මෙවර තරුණී නුග සෙවණ සුසංයෝගයෙන් අද අපි වෙනස්ම විදිහේ මාතෘකාවක් කතා කරන්නෙමු. ඒ මැහුම් කලාවේදී ඩාර්ට් හැසිරවීම සම්බන්ධවයි. ඔබ මැහුම් ක්ෂේත්රයට ආධුනික වුවත් ක්ෂේත්රයේ ප්‍රවීණයකු වුවත් මේ කරුණු කාරණා බෙහෙවින්ම වැදගත් වේවි.
ඒ අනුව අද අපි ඩාර්ට් හැසිරවීම පිළිබඳ සාකච්ඡා කරමු
pattern making වලදී ඔයාට මුලින්ම ඉගෙන ගන්න ලැබෙන ඉතාම වැදගත් කොටසක් තමයි ඩාර්ට් හැසිරවීම කියලා කියන්නේ. කාන්තාවකගේ උඩුකය සිරුර ගත්තම, ඉතාමත්ම ත්‍රිමාණ හැඩයක් දැක ගන්න පුළුවන්.
ඕනෑම පැටන් එකක් නිර්මාණය කිරීමේදී මෙම ත්‍රිමාණ හැඩය නිවැරදිව ඉස්මතු වන සේ මෝස්තරය නිර්මාණය කිරීම ඉතාමත්ම වැදගත්.
එසේ නොමැති විට බලාපොරොත්තු වන පරිදි අපගේ සිරුරේ හැඩයට ගැළපෙන පරිදි එම නිර්මාණය සකස් කිරීමට හැකි වන්නේ නැහැ. ඩාර්ට් එකක් යනු මෙම කාන්තා සිරුරේ ත්‍රිමාණ හැඩය , නිවැරදිව ඉස්මතු කර ගැනීමට යොදා ගන්න ප්‍රධාන අංගයකි. Pattern making වලදී අප සිදු කරන්නේ අපගේ සිරුරේ ත්‍රිමාණ හැඩය (3d shape) නිවැරදි පරිදි ද්විමාන තලයක් මත (2d paper) ප්‍රතිනිර්මාණය කිරීමයි. එහිදී අපගේ ත්‍රිමාණ ඩාට්ස් මඟින් අපට හැඩ කර ගත හැකි ප්‍රධාන ස්ථාන කීපයක් හඳුනා ගැනීම වැදගත් වේ.
මූලික පතරොමෙහි අපි නිතර යොදන ඉණ ඩාර්ට්, උරහිස ඩාර්ට් එක සහ අංශ ඩාර්ට් එක ඔබට හුරු පුරුදු ඇති. මෙම ප්‍රධාන ඩාර්ට්ස්, මූලික පතරොමේ අපට අවශ්‍ය පරිදි මෝස්තර නිර්මාණය කිරීමට පුළුවන්. අනිවාර්යෙන් මතක තබා ගත යුතු වන්නේ මෙම සියලුම ඩාට් කිසිම විටක, එකම ඇඳුමකදී එක විට භාවිත වන්නේ නැහැ.
සිරුරේ ත්‍රිමාණ හැඩය නිවැරදිව නිර්මාණය කර ගැනීමේදී අපට මෙම ඩාර්ට්ස් ඇඳුමෙහි මසා ගැනීමට හෝ පතරොමෙහිදීම ඩාර්ට් දෙකක් සම්බන්ධ කරමින් කට් එකක් යොදාගත හැකියි. එමඟින් ඇඳුමට තවත් ලස්සනක් එකතු කරමින්, ඩාර්ට් ඉවත් කර ගැනීමට පුළුවන්.
බොහෝ විට මැහුම් පිළිබඳව සහ Pattern making පිළිබඳව මූලික දැනුමක් පවා ඇති අය අනිවාර්යෙන්ම දැන සිටින princess line cut එකක් මෙසේ ඩාර්ට් දෙකක් සම්බන්ධ කර ගනිමින් ඇඳුමක යොදාගන්නා සුලභ කට් එකකි. මෙම princess line cut එකද, විවිධ නිර්මාණාත්මක හැඩ ඔස්සේ යොදාගත හැකි ආකාර කිහිපයක් පහත රූප සටහන් මඟින් තව දුරටත් වටහා ගන්න.
රූපය 1
ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි මූලික ස්ථාන දහයක් ඇත. එම ස්ථාන පරිදි වේ.
ඉණ ඩාට් එක
1) waist dart ඉණ ඩාට් එක
2) french dart ප්‍රෙන්ච් ඩාට්
3) Side dart අංශ ඩාට් එක
4) Mid armhole dart කිහිලිකට මැදට
5) Shoulder tip උරහිස කෙළවර
6) Mid shoulder dart උරහිස මැදට
7) Mid neck කර මැදට
8) Center front neck ඉදිරි මැද කර මුල
9) Center front bust ඉදිරි මැද ඩාර්ට් එක
10) Center front waist ඉදිරි මැද ඉණ ඩාර්ට් එක
රූපය දෙක
මෙසේ මූලික dartsවල පිහිටීම සහ darts හැසිරවිය ආකාරය (dart manipulation ) අධ්‍යයනය කිරීමෙන් සරලම මෝස්තරවල සිට සංකීර්ණම මෝස්තර දක්වා ලෝකයේ දකින ඕනෑම නිර්මාණයක් ඔබේ සිතැඟි පරිදි නව නිර්මාණයක් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. ඒ සඳහා විධිමත් ලෙස පතරොම් සැකසීම Pattern making) සහ ඩාර්ට් හැසිරවීම (dart manipulation ) හැදෑරීම අවශ්‍ය වේ. පහත රූප සටහන ඇසුරින් මෙම ඩාර්ට්ස්වල පිහිටීම අධ්‍යයනය කර මූලික පතරොම ඇසුරෙන් නිර්මාණය කළ හැකි , විවිධ මෝස්තර නිර්මාණය සඳහා ඔබත් උත්සාහ කර බලන්න.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

