වර්ෂ 2025 ක්වූ January 06 වැනිදා Monday
කෑම මේසෙ රටා මවන පාට පාට ටේබල් මැට්
ජීවන ගමනේ තවත් එක් වර්ෂයක අවසානය සනිටුහන් කරන්නට ඇත්තේ එක් දිනක් පමණි. ඒ දිනයත් බොහොම ඵලදායිව රැක ගන්නට යමක් කළ හැකි නම් කොතරම් අගනේද?
මේ වූල් කලාවෙන් ඔබට තිළිණ කරන අනගි ටේබල් මැට් කිහිපයකි.
විවිධ වර්ණ වූල් එකතු කර ගනිමින් ඔබේ නිර්මාණශීලි හැකියාවද පිළිබිඹුකර ගෙන මෙවැනි ටේබල් මැට් කිහිපයක් නිර්මාණය කරගෙන බලන්න. නව වසරේදී ඔබට ස්වයං රැකියාවකට වුව අත්වැලක් සපයාවි.
තැඹිලි පාට වූල්
සුදු පාට වූල්
ළා නිල් පාට වූල්
නිල් පාට වූල්
මිලිමීටර් වූල් කටුවක්
පළමුව මැජික් රින්ග් එකක් සාදා එයට තුන් පොට පිරවුම් දහයක් ගොතා රවුමක් නිර්මාණය කරගන්න.
එහි දෙවැනි වටය නිර්මාණය කිරීමට රවුමේ සෑම සිදුරකටම තුන්පොට පිරවුම් දෙක බැගින් ගොතා රවුම අවසන් කරන්න.
තුන්වැනි වටය සඳහා පළමු සිදුරට තුන් පොට පිරවුමක්ද දෙවැනි සිදුරට තුන් පොට පිරවිලි දෙකක්ද ගොතාගන්න. මේ ආකාරයට රවුම අවසන් කරගන්න.
හතරවැනි වටය සඳහා පළමුව තුන් පොට පිරවුමක්ද, ඊළඟ සිදුරටත් තුන් පොට පිරවුමක්ද, ඊළඟ සිදුරට තුන් පොට පිරවුම් දෙකක්ද ගොතා ගන්න.
පස්වැනි වටය සඳහා සෑම සිදුරකටම තුන් පොට පිරවිලි දෙක බැගින් ගොතාගන්න.
හයවැනි වටය සඳහා තුන් පොට පිරවිලි එකයි තුන් පොට පිරවිලි එකයි තුන් පොට පිරවිලි දෙකයි යන රටාව අනුගමනය කරමින් රවුම ගොතා ගන්න.
හත්වැනි වටේ සඳහා සෑම සිදුරකටම එක බැගින් තුන්පොට පිරවිලි ගොතා ගන්න.
අටවැනි වටය සඳහා තුන් පොට පිරවිලි එකයි තුන් පොට පිරවිලි දෙකයි යන රටාව අනුගමනය කරමින් ගොතා ගන්න.
නවවැනි වටය සඳහා පෙර රටාවම අනුගමනය කරන්න.
දහවැනිවට එය සඳහා තුන් පොට පිරිවිලි එකයි තුන් පොට පිරවිලි එකයි තුන් පොට පිරිවිලි එකයි තුන් පොට පිරවිලි දෙකයි යන රටාව අනුගමනය කර ගොතා ගන්න.
එකොළොස්වන වටය සඳහා සෑම සිදුරකටම තුන් පොට පිරවිලි එක බැගින් ගොතා ගන්න.
දොළොස්වන වටය සඳහාත් තුන් පොට පිරවිලි එක බැගින් රවුම අවසන් වන තෙක් ගොතා ගන්න. දහතුන්වන වටය සඳහා තුන් පොට පිරවිලි එකයි එකයි එකයි දෙකයි යන රටාව අනුගමනය කරන්න.
අවසානයේ මල් පෙති ආකාරයේ හැඩය නිර්මාණය කර ගැනීම සඳහා රවුමේ පළමු සිදුරට දෙපොට පිරවුම් දෙකක්ද , ඊළඟට තුන් පොට පිරවුමක්ද නැවත එම සිදුරටම දෙපොට පිරවුම් දෙකක්ද ගොතා ගන්න. මේ රවුමේ සෑම සිදුරකටම මේ රටාව අනුගමනය කරමින් ගොතා ගන්න.
මේ ආකාරයට ඔබට අවශ්‍ය වර්ණ යොදා ගනිමින් අලංකාර ටේබල් මැට් එකක් නිර්මාණය කර ගන්න.