වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
බ්‍රෙඩ් වඩේ
නොවැම්බර් 26, 2018
තේ මේසය සරසා ගන්නා ඉතා කදිම කෙටි ආහාරයකි.
පාන්, රුලං, මීකිරි වැනි විශේෂිත අමුද්‍රව්‍ය යොදා සකසන බ්‍රෙඩ් වඩේ රසයෙන් වගේම ගුණයෙන් ද ඉහළයි.
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පෙති 6 ක්
රුලං කප් 1/4 ක්
හාල් පිටි කප් 1/2 ක්
මීකිරි හෝ යෝගට්
කප් 3/4 ක්
සූදුරු තේහැඳි 1/2 ක්
චොප් කරගත් ලූනු
ගෙඩි භාගයක්
හීනියට කපාගත්
කරපිංචා ස්වල්පයක්
චොප් කරගත් අමුමිරිස්
රස අ නුව ලුණු
සාදන ක්‍රමය
පාන් ඉතාම කුඩා කැබලිවලට කඩාගන්න.
එයට අනෙක් දව්‍ය සියල්ලම එකතුකර හොඳින් මිශ්‍ර කරගෙන සොෆ්ට් ඩෝ එකක් අනාගන්න.
ඩෝ එක වියළි වැඩියි නම් තව මීකිරි හැන්දක් දෙකක් එක් කරගන්න.
විනාඩි 30 ක් වසා තබන්න. මිශ්‍රණයෙන් පොඩි ප්‍රමාණයක් අතට ගෙන උළුදු වඩේ හැඩයට සාදා ගැඹුරු තෙලේ අඩු ගින්දරේ රන්වන් පාට වනතුරු බැදගන්න.
෴ Related Articles ෴
ශ්‍රී ලාංකිකයන් වස විසෙන් තොර දේශීය ආහාරවලට හුරු...
රටක් ආදරය කළ siging chef දැන් කෝ්් ....?...