කුස්සිය මුල්ලේ බිත්තර රකින කිකිළි පැටික්කී

ජූලි 31, 2023

ඔබ නිරන්තරයෙන් උත්සාහ ගන්නේ ඔබේ නිවෙස ලස්සනට පිළිවෙළට හැඩට තියාගන්නයි. ඉතින් මේ

ඔබේ මුළුතැන්ගෙයි අලංකාරයටයි.

මෙවැනි නිර්මාණයක් ඔබ වෙළෙඳපොළෙන් ගෙනඑන බිත්තර ටික රඳවා තබාගැනීමට කදිමයි.

මිලිමීටර් 2 ඝනකම ඇති සුදු / රතු / කහ / රෝස පැහැති ෆෝම් ෂීට්

ග්ලූගන්

කළු සහ සුදු ප්ලැටිග්නම්

පබළු

කතුර

අඟල් 10 ය 10 ප්‍රමාණයේ ඝනකම් කාඩ්බෝඩ් කැබැල්ලක්

 

අඟල් 10 ය 10 කාඩ්බෝඩ් රවුමට ගැළපෙන සේ සුදු පැහැති ෆෝම්ෂීට්වලින් රවුමක් කපා ගම් ආධාරයෙන් කාඩ්බෝඩය මත  අලවාගන්න.

 

ඉන්පසු රෝස පාට ෆෝම්ෂීට් ගෙන අඟල් 6ක් උස අඟල් 4ක් පළල සිටින සේ තීරු කපා සිරස් අතට රෝල් කරගන්න. එවැනි සාදාගත් කොටස් (35-40ක් පමණ) ඉහත කාඩ්බෝඩ් රවුමේ දාරය වටා මැද සිදුරක් සිටින සේ කූඩයක් ආකාරයට (රූපයේ පරිදි) අලවා ගන්න. ඒවා උඩින් පබළු අලවා අලංකාර කරගන්න.

 

දැන් කිකිළිගේ හිස , ඇඟ, කරමල්, හොට,  පාද දෙක සහ අත් පිහාටු දක්වා ඇති පතරොම් පරිදි මිනුම් සලකුණු කොට ෆෝම්ෂීට් වලින් අදාළ වර්ණයන්ගෙන් කපා ගන්න.

 

සාදාගත් සියල්ල නිසි පරිදි අවසාන රූපයේ පෙනෙන සේ අලවාගන්න.

කිකිළිගේ ඇස් දෙක කළු ප්ලැටිග්නම් ආධාරයෙන් ඇඳගන්න. කිකිළිගෙ ඇඟ පුරා රූපයේ පරිදි සුදු ප්ලැටිග්නම් ආධාරයෙන් තිත් තබා අලංකාරවත් කරගන්න.

 

අත්කම් නිර්මාණ ශිල්පිනී

සුලෝචනා සෙව්වන්දි