සංගීත චිකිත්සාවෙන් මනස සුවපත් කිරීමේ වගකීම ඉටු කරනවා

කිරුළ හිමි හෂේන් දුලාංජන
අගෝස්තු 19, 2020

 

Voice Teen  හි ප්‍රේක්ෂක ආකර්ශණය නොමඳව දිනාගත් හෙතෙම තම Voice Teen  තරගාවලිය නිමා කළේ ලංකාවේ ප්‍රථම Voice Teen  කිරුළේ හිමිකාරත්වය දරමිනි.

සිත් ඇද බැඳ ගන්නා සුලු ගායන ශෛලියකට හිමිකම් කියන හෂේන් දුලාංජන තම කටහඬේ පෞරුෂය ශ්‍රී ලාංකේය සංගීත ලොවට නැතිවම බැරි එකක් බවට පසක් කරලූයේය. එය හුදු අතිශෝක්තියක් නොවන බව ද සැබෑය. හෂේන් සනුකගේ කණ්ඩාමේ ශූරයා ය.

ඔබේ ඔය හැකියාවන් ඔප් නැංවීමට පවුල් පසුබිමත් නිසැකවම හේතුවක් වන්නට ඇති?

ඇත්තෙන්ම ඔව්. මගේ තාත්තා හමුදා නිලධාරියෙක්. දක්ෂ කීබෝඩ් වාදන ශිල්පියෙක්. සීයා වයලින් වාදකයෙක්. ඥාතීන් බොහෝ දෙනෙක් සංගීතයේ නොයෙකුත් අංශයන් නියෝජනය කරන අය. මම පළමුවරට වේදිකාවක කීබෝඩ් එක වාදනය කරන්නේ පෙර පාසල් වියේදී.

පාසල් වේදිකාවෙන් විවර වුණු දොරගුළු මොනවාද?

සීදූව දවිසමර විද්‍යාලයට සාමාන්‍ය පෙළ දක්වාම ගියේ. එහිදී මගේ සංගීත ගුරුවරිය වුණේ හෂිනි ගමගේ මහත්මිය. ඇගේ මඟපෙන්වීම මත මම සමස්ත ලංකා ජයග්‍රහණ කිහිපයක් ම ලබා තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ’ සාමාර්ථ 8 කුත් ‘ඕ’ සාමාර්ථයකුත් සමඟ සමත්වන මම උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හැදෑරීම සඳහා ගම්පහ බණ්ඩාරනායක විදුහලට ඇතුළු වෙනවා.

Voice Teen  කිරුළ දැරූ දිගහැරුම පිළිබඳවත් කතා කරමු?

මගේ අම්මා තමයි මේ සඳහා අයදුම් පත්‍රය දමන්නේ. මුලින් මට පොඩි බයකුත් තිබුණා. ඒ හින්ද දෝ ලොකු කැමැත්තක් තිබුණෙත් නැහැ. මුලින්ම වැඩමුළුවක් තිබුණා. ඉන් පසුව ඒභඤඪබඪධද 2 කට සහභාගි වෙලයි ඕතඪදඤ තරගයට එන්නේ. එහිදී මම ගයන නාද කණ්ඩායමේ දියවන්නා කුමාරියේ ගායනයට ඉහළම ප්‍රතිචාර ලැබෙනවා. මම නිදහසේ ගීතය ගයනවා. මුලින්ම අශාන්ති කෝච් හැරෙන්නේ. මම ඒ බව දකින්නෙ නැහැ. මමත් හැරිලා සිංදුව කියමින් ඉඳ ඉදිරිපස හැරෙද්දි දැක්කේ. එතකොටයි මගේ මූණට හිනාවක් එන්නේ. එදා දුමාල් සර්ත් වේදිකාවට ඇවිත් ඒ සිංදුව මගෙත් එක්ක කියනවා. මම තෝර ගන්නේ කෝච් සනුක. කෝච් සනුක කියන්නේ වෙනස් ම ට්‍රෙන්ඩ් එකක්. මොහු සමඟ ඉදිරියට ම ගියොත් දිග ගමනක් යන්න පුළුවන් වේවි කියලා හිතුණා. මම මා පිළිබඳවත් දැඩි විශ්වාසයක එල්බ ගත්තා.

 

ඡායා - ටෙනිසන් එදිරිසිංහ

2020/08/19 තරුණි පුවත්පත බලන්න