වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
රෑට තරු ඉසිනා අහසට අඳුරු සිත් ලැබුණේ කොහොමද?
“මට හිතාගන්න බෑ ඇයි එහෙම වුණේ කියලා. අපි පුදුම තරම් සතුªටකින් හිටියේ. මං ආස වුණෙත් ඒකට. ආදරේ කළෙත් ඒකට. හැමදාම ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. හැබැයි නොහිතපු තරම් වෙනස් වෙලා එයා දැන්. ඉස්සර හිටපු කෙනා නෙවෙයි දැන් ඉන්නේ. හාත්පසින්ම වෙනස් කෙනෙක්. ඇයි මේ තරමම් වෙනස් වුණේ කියලා මං තවමත් හිතනවා. කොහෙන් කොහොම හිතුවත් හිතාගන්න බෑ” ඇය දිගටම කියාගෙන යයි.
මේ එක්තරා එෆ්. එම්. නාලිකාවක “ආදරය ගැන” කතාකරන වැඩසටහනකට සජීවීව සම්බන්ධ වුණ අසන්නියක් කිව්ව කතාවක්. ඇය මේ සියලු විස්තර රට ඉස්සරහ කියලා අන්තිමට අඬලා තමයි නතර වුණේ. අවසානයට මට හිතුණ දේ තමයි එහෙම වෙනස් වුණ කෙනෙක් ගැන අඬලා දොඩලා පසු තැවිලා වැඩක් තියෙනව ද කියලා. මොකද ආදරේ කියන්නේ ප්‍රවේණියක් නෙවෙයි. ඒක ලිබරල් අයිතියක්. කැමැති කෙනකුට සමීප වෙන්න සහ අකැමැති කෙනෙක් අතහරින්න ලිබරල් නිදහසක් තියෙනවා. ඒ ලිබරල් අයිතිය පිළිගන්න ලෑස්ති නැති වුණාම මේ වගේ ඛේදනීය තත්ත්වයක් ඇති වෙනවා. නිතරම ලියැවුණු කතාවක් තමයි ආදරේ කියන්නේ මොහොතේ හැඟීමක් කියන එක. නැත්තං මොහොතක ආකර්ෂණයක් කියන එක. පස්සේ ඒක බැඳීමක් වෙනවා. ඒකට ලිංගිකත්වය එකතු වුණාම. පස්සේ කසාද බැන්දම අර බැඳීමට නීත්‍යනුකූල අගයක් ලැබෙනවා. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් නඟන චෝදනාව තමයි ආදරේ කරන්න පටන් ගත්තු කාලේ වගේ එයා මට ආදරේ නෑ කියන එක. ඇයි එහෙම වෙන්නේ? මොකද මිනිස් සිත ලොල් වෙන්නේ ආශාවන්ට විතරයි. ඒ ආශාව ෆැන්ටසියක්ව තියෙන තාක්කල් ඒ ආශාවට සිත ලොල් වෙනවා. ඒ ආශාව අත්පත් කරගත්තට පස්සේ අර කියන ෆැන්ටසිමය ගතිය නැති වෙනවා. ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. එහෙම පත්වුණාම අර ආශාවෙන් මන්මත් වෙලා හිටපු කාලේ හංගාගෙන හිටපු නියම මිනිස් ගති ලක්ෂණ එළියට එනවා. එහෙම අඥචත චරිතය මතුවුණාම බොහෝ වෙලාවට ආදරය කරන අනික් පාර්ශ්වයට ඒක දරාගන්න බැරිව යනවා. මේ දරාගන්න බැරිකම නිසා නොගැළපීම් මතුවෙනවා. එහෙම නොගැළපීම් මතුවුණත් අත් හරින්න බැරිව විඳවන්න වෙනවා, ඒ සම්බන්ධතාවය විවාහයක් දක්වා දුර ගිහිල්ලා නම්,
අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුණෙ මහ වැසි වැටුණාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුණෙ නියඟය ආවාමයි....
ආදරය අන්ධයි කියලා ජනපි‍්‍රය කතාවක් තියෙනවා. ආදරෙන් අන්ධ වෙලා ඉඳලා ඇස් ඇරලා ලෝකය දකින්න පුළුවන් වුණ කාන්තාවක් තමයි මේ කියන්නේ. ඇය හිතාගෙන ඉන්නේ “අහස කියන්නේ මාර සුන්දර නිදහස් තැනක් කියලා” මොකද ආදරේ කරන්න පටන් ගත්ත කාලේ හීන මවන්නේ ඈත අහසේ කුරුල්ලෝ දෙන්නෙක් වගේ ඈතට ඈතට ඉගිල්ලිලා යන්න මිසක් මේ රළු බොරලු මහ පොළොවේ ජීවත් වෙන්න නෙවෙයි. ඉතින් ඇය ෆැන්ටසිය හදාගන්නවා ඔහු එක්ක ඈත අහසේ ඈතට පාවෙලා යන්න. ඇය හීන හදාගෙන තනියම පාට කරගෙන ඒ හීනවල ජීවත් වෙනවා. හැබැයි කසාද බැන්දට පස්සේ ඔන්න ඈත අහසේ ඉඳලා අර මහ පොළොවට ඩෝං ගාලා වැටෙනවා. අර පියාඹන්න කතා කරපු පෙම්වතා ස්වාමිපුරුෂයාගේ තැන අරන්. ස්වාමියාට කලින් උදේට නැඟිටලා තේ එක හදලා ළඟට ගිහින් දෙන්න ඕන. කෑම උයලා බැඳලා අතට දෙන්න ඕන. සියලු බැල මෙහෙවරකම් කරන්න ඕන. කසාදයක් බැඳලා පවුලක් වුණාට පස්සේ ජීවිතේ ඈත අහසේ පියාඹන්න තරම් සැහැල්ලු නෑ. එතනදි දෙන්නා අතරෙ නොරිස්සුම් හිත් නොහොඳකම් දුරදිග ගිහිල්ලා ගැටුම් ඇති වෙන්න පුළුවන්. එහෙම ගැටුම් ඇතිවුණාම අර පියාඹන්න කථාකරපු පෙම්වතා හොයාගන්නවත් නෑ. ඒ වෙනුවට ඉන්නේ සාම්ප්‍රදායික ලාංකික තක්කඩි පිරිමියෙක් විතරයි.
රෑට තරු ඉසිනා අහසට
අඳුරු සිත් ලැබුණේ කොහොමද
නේක මල් සදනා පොළොවට
නපුරු සිත් කොයිඹින් ලැබුණිද
2019/06/05 තරුණි බලන්න