සිත් වසඟ කරන Temporary Hair Settings

සැප්තැම්බර් 23, 2024

මනාලියන් හැඩගැන්වීමේ ශිල්පිනියක කොණ්ඩ මෝස්තර දැමීමට මෙන්ම තාවකාලිකව කොණ්ඩය සකස් කිරීමට (Temporary hair setting) මනා හුරුවක්, පුහුණුවක් ලැබිය යුතුයි.

මනාලිය ⁣මධුසමය සඳහා පිටත්ව යද්දී(Going away) බොහෝ විට එක් කරන්නේ තාවකාලිකව දමන කොණ්ඩ මෝස්තරයකි. Home Coming එක සඳහාත් ත් මෙය සුදුසු වේ. මනාලියගේ යෙහෙළියන්, මල් කුමරියන් සඳහාත් දැන් බොහෝවිට යෙදෙන්නේ තාවකාලික කොණ්ඩා මෝස්තරයි. විවාහ මංගලෝත්සවය සඳහා සහභාගි වන්නන් ද දැන් දැන් කොණ්ඩ මෝස්තර වෙනුවට තාවකාලික කොණ්ඩ මෝස්තර දැමීමට වැඩි කැමැත්තක්, නැඹුරුතාවක් දක්වයි. Loose hair ලෙස සකසා ගත හැකි මේ විලාසිතා තරුණියන් බෙහෙවින් ප්‍රිය කරන අතර කාන්තාවන්ටද අඩු වයස් පෙනුමක් ගෙන දෙයි.

 

Temporary hair settings

යුරෝපාකරයේ බෙහෙවින්ම ජනප්‍රිය වූවකි. නමේ අර්ථයෙන්ම මෙය තාවකාලිකව දමන කොණ්ඩා මෝස්තරයකි. මේ සඳහා යොදා ගන්නේ හිසකෙස් ගැල්වීමේ උපකරණ සහ සැකසීමේ උපකරණයි.

 

විද්‍යාත්මක පසුබිම

තාවකාලිකව හිසකෙස් සැකසීමකට පෙර කොණ්ඩය ඒ සඳහා සූදානම් කළ යුතුවේ. හිසකෙස්වල ඇති ජලවාෂ්ප උරා ගැනීමේ හැකියාව ඇති කළ යුතුයි.

හිසකෙස් සැකසීමේදී සිදුවන විද්‍යාත්මක පසුබිම පිළිබඳ දැනුම්වත් බවක් තිබීම වැදගත් වේවි. කෙස්ගසට අවට වාතයේ ඇති ජල වාෂ්ප උරා ගැනීමේ හැකියාව තිබේ. එය හයිඩ්‍රස්කොපිය නම්වේ. ජලය උරා ගත් විට කෙස් ගස තුළ ඇති හයිඩ්‍රජන් සහ සෝල්ට් බන්ධන බිඳී යෑමකට ලක්වේ. මෙම බිඳීයෑම උෂ්ණත්වය වැඩි වීම මඟින් ද සිදුවේ. බන්ධන බිඳී ගිය හිසකෙස් නම්‍යශීලි වේ. එවිට කොණ්ඩය විවිධ ස්වරූපයන්ට පත් කිරීම පහසු වේ. විවිධ උපකරණ භාවිතයෙන් අයන් කිරීම, රොට්ස්, රෝල සෙටිංස්, ක්‍රිම්ප් අයන්, ක්ලීන් ටොන් වැනි ආකාරවලින් කොණ්ඩය සකසා ගැනීම සිදු කරන්නේ ඉන්පසුවයි. Temporary hair settings ලෙස හඳුන්වන්නේ මේ තත්ත්වයයි. සාමාන්‍යයෙන් කෙස්ගස පවතින්නේ ඇල්ෆා තත්ත්වයේය. එය බීටා තත්ත්වයට පත්වේ.

එනම් කෙස් ගසේ ව්‍යුහය X තත්ත්වයේ සිට B තත්ත්වයට පත් වේ. නැවත කෙස් ගසේ හයිඩ්‍රස්කොපි ස්වභාවය හේතුකොටගෙන වාතයේ ජල වාෂ්ප උරා ගැනීම මඟින් හිස කෙස් ස්වාභාවික තත්ත්වයට පත් වෙයි. එනම් නැවත සකසා ගත් B තත්ත්වයේ සිට X තත්ත්වයට පත්වේ.

 

හිසකෙස් තාවකාලිකව සකසා ගැනීමේ ක්‍රම (Temporary Hair Setting Method)

* Blow dry කිරීම

* ස්ට්‍රෙටිං කිරීම(විදුලි අයන මඟින්)

* Roller Setting

(රෝල යොදා සකස් කිරීම)

* Tong යන්ත්‍ර මඟින් හිසකෙස් සැකසීම

* Crimp Iron භාවිතයෙන් කුඩා රැලි

සකස් කිරීම

* තාප රෝල භාවිතයෙන් රැලි කිරීම

( Hot Roller Setting

* Ring curls, barrel curls

සකසා ගැනීම

 

Blow dry කිරීම

මෙහිදී කොණ්ඩය ෂැම්පෝ, කන්ඩිෂනර් කිරීමෙන් තෙල්, කුණු ඉවත් වීම නිසා අලංකාරව දිස්වේ. එක් එක් බ්‍රෂ් වර්ග භාවිත කොට Flick in (ඇතුළට සිටින පරිදි), Flick out (පිට පැත්තට නැමෙන පරිදි) යන දෙයාකාරයෙන් Blow dry කළ හැකියි. මේ සඳහා setting lotion, එක් එක් volume ඇති ස්ප්‍රේ වර්ග භාවිත කරයි. ප්‍රමිතියෙන් යුතු Lotion වර්ග භාවිතයෙන් Blow dry එකක් පැය හත අටක් වුව හොඳින් තබා ගත හැකියි.අලංකාරවත් බවින් ඉහළ Blow dry වර්ග තිබේ.

 

Iron කිරීම හෙවත් කොණ්ඩය තාවකාලිකව Straight කිරීම

මෙයද ජනප්‍රිය ක්‍රමයකි. කැරලි ගැසුණු නැතිනම් Curly කොණ්ඩයක් ඇති කෙනකුට Straight hair එකක් තාවකාලිකව අවශ්‍ය නම් එය ප්‍රමිතියෙන් යුතු අයන් එකක් භාවිතයෙන් හොඳ උෂ්ණත්වයක් යටතේ ස්ප්‍රේ, මූස් ආදිය භාවිත කර සිදු කළහොත් දිගු වෙලාවක් මනාව පවත්වා ගත හැකි වේවි. මේ සඳහා වඩාත් සුදුසු වන්නේ සෙරමික් අයන් එකයි. එය ප්‍රමාණයෙන් කුඩා එකකි. කන ළඟ අයන් කරන විට කුඩා අයන් එකක් භාවිත කරද්දී එය මැනවින් අයන් කරගත හැකියි.

Blow dry කරද්දී බ්‍රෂ් එකෙන් හැඩතල මවනවා මෙන් අයන් එකෙන් ද ලස්සන හැඩතල මැවිය හැකියි.

 

Roller Settings

මෙය Hot Roller Settings සහ Normal Roller Settings ලෙස අවශ්‍යතාව අනුව කළ හැකියි.

Hot Roller එකෙන් කරන මෝස්තර අත්‍යලංකාර බවින් යුතු එකකි. මීට අමතරව පර්මින් රොඩ්ස්, ස්පයිරල් රොඩ්ස් ආදියට ස්ප්‍රේ, මූස් ආදිය එකතු කිරීමෙන් අලංකාර රටා මැවිය හැකියි.

 

Ton Settings

එහි කොණ්ඩය ඔතන කොටස බැරල් එක ලෙස හඳුන්වයි. Small, Medium , Large Baral ලෙස තිබේ.

මනාලියන් ඇන්දවීමේ NVQ කොටසේ ප්‍රායෝගික විභාගයේදී Tone Settings කොටස අනිවාර්යයෙන්ම බැලේ.

 

Crimp Settings

මෙය අයන් එකේම තවත් කොටසකි. මෙහිදී කොණ්ඩය ෂැම්පෝ කර, Blow dry කර Crimp Iron එකෙන් අයන් කරයි. ඉන්පසු කොණ්ඩ විලාසිතාව කළ හැකියි. අවශ්‍ය නම් Crimp Settings එකෙන්ම Temporary hair setting එක කළ හැකියි.

මෙයත් ඉතාම අත්‍යලංකාර Temporary hair settings විලාසිතාවකි. මෙහිදී හොඳම ප්‍රමිතියකින් යුතු Crimp Iron එකක් භාවිත කිරීමෙන් මනා නිමාවක් ලබාගත හැකියි.