වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අද දෙරණ 24 පැය නාළිකාවට අවුරුදු පහයි
2005 වසරේ ආරම්භ කළ දෙරණ රූපවාහිනී නාළිකාවේ ප්රවෘත්ති විකාශයට කෙටි කලක් තුළ මෙරට ප්රවෘත්ති අවකාශය තුළ තම අණසක පැතිරවීමට හැකියාව ලැබී තිබෙනවා.
දේශපාලන, ආර්ථික, කාලීන සිදුවීම්, විදෙස්, ක්‍රීඩා ආදී සෑම ක්ෂේත්රයක්ම ආවරණය කරමින,් අද දෙරණ, ප්රවෘත්ති විකාශය තොරතුරු දැනගැනීමේ ජනතා අයිතියට නව මානයක් එක් කළා. අද දෙරණ 2014 ජුලි මස 20 වැනිදා මෙරට පළමු සහ එකම විසි හතර පැය ප්රවෘත්ති නාළිකාව ආරම්භ කරමින් ප්රවෘත්ති කලාවේ පෙරළියක් ඇති කළා. දකුණු ආසියාවේ නවීනතම සහ සුවිසල්ම ප්රවෘත්ති මැදිරියේ හිමිකරුවන් වන්නේ ද දෙරණයි. ප්‍රධාන පුවත් විකාශ 4 ක්, පැයේ පුවත් විකාශ 8 ක්, විදෙස් පුවත් විකාශයකින් අද දෙරණ 24 පැය නාළිකාව පෝෂිතය. දේශීය කිසිදු නාළිකාවකට සංසන්දනය කළ නොහැකි වැඩසටහන් පෙළ ගැස්මක් අද දෙරණ 24 නාළිකාව තුළ අන්තර්ගත වෙනවා. ඒ අතර alk With Chathura, Open Mic. Big Focus, @ Hyde Park සහ The Other Side ජනතාව අතර නම රැන්දූ වැඩ සටහන් කිහිපයක්.
දෙරණ The Other Side ආයතනයේ විධායක අධ්යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මාධව මඩවල මහතාය. ඔහු දෙරණ 24 පැය නාළිකාව පිළිබඳ අදහස් දැක්වූයේ මේ අයුරිනි.
‘මම දෙරණ ආයතනයට සම්බන්ධ වන්නේ 2001 වසරේ. මේ තනතුරට පත්වෙන කොට මාධ්‍ය පිළිබඳ කිසිම දැනුමක් තිබුණේ නැහැ. ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ඉගෙනුම ලැබූ මම කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධාරියෙක්. මාධ්‍ය ආයතනයක නොසිට ඒ ගැන කිසිම හැදෑරීමක්, දැනුමක් නැතුව දෙරණට සම්බන්ධ වීම තමයි අපේ දියුණුවේ ප්‍රගතිය. අපි රාමුවකින් පිට ඉඳලා අලුත් විදියට හිතන්න පටන් ගත්තා. අපේ ප්රවෘත්ති බලන හොඳම කාලය තමයි දවල් කාලය. දෙරණ 24 පැය නාළිකාවේ ප්රවෘත්ති බලන්න පුළුවන්.
2019/07/24 තරුණි බලන්න