පුළුලුකුල හැඩ කරන සාරිය

දෙසැම්බර් 16, 2024

 

05 රූපය

ඉහත ක්‍රමයට සාරිය ඇඳීම වඩාත් උචිත වන්නේ උත්සව අවස්ථාවකටයි. පළමුවෙන්ම සාරිය අඳින පිළිවෙළට ඇඳ ඇඳගන්න. සාරිය ඇඳීමේදී පොටට හීන් රැලි තබාගන්න. එම පොට ගෙන උරහිසට කටුවක් ගසා ගන්න. පොට රැලිකර ගැනීම ඉහත සඳහන් කළ පරිදි කළ යුතුවේ. එම රැලි සහිත පොට අනෙක් පැත්තේ උරහිසට තබා නොගැලවෙන සේ කටුවක් ගසා ගන්න. කවුල් හැඩයක් එන පරිදි ගසාගත යුතුවේ. ඉන්පසු එම පොට ඉදිරියෙන් පහළට ගෙන (කවුල් හැඩයක් සේ ගන්න) අනිත් උරහිසට තබා කටුවක් ගසා ගන්න. එම උරහිසට සාදාගත් රෝස මලක් සවිකර ගැනීමෙන් කැපී පෙනෙන ලස්සනක් ලැබේවි. මෙම ක්‍රමයට සාරිය ඇඳීමට යාර හත අටක් පමණ වුවමනාවේ. මෙය දෙවැනි මනාලිය සඳහා උචිත මෝස්තරයකි.

 

06රූපය

මෙම ක්‍රමයට සාරිය අඳිනු ලබන්නේ පෙර පරිදි සාරිය ඇඳ සාරිපොට ගෙන කිහිල්ල යටින් දමා අත වටේට එක් වරක් කරකවා සාරිපොට විහිදෙන්න අරින්න. මේ ක්‍රමය මනාලියකට වුවද ගැළපේ.

 

07 රූපය

 

ඉහත සඳහන් කළ පරිදි සාරිය ඇඳ සාරිපොට කිහිල්ල යටින් ගෙන (කිහිල්ල ළඟින් හැලේ නම් සාරිපොටට කටුවක් ගසාගන්න.) පිටුපස කවුල් හැඩයක් සිටින සේ සකසා ගෙන (එම කවුල් මැද පබළු වැලක් එල්ලෙන්නට දමන්න.) එම පොට ඉදිරිපසට ගෙනැවිත් ඉදිරිපස ද කවුල් හැඩයක් සිටින සේ සකසා ගන්න. එසේ නැතිනම් ඉදිරිපසින් එක පැත්තක් පමණ කවුල් හැඩයෙන් සකසාගෙන අනෙක් පැත්තට පොට විහිදෙන්න අරින්න. මේ ක්‍රමයට සාරිය ඇඳීමේදී සාරි බ්ලවුසයේ අත් නැතිව මසාගෙන ඒ වෙනුවට අතට පබළු වැලක් දැමීමෙන් අලංකාර වේ.

 

 

 

ඉදිරිපත් කිරීම

ආයුර්වේද වෛද්‍ය (පාරම්පරික)

චර්ම රෝග විශේෂ

චාමලී කල්දේරා

(NVQ Level-3/4

ඇගයීම් නිලධාරිනි)

 

 

 

රූ රටා - නිලක්ෂි ආරියරත්න

[email protected]