Wednesday, May 6, 2026
Epaper
Home Hairකෙස් කලඹට නව පණක් සහ ආකර්ෂණීය පෙනුමක් Hair Crimper

කෙස් කලඹට නව පණක් සහ ආකර්ෂණීය පෙනුමක් Hair Crimper

by Shanaka Lakehouse

කාන්තා සෞන්දර්යය පිළිබඳ කතා කිරීමේදී හිසකෙස් සැරසිලි (Hairstyles) වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වර්තමානය වන විට කාන්තාවන් තමන්ගේ පෙනුම පිළිබඳව බෙහෙවින් උනන්දු වන අතර, සාමාන්‍ය සරල විලාසිතාවලින් ඔබ්බට ගිය නව්‍යකරණයන් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී ඇත. සාමාන්‍යයෙන් අප නිතර දකින ‘Straight’ හෝ ‘Curly’ පෙනුමට අමතරව, වර්තමානයේ ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද අතිශය ජනප්‍රිය වෙමින් පවතින විලාසිතාවක් ලෙස Hair Crimper භාවිතය හඳුන්වා දිය හැකිය. මෙය හිසකෙස්වලට වැඩි පරිමාවක් (Volume), නව්‍ය පෙනුමක් (Texture) සහ අද්විතීය විලාසිතාවක් (Unique Look) ලබාගැනීමට ඇති කදිම විසඳුමකි.


Hair Crimper යනු කුමක්ද?

Hair Crimper යනු හිසකෙස් හැඩගැන්වීම සඳහා භාවිත කරන මිශේෂිත තාප විද්‍යුත් උපකරණයකි (Heat Styling Tool). මෙහි ඇති රත් වන ලෝහ තහඩු සෘජු නොවී, රැලි සහිත (Zig-zag) ස්වභාවයක් ගනී. මෙම උපකරණය මඟින් හිසකෙස් තද කිරීමේදී (Pressing), කෙස් කලඹට ඉතා කුඩා රැලි ස්වභාවයක් එකතු වේ. සාමාන්‍ය Straightener එකකින් හිසකෙස් සිනිඳු සහ පැතලි කරන අතර, Crimper එකකින් කරන්නේ කෙස් කලඹේ ඝනකම සහ පෙනුම ස්වාභාවිකවම වැඩි කර පෙන්වීමයි.

Hair Crimper භාවිතයෙන් ලැබෙන ප්‍රධාන වාසි

හිසකෙස්වල පරිමාව (Volume) ක්ෂණිකව වැඩි කිරීම. බොහෝ දෙනකුට තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ හිසකෙස් තුනී වීම හෝ ඇලී ඇති ස්වභාවයක් ගැනීමයි. විශේෂයෙන්ම හිස්කබලට සමීපව හිසකෙස් Crimping කිරීමෙන් කෙස් කලඹ එසවුණු පෙනුමක් ලබා ගන්නා අතර, එය ඉතා පිරිපුන් ස්වභාවයක් (Fuller look) පෙන්නුම් කරයි. මෙය සිහින් හිසකෙස් ඇති අයට ලැබෙන ලොකුම සහනයකි.

දිගු වේලාවක් පවතින විලාසිතා (Long-lasting Styles)

සාමාන්‍යයෙන් Curly හෝ Waves විලාසිතා සුළඟට හෝ දහඩියට ඉක්මනින් විකෘති වීමට ඉඩ ඇත. නමුත් Crimped Hair විලාසිතාවක් ඉතා ස්ථාවරය. එම නිසා විවාහ මංගල්‍ය උත්සව, සාද හෝ රාත්‍රී ප්‍රියසම්භාෂණ වැනි දිගු වේලාවක් රැඳී සිටිය යුතු අවස්ථාවන් සඳහා මෙය නිවැරදි මතේරීම වේ.

වෙනස්ම සහ නවීන පෙනුමක් (Unique & Modern Look)

සෑම දිනකම දකින සාමාන්‍ය පෙනුමෙන් මිදී, විලාසිතා ලෝකයේ ඉදිරියෙන්ම සිටින කෙනකු ලෙස කැපී පෙනීමට Crimping උදවු වේ. මෙය තාරුණ්‍යයේ ජනප්‍රිය ‘Edgy’ සහ ‘Chic’ පෙනුම ලබා දීමට සමත් වේ.

විවිධ විලාසිතා සඳහා පදනමක් (Base) ලෙස භාවිත කළ හැකි වීම

බොහෝ දෙනෙක් නොදන්නා රහසක් නම්, සංකීර්ණ කොණ්ඩ මෝස්තර දැමීමට පෙර හිසකෙස් Crimp කිරීමෙන් එම මෝස්තර වඩාත් අලංකාරව සහ ශක්තිමත් ලෙස තබාගත හැකි වීමයි. විශේෂයෙන්ම ‘Braid’ (ගෙතුම්) වැනි විලාසිතාවලදී හිසකෙස් ලිස්සා යෑම වළක්වා ගැනීමට මෙය බෙහෙවින් උපකාරී වේ.

Hair Crimper භාවිතයෙන් කළ හැකි ආකර්ෂණීය විලාසිතා

Voluminous Ponytail

සාමාන්‍යයෙන් අප දමන ‘Ponytail’ එකකට වඩා Crimp කළ හිසකෙස්වලින් දමන Ponytail එක ඉතා ඝනකම් සහ මනස්කාන්ත පෙනුමක් ගනී. මෙය කාර්යාලයට හෝ සාදයකට වුවද ගැළපේ.

Half Up Half Down

හිසකෙස්වලින් කොටසක් පමණක් ඉහළට ගෙන ගැටගසා ඉතිරි කොටස මුදා හැරීම මෙහිදී සිදු කෙරේ. මුදා හරින ලද හිසකෙස් Crimp කර ඇති විට එය ඉතා සුකුමාල පෙනුමක් (Soft and cute look) ලබා දෙයි.

Boho Braids:

ඔබ ගෙතුම් විලාසිතාවලට කැමැති නම්, මුලින්ම හිසකෙස් Crimp කර පසුව ලිහිල්ව ගොතන්න. එවිට හිසකෙස් වැඩි ප්‍රමාණයක් ඇති බව පෙනෙන අතර එය ඉතා කලාත්මක (Bohemian) පෙනුමක් ද ලබා දෙයි.

Messy Bun

උත්සව අවස්ථාවලදී කොණ්ඩය ඉහළට කර බැඳීමේදී (Bun), හිසකෙස් Crimp කර ඇත්නම් එම Bun එක ඉතා විශාලව සහ අලංකාරව නිම කළ හැකිය.

නිවෙසේදීම ආරක්ෂිතව Crimping කරන්නේ කෙසේද?

ඔබට සැලෝන් එකකට නොගොස් ඔබේ නිවෙසේදීම මෙම විලාසිතාව කරගත හැකිය. නමුත් ඒ සඳහා පහත පියවර අනුගමනය කිරීම වැදගත් වේ:

පිරිසුදු හිසකෙස්

සෑම විටම පිරිසුදු සහ වියළි හිසකෙස් මත පමණක් Crimper එක භාවිත කරන්න. තෙත හිසකෙස් මත තාපය භාවිත කිරීමෙන් කෙස් අග පැදීම සහ හානි වීම සිදු විය හැකිය.

තාප ආරක්ෂණ (Heat Protectant) Crimper එක භාවිත කිරීමට පෙර ගුණාත්මක Heat Protectant Spray එකක් හෝ සේරම් (Serum) එකක් ගැල්වීම අනිවාර්ය වේ. එමඟින් තාපයෙන් සිදුවන හානිය අවම කරගත හැකිය.

හිසකෙස් කොටස් කිරීම

මුළු කෙස් කලඹම එකවර Crimp කිරීමට උත්සාහ නොකර, කුඩා කොටස්වලට බෙදා හිස්කබලේ සිට අග දක්වා ක්‍රමයෙන් Crimp කරන්න.

අවසාන නිමාව

විලාසිතාව අවසන් වූ පසු Hair Spray එකක් භාවිත කිරීමෙන් එම විලාසිතාව දවස පුරා නොවෙනස්ව තබාගත හැකිය.

සැලකිලිමත් විය යුතු කරුණු

Hair Crimper භාවිත කිරීම සුන්දර වුවත්, එය අධික ලෙස භාවිත කිරීම (Excessive heat) හිසකෙස්වල ස්වාභාවික තෙතමනය නැති කිරීමට හේතු විය හැකිය. එම නිසා දිනපතා භාවිත කරනවා වෙනුවට සතියකට වරක් හෝ විශේෂ අවස්ථාවලදී පමණක් මෙය භාවිත කිරීම නිවැරදි ක්‍රමයයි. එමෙන්ම භාවිතයෙන් පසු හිසකෙස් සඳහා හොඳ Conditioning ප්‍රතිකාරයක් (Hair Mask) ලබා දීමට මතක තබා ගන්න.

TEXT – සඳ කැලුම් පෙරේරා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?