කම්බි කූරු පිළිබඳ දැනුවත්ව සිටීම සවිමත් නිවෙසකට කරන ආයෝජනයක්

නොවැම්බර් 27, 2019

තමන්ටම කියා නිවහනක් තනාලීම මූලික අවශ්‍යතාවක් සපුරාලන්නක්. එයට නොයෙකුත් අංගෝපාංග එකතු කරගනිමින් එකිනෙකා පරයා යන තරමේ නිවෙසක් තනාගන්නයි අද බොහෝදෙනා උත්සාහ ගන්නේ.

නිවෙසක් සෑදීමට ගන්නා මූලිකම අමුද්‍රව්‍යන් අතරේ යකඩ කම්බි පෙරමුණේම සිටියි.

වැලි, ගඩොල්, සිමෙන්ති අතරට එකතුවන යකඩ කම්බි ඔබට පසුකලෙක වෙනස් කරන්නට අවශ්‍ය යැයි හැඟුණත් එසේ කිරීම අපහසුය.

එසේ නම් එම කොටස් මුළුමනින්ම කඩා බිඳ දමා නැවතත් ගොඩනඟන්නට සිදුවේ. එසේ නම් ඔබ එක්වරම ගත යුත්තේ වඩාත් නිවැරැදි තීන්දුවකි.

යකඩ එසේත් නැත්නම් ස්ටීල් යැයි කියූ සැණින් ඔබට සිහිවන්නේ මලකඩ කාවිදැයි යන හැඟීමයි. පෙරුම්පුරා ගෙන ගොඩනඟන්නට උත්සාහ කරන ඔබේ සිහින මාළිගාවේ සවිශක්තිමත් බව වඩ වඩාත් තිව්‍ර කරනුයේ යකඩ කම්බියි.

එසේ නිවෙසක් තනන්නට සැලසුම් කරන ඔබ අවශ්‍ය කම්බි තෝරාගැනීම කළ යුතුවන්නේ කෙසේ ද? මේ ඒ පිළිබඳ කරන මූලික දැනුවත් කිරීමකි.

අත්තිවාරම දමන තැනේ සිට බීම්, කොලම්, ස්ලැබ්, බිත්ති නැග්ගවීම යන මේ සියලු අවස්ථා සඳහා යකඩ කම්බි අවශ්‍යතාව මතුවේ. මෙහිදී ඔබ දැක ඇති සාමාන්‍ය කම්බි කූරු සහ වැරගැන්වූ කම්බි වශයෙන් වර්ග දෙකක් ඇති බව.

සාමාන්‍ය කම්බි කූරු ජනේලවලට, පාසල් පුටු මේස යනාදියට යොදයි.

මෙම කම්බි කූරු එළිමහනට නිරාවරණය වන නිසා ඒවාහි තීන්ත ආලේප කිරීම වැනි කම්බි කූරු ආවරණය කිරීමට ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වෙව්.

ඒ මලකඩ කෑම වැළැක්වීම සඳහා යි.

නිවෙසක්, ගොඩනැගිලි ආදිය ඉදිකිරීම සඳහා බොහෝවිට ගන්නේ වැරගැන්වූ කම්බි ය. මෙය දාර සහිත කම්බියකි.

මේවා සාමාන්‍ය කම්බි කූරුවලට වඩා ශක්තිමත් බවින් යුතුය.

වැරගැන්වූ කම්බි තෝරා ගැනීම

මෙම කම්බි අඕ500 යනුවෙන් සඳහන් කොට ඇත. එහි ශක්ති අගය 500 සිට 650 පමණ දක්වා තිබේ. අඕ 500 අංකයෙන් යුතු ඒවා ගැනීම වඩාත් සුදුසු ය. එසේම ඔබ මිලදී ගන්නා වැරගැන්නුම් කම්බිවල වෙළෙඳනාමය කෙරෙහි ද බෙහෙවින් සැලකිලිමත් විය යුතුය. පිළිගත් වෙළෙඳ නාමයකින් යුතු නිෂ්පාදනවල ගුණාත්මක බව ද ඉහළ බව අවිවාදයෙන් යුතු පිළිගැනීමට සිදු වේ. කම්බි කූරේ මීටරයක් පමණ ඇතුළත කොටසේ වෙළෙඳ නාමය හා ඇතුළත් වේ. මීට අමතරව එම නිෂ්පාදන ලබා ඇති තත්ත්ව සහතික පිළිබඳ ද සොයා බැලීම වටී. (ඉ 375 නිෂ්පාදන සහතිකය , ධ්ඉර්‍ණ 9001, ධ්ඉර්‍ණ 14001තත්ත්ව සහතික)

 

උපදෙස් මෙල්වයර් රෝලිං පුද්ගලික සමාගමේ තත්ත්ව පාලන ඉංජිනේරු

මදුසංක සමරසිංහ

 

2019/11/27 තරුණි බලන්න