නත් මූල්‍ය ආයතනවල රැකියාවේ නියුතු අයයි. මේ නිසාම ගෙදර ආර්ථිකය බොහොම යහපත්.

ඒත් අපේ ගෙදර කිසිකෙනෙක් මගේ පාසල් අධ්‍යාපනයෙන් පසුව මා වෙනුවෙන් වියදම් කරන්නට කැමැති වුණේ නැහැ. එයාලට ඕන වුණේ එයාලා වගේම මමත් ස්වශක්තියෙන් නැඟිටිනවා දකින්න.

එක්තරා විදිහට ඒක අභියෝගයක්. මම මොනවද කරන්නෙ ? කොහොමද අතට මුදලක් හොයාගන්නෙ ? නිතරම මම මටම ප්‍රශ්න කළා. ඇත්තෙන්ම උත්තරය ගෙදරම තිබුණා.

මගෙ තාත්තා ගුණසේන දිසානායක. කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ හිටපු මෝස්තර සම්පාදකවරයෙක්. තාත්තාගේ දැනුම නිතරම අපට බෙදා දුන්නා. දන්න කියන කාලේ ඉඳන්ම පන් ආශි‍්‍රත නිර්මාණවලට මා යොමු වී සිටියා. එබැවින් මා සතු සහජ හැකියාවන් තාත්තාගෙන් ලැබුණු ගුරුහරුකම් ඔස්සේත් නිර්මාණ කීපයක්ම කළා. මුලින්ම පුංචි මල් වට්ටියක් වියළා එය රු. 100 කට මගෙ යෙහෙළියකට අලෙවි කළා. ඒකට තිබුණු ප්‍රතිචාර අද වාගේ මතකයි. ඉන්පසුව අ.පො.ස. උසස් පෙළ කරන කාලේ අමතර පන්තිවල වියදම් හොයාගන්නත් මටම හැකි වුණා. විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලැබුවත් මා ජයවර්ධනපුර සරසවියෙන් බාහිර ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්තා.

මෙහෙම කාලය ගත වෙනකොට උපාධියක් තිබිලත් රැකියාවක් කරන්නෙ නැහැ’යි ගමේ අහල පහළින් චෝදනා ආවා.. මේක මට ලැජ්ජාවක්. එයට උත්තරයක් සොයපු මා කළේ වේවැල් ආශි‍්‍රත නිර්මාණ ව්‍යාපාරයක් ලෙසින් ආරම්භ කිරීමයි. දෛවය හරිම අපූරුයි

මම ජාතික ශිල්ප සභාවට හා සම්බන්ධ වී ගැලණිගම ප්‍රදේශයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ උපදේශිකාවක් ලෙසින් මේ කලාව ඉගැන්වීමට යොමුවුණා. ඒ ගැන 2012 වසරේ පුවත්පත් ලිපියක් පළවුණා.

ඒකෙ මගෙ ඡායාරූපය, දුරකථන අංකය ඇතුළත්. එක තරුණයෙක් මේ ලිපිය අහඹු ලෙස දැකලා මට සුබ පතන්න කතා කළා. ඒ දැනහඳුනා ගැනීමෙන් අපි විවාහ වුණා. ඔහුත් මූල්‍ය ආයතනයක සේවය කළ කෙනෙක්. මන්දුනී ශාෂා දියණිය ලැබී අපේ ආදරේ තවත් ශක්තිමත් වුණා.”

 

2020/02/26 තරුණි බලන්න.