වර්ෂ 2025 ක්වූ July 21 වැනිදා Monday
ඇපල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය
පිටි ග්‍රෑම් 150 ක්
සීනි ග්රැම් 150 ක්
බටර් ග්‍රෑම් 150 ක්
බිත්තර 3 ක්
කොටු කපාගත් රතු
ඇපල් ග්‍රෑම් 100ක්
බේකිං පවුඩර් තේ හැඳි 1 1/2 ක්
වැනිලා තේ හැඳි 1 1/2 ක්
සාදන ක්‍රමය
පළමුව බටර් සහ සීනි බඳුනකට දමා බීට් කරන්න. ඉන්පසු එයට බිත්තර එකින් එක දමමින් නැවත බීට් කරන්න. දැන් පිටිවලට බේකිං පවුඩර් එකතුකර තෙවරක් හළාගන්න. පසුව කොටු කපාගත් ඇපල් මත පිටි තවරා එය ඉහත මිශ්‍රණයට දමන්න. එයටම පිටි ද දමා හැන්දකින් කලවම් කරන්න. වැනිලා ද එකතුකරන්න. දැන් බටර් තවරාගත් තැටියකට මෙම මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් විනාඩි 40 ක් පමණ බේක් කරගන්න.