කොරෝනා නිසා ලැබුණු විවේකයෙන් අලුත් අලුත් නිර්මාණ බිහි කළා

බතික් නිර්මාණ ශිල්පිනී ටිලානි ශෂිකලා
මැයි 25, 2020

 

''ෂා...හරිම ලස්සන බතික් සාරියක්. කොහෙන්ද චානු ඔයා ඕක ගත්තේ? ලොකු ගානක් වෙන්න ඇති මටත් ඔෆිස් අඳීන්න මේ වගේ සාරි දෙක තුනක් තිබ්බනම් නියමයි. මේ ඔසරිය දැකපු හැමෝම ඕකමයි කිවුවේ.

මේක මම බතික්, අත් යන්ත්‍ර රෙදි නිර්මාණය කරන කෙනෙක්ගෙන්මයි ගත්තේ. අතරමැදියො නැහැ. ඒ නිසාම හරිම සාධාරණ මුදලකට ගන්න පුළුවන් වුණා.''

''අද කාලෙ එහෙම ගන්න තැනක් තියෙන එකක් ලොකු දෙයක්.''

''හ්ම්,වෙලාවක අපි යමුකො එතැනට''.

මේ යෙහෙළියන්ගේ අගය කිරීම කුරුණෑගල යන්තම්පලාව ශෂි ලූම්ස් හි හිමිකාරිණිය ටිලානි ශෂිකලා ජයසිංහගේ දෑතින් නිර්මාණය වූ බතික් සාරියක් ගැනයි.

ඔබ දකින මේ අපූරු බතික් රටා ඇගේ අතින් සොඳුරු ලෙසින් නිර්මාණය වී තිබේ. එහෙත් එම රටා, මෝස්තර තරම් නම් ඇයගේ ජීවිතය සුන්දර එකක් නොවෙයි. ඇය කටුක අත්දැකීම් මඟින් ජීවිත පන්නරය ලැබූ දිරිය ගැහැනියකි.

 

2020/06/03 තරුණි පුවත්පත බලන්න.