වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
විඳවන්නේ නැතිව විද ගන්න
සරම්ප රෝගය බුද්ධ වර්ෂ 600න් ඔබ්බටද වාර්තා වේ. කෙසේ වුවද රෝගය පිළිබඳ මුල්ම විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලද්දේ පර්සියානු ජාතික විද්‍යාඥයකු විසිනි.
සරම්ප යනු මෙරටින් තුරන් කළ රෝගයකි. 2023 වසර වනවිට නැවත ශ්‍රී ලංකාවේ සරම්ප රෝගීන් වාර්තා වන්නට පටන් ගෙන ඇත. එය පාලනය කිරීමට ගත හැකි මූලිකම ක්‍රියාමාර්ගය වන්නේ එන්නත් කිරීමයි.
වයස අවුරුදු 20 -30 කාණ්ඩයේ පසුවන්නන් එහිදී එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් අය මෙන්ම එක් මාත්‍රාවක් ලබා ගත් අය ද සිටින්නට පුළුවනි. ඒ අය හරහා රෝගය පැතිර යා හැකියි. සරම්ප රෝගය සම්බන්ධයෙන් විශේෂ එන්නත් වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ ඔවුන් ඉලක්ක කර ගනිමිනි. මේ දිනවල අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසු වන්නන් ඉලක්ක කර ගනිමින් එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව ඇත්තේ බෝවන රෝග පැතිර යාම සම්බන්ධයෙන් අවම මට්ටමක නිසා නැවත සරම්ප තුරන් කළ රටක් ලෙස සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබා ගැනීම වැදගත් වෙයි.
අපේ රටේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ දරුවන් ඉලක්ක කර ගනිමිනි. එහෙත් මෙවර අවුරුදු 20 - 30 කාණ්ඩයේ තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් තෝරාගත් ප්‍රධාන දිස්ත්‍රික්ක 12ක කලින් සරම්ප එන්නත ලබා නොගත්, අතපසුවීමකින් සරම්ප එන්නතින් සම්පූර්ණයෙන්ම ආරක්ෂාව ලබා නොගත් අයට නැවත මාත්‍රාවක් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. සරම්ප යනු ඉතා පහසුවෙන් එක් අයකුගෙන් තවත් අයකුට බෝ විය හැකි වයිරසයක් මඟින් ඇතිවන රෝගී තත්ත්වයකි. එය විශේෂයෙන්ම දරුවන් අතර සංකූලතා සහ මරණ ඇති කරවන රෝගී තත්ත්වයකි.
රුබෙයෝලා නමින්ද හැඳින්වෙන සරම්ප රෝගය මෝබිලි වයිරස් නම් ගණයට අයත් පැරාමික්සො වයිරසය මඟින් ඇති කරනු ලැබේ.
රෝගය බෝ වන්නේ
රෝගය ව්‍යාප්ත වන්නේ ආසාදිත රෝගියකුගේ නාසයෙන් හා මුඛයෙන් පිටවන බිඳිති කෙළින්ම හෝ වාතය මාර්ගයෙන් ව්‍යාප්ත වීම මඟිනි. එනම් ආසාදිත පුද්ගලයකු ආශ්වාස ප්‍රශ්වාස කිරීම කැස්ස හෝ කිවිසුම් මඟින් ඉතා වේගයෙන් පැතිරෙන බෝවන රෝගයකි. රෝගය සඳහා ප්‍රතිශක්තිකරණය නොමැති අය අතුරින් සියයට අනූවකටම ආසාදිත රෝගියකු මාර්ගයෙන් රෝගය බෝවේ. ඒ නිසා සරම්ප රෝගය ඇතැයි අනුමාන කෙරෙන සෑම රෝගියකු හටම ඉහත ආකාරයට වාතය මඟින් බෝවීම වැළැක්වීම සඳහා ආරක්ෂිත විධිවිධාන යෙදිය යුතුවේ.
සරම්ප රෝගය බුද්ධ වර්ෂ 600න් ඔබ්බටද වාර්තා වේ. කෙසේ වුවද රෝගය පිළිබඳ මුල්ම විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලද්දේ පර්සියානු ජාතික විද්‍යාඥයකු විසිනි. පසුගිය වසර 150 තුළ සරම්ප රෝගය හේතුවෙන් ලොව පුරා ජනතාව මිලියන දෙසීයක් පමණ මියගොස් ඇත.
ජර්මන් සරම්පය අනුව රුබෙල්ලා වයිරසය මඟින් ඇති කරන මෙයට අදාළ නොවන රෝගී තත්ත්වයකි.
සරම්ප රෝගයෙහි බීජෞෂණ සමය වන්නේ රෝග ලක්ෂණ නොමැති දින 4 සිට 12 දක්වා වූ කාල පරිච්ඡේදයයි. ආසාදිත රෝගීන්ට රෝග ලක්ෂණ ඇති වූ අවස්ථාවේ සිට සිරුර පුරා ලප ඇති වී දින 3 සිට 5 අතර කාලය ගතවන තෙක්ම තව කෙනකුට රෝගය බෝ කිරීමේ හැකියාව ඇත.
රෝග ලක්ෂණ
* තද උණ
* මුඛය ඇතුළත කුඩා සුදු ලප
* සම මතුපිට කැසීම
* රතු හෝ දුඹුරු පැහැති දද
සාමාන්‍යයෙන් කැසීමක් ඇති නොවන අතර මූලික රෝග ලක්ෂණවලින් පසුව මතුවෙයි.
* සිරුර පුරා ව්‍යාප්ත වීමට පෙර මූලික වශයෙන් මුහුණ සහ කන පසුපස ප්‍රදේශවල කුෂ්ඨ හට ගනී. කළු සහ දුඹුරු සම මත එම කුෂ්ඨ පැහැදිලිව නොපෙනේ.
* ඇස්වල රතු පැහැය, ඉදිමීම සහ කඳුළු ගැලීම
* නාසයෙන් දියර ගැලීම
* කැස්ස සහ කිවිසුම් යෑම
* තෙහෙට්ටුව
සංකූලතා
සරම්ප නිසා දරුවන් අතර ඇතිවිය හැකි සංකූලතා අතර නියුමෝනියාව, පාචනය, මැද කනේ ආසාදනය, එන්සෆලයිටීස්(මොළයේ උණ) දැක්විය හැකියි. සරම්ප මඟින් ඇතැම් පුද්ගලයින්ට පෙණහලු සහ මොළයේ ආසාදන ඇතුළු බරපතළ සහ ජීවිතයට තර්ජනයක් විය හැකි සංකූලතා ඇති කළ හැකියි.
සරම්ප රෝගයේ සංකූලතාවලින් පීඩාවට පත්වන කාණ්ඩයන්
* වයස අවුරුදු පහට අඩු දරුවන්
* වයස අවුරුදු විස්සට වැඩි වැඩිහිටියන්
* ගර්භිණී කාන්තාවන්
* ලියුකේමියාව හෝ HIV වැනි ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූවන්
සරම්ප රෝගය දෙවරක් වැලදෙන්නේද?
එය සිදුවිය හැකි නමුත් ඉතා දුර්ලභ තත්ත්වයකි.
සරම්ප එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට හඳුන්වා දෙනු ලැබුවේ 1984 වසරේදීය. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන හරහා සරම්ප එන්නත හඳුන්වා දීමත් සමඟ සරම්ප රෝගීන් සංඛ්‍යාව මෙන්ම සරම්ප රෝගය නිසා මිය යන සංඛ්‍යාවද සැලකිය යුතු අන්දමින් පහළ බැස යෑමක් දක්නට ලැබුණි. නැවත 1999 - 2000 සහ 2013 - 2015 යන කාල වකවානුවල සරම්ප රෝගය වසංගත තත්ත්වයෙන් පැතිර යාමක් දැකිය හැකි විය. මෙවැනි වසංගත තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමේ අරමුණින් ප්‍රජාවේ සරම්ප රෝගය සඳහා ප්‍රතිශක්තිය සහිත ප්‍රතිශතය ඉහළ දැමීම සඳහා මාස 9දී ලබා දුන් සරම්ප එන්නතට අමතරව 2001 වසරේ සිට සරම්ප සහ රුබෙල්ලා අඩංගු එන්නත(MMR එන්නත) වයස අවුරුදු 3 සම්පූර්ණ කළ දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙනු ලැබිණි. එමඟින් සරම්ප රෝගය සඳහා දෙවන එන්නත් මාත්‍රාවක් දරුවන්ට ලබාදීම ආරම්භ විය. මාස 9 සම්පූර්ණ වූ විට ලබාදෙන සරම්ප එන්නත සහ අවුරුදු තුන සම්පූර්ණ වූ විට ලබා දෙන සරම්ප සහ රුබෙල්ලා MR එන්නත වෙනුවට වයස අවුරුද්ද සහ අවුරුදු තුන සම්පූර්ණ වූ දරුවන් සඳහා සරම්ප, රුබෙල්ලා සහ කම්මුල්ගාය(MMR) එන්නත 2011 වසරේදී ලබාදීම ආරම්භ කෙරිණ. රෝග ව්‍යාප්තිය පදනම් කරගෙන බෝවන රෝග පිළිබඳ උපදේශන කමිටුව විසින් MMR පළමු මාත්‍රාව නැවත මාස නමයේදී ලබාදීමට 2015 වසරේදී තීරණය කරන ලදී.
උපදෙස් :
වසංගත රෝග විශේෂඥ වෛද්‍ය
හසිත තිසේරා