වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
දෑත් දෙපා සොඳුරු කරන නිය රැකගනිමු
ඔබේ ජීවිතය ලස්සන කරන්න සෑම සතියකම අප එනවා. ඒ අලුත් සිතිවිලි සමූහයකුත් රැගෙනයි. මේ සිතුවිලි දාමයේ අපේ කතාබහට විවිධ දේ මාතෘකා වුණා. ඒ දේවල් දිහා ඔබ නැවුම්ව, අලුත් විදිහට බලනවා නම් ඒවායේ අරුත් ඔබේ ජීවිතයට සමීප කරගන්නවා නම් සැබෑ ලෙසම ඔබේ ජීවිතය ලස්සන වෙනවා.
බලන්න, ඔබේ දෑත් සහ දෙපා දෙස. ඔබේ නියපොතු දෙස. ඒවායේ පෙනුම කොහොමද? ඔව්, අපි කියවමු නිය ලස්සන කරගන්න විදිහ. ඒ ලස්සන නිය ඔබේ සොඳුරු පෙනුම තවත් සුන්දර කරනවා නිසැකයි.
ලස්සනට පිරිසුදුව ඉන්න නම් දෑත් සහ දෙපා ගැන සැලිකිලිමත් විය යුතුයි. ගැහැනු, පිරිමි භේදයකින් තොරව අපි මේ ගැන සිතිය යුතුයි. දෑත් දෙපා ගැන කියද්දී අංක 1ට ගැනෙන්නේ නියපොතුයි. කුඩා අවදියේම අප දෑත් සබන් ගා සෝදා ආහාර ගැනීම ගැන ඉගෙන ගන්නවා. තරුණ වියට එළැඹෙත්ම නිය අලංකරණය පිළිබඳ ද සැලකිලිමත් වෙනවා.
අප කතාබහ කරන විට වචන පිටවනවා. ඒ හා සමානව දෑත්වලින් ද අප කතා කරනවා. අදහස් ප්‍රකාශ කරනවා. අපිට දෑත් සඟවා ගැනීම ඉතාමත් අපහසු කාර්යයක්. එම නිසා දෑත්වල නියපොතු පිරිසුදුව තබා ගැනීම ද කාන්තාවකගේ පෞරුෂයේ එක් අංගයක්.
නියපොතු කැඩීයාම, දුර්වර්ණවීම, දිරායාම, නරක්වීම ආදී විවිධ පීඩාකාරී තත්ත්වයන් ඇති විය හැකියි. නියපොතු සැපීමට පුරුදු වීම නිසා ද නියවල, දෑත්වල අවලස්සනක් මතුකරයි. කාන්තා, පිරිමි ඕනෑම කෙනකුªට මෙම ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකියි. මෙවැනි තත්ත්වයන් රෝගී තත්ත්වයන් බවට ද පත්වීය හැකියි. මේ විවිධ හේතු කාරණා නිසා දෑත්වල වගේම දෙපාවල ද නියපොතු මනාව පිරිසුදු කර සකසා ගැනීම ඉතා හොඳ සෞඛ්‍යය පුරුද්දකි.
විවිධ රාජකාරීවලදී දෑත් විවෘතව තබා වැඩකිරීමට ද ආවරණ පැලඳ (ඨතධමඥඵ) වැඩිකිරීමට ද සිදුවේ. දෑත් විවෘත වීම නිසා වියළීම ඉක්මනින් සිදු වේ. ඒ හා සමානවම දිගු වේලාවක් ආවරණය වී තිබීමෙන් ද දහදිය පිට නොවීම, සමහර අත්වැසුම්වල රසායනික ද්‍රව්‍යන් දෑත් මත ක්‍රියා කිරීම නිසා ද විවිධ රෝගාකාරී අවස්ථාවන් උදා වේ.
සමහර වෘත්තීන්වලදී අත්වැසුම් භාවිතය අනිවාර්යය වේ. හෙද, වෛද්‍ය, ආහාර ඇසුරුම්කරුවන්, රසායනාගාර පරීක්ෂකවරුන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, හෝටල් ක්ෂේත්රයේ සමහර පුද්ගලයන් මෙවැනි විවිධ වෘත්තීන්වල නියැළී සිටින අපේ කාන්තාන්ට දෑත් සහ නිය අලංකරණය පිළිබඳ වගේම, පිරිසුදු කිරීම ගැන විවිධාකාරයෙන් දැනුම ලැබෙනවා. නමුත් වේලාව නොමැතිකම නිසාම ඔවුන්ගේ මේ පිළිබඳ තිබෙන්නේ පටු ආකල්පයකි.
‘අපි නියපොතු ලස්සනට තියාගෙන ඇති වැඩේ මොකක් ද?”
2020/02/19 තරුණි බලන්න