නිවෙස අමුතු ලෙස සරසන පාට පිරුණු ශාක තිළිණ අලුත් අවුරුද්දට ස්මාට් ගහක් තෑගි දෙන්න

දෙසැම්බර් 5, 2022

 

විශේෂයෙන් රාත්‍රී කාලයේ දී මෙම පැළ ඔක්සිජන් මුදා හරින බැවින් ඔබේ නිදන කාමරයට වඩාත් සුදුසුයි. තවද අලංකාරය මෙන්ම මනසේ විඩාබර ගතිය දුරැලීමට කදිමයි.

 

තෑගි දෙන සාස්තරේ ගැන හොඳින්ම දන්නෙ ශ්‍රී ලාංකික අපි. ඒත් ඉතිං මේ දවස්වල කාගෙ කාගෙත් ආර්ථිකයට කන කොකා හඬලා. එහෙම කියලා ඔබේ ළබැඳියන්ගේ විශේෂ අවස්ථා මඟ හරින්නටත් බැහැනේ. ඒ විතරක් නොවෙයි ඔබේ කැදැල්ලේ සුන්දරත්වයට වුණත් අලුතින් යමක් එකතු කරගන්න ඔබේ හිතේ ඇති. එයට අමතරව අතට පුංචි මුදලක් රඳවා ගත හැකි කදිම ස්වයං රැකියාවකි. මේ විසිතුරු පතොක් පැළ නිර්මාණ පෙළ ගෙන එන්නේ ඔබේ ඒ සිතැඟි වෙනුවෙනි.

 

ඇත්තෙන්ම මෙවැනි නිර්මාණයක් ඔබේ ආලින්දයේ හැඩට, නිදන කාමරයට මෙන්ම මුළුතැන්ගෙයට වගේම ගෙවත්තේ සුන්දරත්වයට ගෙනෙන්නේ මනරම් පෙනුමකි.

විශේෂයෙන් රාත්‍රී කාලයේ දී මෙම පැළ ඔක්සිජන් මුදා හරින බැවින් ඔබේ නිදන කාමරයට වඩාත් සුදුසුයි. තවද අලංකාරය මෙන්ම මනසේ විඩාබර ගතිය දුරැලීමට කදිමයි.

එමෙන්ම මෙය අතේ ඇති මුදලකින් ආරම්භ කළ හැකි ව්‍යාපාරයකි. පැළයේ ප්‍රමාණය සහ වර්ගය අනුව මිල ගණන් වෙනස් වේ. පැළය නිසියාකාර සාත්තුව හා නඩත්තුව අනුව ආයු කාලය තීරණය කෙරේ. නීරෝගිමත් පැළයක් අවුරුදු දෙකකට වඩා කල් පවතී.

උපන් දින, සංවත්සර, මංගල උත්සව, පාසල් සහ උපකාරක පන්තිවල උත්සව, කාර්යාලීය උත්සව අවස්ථාවල දී මේස සැරසිලි සඳහා මෙන්ම පෙම්වතුන් වැනි සුවිශේෂී ළබැඳියන්ට තිළිණ කරන්නට කදිමයි.

ඔබත් කැමැති ඇති මේ විසිතුරු පතොක් පැළයක් නිර්මාණය කරගන්න.

 

ඒ සඳහා මෙන්න මේවා අවශ්‍ය කරනවා.

 

මධ්‍යම ප්‍රමාණයේ වැඩුණු පතොක් පැළයක් (සකියුලන්ට්, ඇන්ග් වින්ග්ස්, සැගුවේරෝ, බිෂොප්ගේ කැප්, බැරල් කැක්ටන් වැනි)

පැළයට සුදුසු කුඩා ප්‍රමාණයේ සිදුරු සහිත පෝච්චියක්

පොහොර මිශ්‍රණයක් (ගංගා වැලි කොටස් 04ක්, කොම්පොස්ට් පොහොර කොටස් 01ක්, මතුපිට පස් කොටස් 1/2ක්, අඟුරු කැබැලි කොටස් 1ක් හෝ දහයියා කොටස් 01ක්)

කුඩා සිදුරු සහිත නෙට් කැබැල්ලක්

 

සැරසීම සඳහා මෙන්න මේ දේවල් ගත හැකියි.

තේමාවට අදාළ ටොපර් එකක්

කුඩා ප්‍රමාණයේ වර්ණවත් සැරසිලි ගල් සිප්පි කටු කිහිපයක් හෝ ඔබට සිතැඟි පරිදි ඕනෑම සැරසිලි ද්‍රව්‍යයක්

 

මේ ලෙසින් සාදා ගනිමු

පළමුව ගංගා වැලි කොටස් හතර, කොම්ෙපා්ස්ට් පොහොර කොටස් එක, අඟුරු කැබැලි කොටස් එක සහ මතුපිට පස් කොටස් 1/2 මිශ්‍ර කර පොහොර මිශ්‍රණය සකසා ගන්න. ඉන්පසු තෝරාගත් පෝච්චිය පතුලට නෙට් කැබැල්ල දමාගන්න. සාදාගත් පාංශු මිශ්‍රණය පෝච්චිය තුළට දමා පස් තද නොකර පැළය පස යටටම නොයන ලෙස සිටුවා ගන්න. එසේ කරනුයේ දිලීර ආසාදනය නොවීම සඳහායි. ඉන්පසුව දවස් තුනක් පමණ ජලය නොදමා සෙවණ ස්ථානයක තබන්න. එම දවස් තුනෙන් පසු ස්ප්‍රේ එකක් මඟින් පස වියළි නම් ජලය යොදා පස් මිශ්‍රණය පමණක් තෙත් කරගන්න. පසුව එළිමහනේ සතියක් පමණ දැඩි හිරු එළිය සහ ජලය නොවැටෙන ස්ථානයක තබන්න. අවසානයට ඔබට අවශ්‍ය පරිදි පැළය සරසා අලංකාර කර සුදුසු ස්ථානයක තැබිය හැකියි.

 

 

උපදෙස්

අත්කම් නිර්මාණ ශිල්පිනී

සුලෝචනා සෙව්වන්දි