වර්ෂ 2024 ක්වූ December 16 වැනිදා Monday
ජීවිතයම පාට කරන්න පටන් ගනිමු
හැමෝම කරන දේවල් ඔයා කරන්න ඕනි නෑ ටිකක් වෙනස් දෙයක් කරන්න. "ලංකාවේ බහුතරයක් මිනිස්සු කරන්නේ තව කෙනෙක් දෙයක් කරන්න පටන් ගත්තම ඒ දේ කරන්න උත්සාහ කරන එක"නමුත්, තමන් දෙයක් හිතලා කරන හරි කම්මැළි බහුතරයක් "අල්ලපු ගෙදර කෙනා එහෙමත් නැත්තන් යාළුවා අලුතින් මහන්න බිස්නස් එකක් පටන් ගත්තොත් ඒක අනිත් කෙනත් කරනවාම තමා..තව කෙනෙක් මහන්න දක්ෂ වුණා කියලා ඔයා ඒකට දක්ෂද? ඔයාගේ යටි හිත ඒකට කැමැතිද? කියලා බලන්න.
"අනුන් කරන දේ කරනවට වඩා පුංචි වෙලාවක් වෙන් කරන්න තමන් දක්ෂ මොනාටද කියලා හිතන්න."එතකොට ඔයාට සාර්ථක ගමනක් යන්න පුළුවන්" තමන්, තමන් වෙලා වෙන අය අනුකරණය නොකර ඉන්න"තමන්ගේ බිස්නස් එක ඇතුළේ අනුගේ දේවල් අරන් Market කරන්න එපා" තමන්ට, තමන්ගේ බිස්නස් එකට value එකක් තියා ගන්න"එතකොට, ඔයා ජීවිතේ නොහිතන වෙලාවට, නොහිතන විදිහේ ප්රාතිහාර්යයක් සිදු වේවී.."ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට බලා සිටින ඔබට තවත් එක් ලස්සන කලාවක් ලෙස රෙදි පින්තාරු කලාව හඳුන්වා දිය හැකියි.
සාරි අලංකරණය සඳහා ඇඳුම් අලංකරණය සඳහා කොට්ට උර, ඇඳ ඇතිරිලි, කුෂන් කවර යනාදිය අලංකරණය සඳහා මෙය බහුලව භාවිත කරයි. පළමු පාඩමේ දී මේ සඳහා අපට අවශ්‍ය ද්‍රව්‍ය හඳුනා ගැනීම වැදගත් වේ. ඒවා පහත පරිදි වේ.
උපදෙස් -
ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී
ඊ.ඒ. සඳමාලි නවෝදිකා