වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
දීප්තිමත් සමක රහස සොයමු
නිවෙසේදීම ෆේෂල් එකක්
නිරෝගී පැහැපත් සමක් කියන්නේ ඕනෑම ගැහැනු ළමයකුගේ හීනයක්. හැබැයි හීන බලපු පළියට තමන්ට දිදුලන සමක් අයිති කරගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒකත් හීනයක්ම තමයි.
ඔබට දිදුලන සමක් අවශ්‍ය නම්, එසේම උපතින්ම ඔබට සුන්දර සමක් හිමි වුණා වුව ද එය එලෙසම දිගුකලක් රැකගැනීමට අවශ්‍ය නම් ඔබට ඒ වෙනුවෙන් සුළු හෝ කැප කිරීමක් කරන්න සිදුවෙනවා.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 20-25 ක් වූ පසු කාන්තාවකගේ සමේ විවිධ වෙනස්වීම් සිදු වෙනවා. සමහරුන්ගේ සම වියළි වී ඉරිතැළෙන විට තවත් සමහරුන්ගේ සමේ තෙල් ගතිය වැඩි වී කුරුලෑ සහ බිබිලි හට ගන්නට පටන් ගන්නවා. ඒ නිසා ෆේෂල් එකක් සිදුකර ගැනීමෙන් වයසත් සමඟ සමේ ඇති වන ගැටලු නැතිකර, සුන්දර මුහුණක් හිමිකර ගන්න පුළුවන්.
ෆේස් වොෂ් හෝ සබන් භාවිතයෙන් මුහුණට 100% ක සුමුදු බවක්, සුපිරිසුදු බවක් සහ දීප්තියක් ලැබෙන්නේ නැහැ. මේ නිසා කාන්තා මුහුණකට සැබෑ සොඳුරු බව මතුකර ගන්නට නම් ෆේෂල් එකක් කරගැනීම ගොඩක් වැදගත් වෙනවා.
ෆේෂල් එකකින් මුහුණට අත්වන වාසි
ෆේෂල් එකක් කිරීමෙන් මුහුණට 100% ක පිරිසුදුභාවයක් ලැබෙනවා. මුහුණේ සම මත ඇති පියවි ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග, පුස් වර්ග,දූවිලි, තෙල් තට්ටු, ආලේපන තට්ටු, ධූම පටල, මැරුණු සම ආදිය 100% ක්ම ඉවත් කරන්න ෆේෂල් එකකට පුළුවන්. එමෙන්ම රෝම කූප මුල සහ නළල් දාරයේ ඉතිරිව තිබූ අපද්‍රව්‍ය ද හොඳින් ඉවත්කර දෙනවා.
මුහුණේ ඇති කළු ලප, සුදු ලප සහ බිබිලි ඉවත් කරන අතරම සමේ මැරුණු සෛල ඉවත් කර සමට මෘදු බවක් ලබා දෙයි.
එමෙන්ම සමේ රැලි වැටීම අවම කරයි. මුහුණේ රුධිර සංසරණය ප්‍රාණවත් කරයි. සමේ ඇති වන ආසාදන අවම කරයි. මුහුණේ වියළි ගතිය හෝ තෙල් ගතිය පාලනය කර සම දීප්තිමත් කරයි. ඒ වගේම මුහුණට මේක් අප් දැමීමේ දී ලැබෙන පෙනුම වෙනදාට වඩා ලස්සන වෙයි.
එලෙස ෆේෂල් වර්ග කිහිපයක්ම තිබෙනවා. එනම් ශාකසාර, ෆේෂල්, ද්‍රව ඇසුරෙන් කරන ෆේෂල්, සිසිල් වාෂ්පීකරණ ෆේෂල්, තාප වාෂ්පීකරණ ෆේෂල්, විද්‍යුත් දහරා ෆේෂල් සහ ප්ලාස්ටික් සැත්කම් ෆේෂල් වර්ගයි. නමුත් අපේ රටේ කාන්තාවන් අතර ප්‍රචලිත මේවායින් ෆේෂල් වර්ග කිහිපයක් පමණයි.
2020/01/08 තරුණි බලන්න
උපදෙස්
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
තිරාණි පීරිස්