තාත්ති එක්ක සින්දු කියන්න ලැබීම මට ගොඩක් විශේෂයි

මේරියන්ස් කණ්ඩායමේ නායක නලීන් පෙරේරාගේ දියණිය ස්වේතා පෙරේරා
මාර්තු 31, 2021

කවරයේ කතාව 

 

ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන සලකුණක් සටහන් කරමින් ගීත කලාව නව ආරකට රැගෙන ගිය ගායකයෙක් ලෙස නලීන් පෙරේරා හැඳින්වීමට පුළුවන්.

තම පියාගෙ අඩිපාරේ ඉදිරියට යන ඔහුගේ දියණිය ස්වේතා පෙරේරා ගැන මේ දිනවල බොහෝ දෙනෙක් කතා බහ කරනවා. ඒ නිසාම අප ස්වේතාගේ හැඩකාර රුවින් තරුණී කවරය සරසන අතර ස්වේතා පෙරේරා සමඟ කළ ආදරණීය කතාබහක් මෙලෙස ගෙන එනවා.

*ස්වේතා මේ දවස් වල වැඩකටයුතු වල විශේෂයක් තියෙනවද?

අලුත් වැඩ කටයුතු කියල විශේෂ දෙයක් නෑ. මගේ රැකියාවේ වැඩ කටයුතු කරගෙන යනවා. ලොක්ඩවුන් පීරීයඩ් එකෙන් පස්සේ දැන් තමයි සාමාන්‍ය විදියට වැඩකටයුතු කරගෙන යන්නේ.

*මෑතකදී තාත්තා එක්ක රූපවාහිනී නාලිකාවක ගීතයක් ගායනා කළා. කොහොමද ඒ ලැබුණු ඇත්දැකීම?

ඇත්තටම ඒක හොඳ අත්දැකීමක්..එහෙම තාත්ති එක්ක දෙතුන් පාරක්ම සින්දු කියන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මට ඒක ගොඩක් විශේෂයි.

*ස්වේතගෙම කියලා සින්දුවක් කරන්න අදහසක් නැද්ද?

ඉදිරියට මගේම කියලා තනි නිර්මාණයක් කරන්න මම බලාපොරොත්තුවෙන් සහ ආසාවෙන් ඉන්නවා.

*මේ ක්ෂේත්‍රය තුළ ඔබේ තාත්තා නිසා යම් කිසි තැනක් ඔබට හිමි වුණා කියලා හිතනවද?

යන හැම තැනකම මේරියන්ස් නලීන්ගේ දුව කියලා ඉතින් මිනිස්සු හඳුනාගන්නවා. එහෙම කියල තාම මම නමක් හදාගන්න ඕන කියන පැත්තට යොමු වෙලා නෑ.

*මෙච්චර දුරක් එන්න තාත්තාගෙන් ලොකු සහයෝගයක් ලැබෙන්න ඇති නේද?

මගේ ඉතින් හැමදේටම අම්මි, තාත්ති දෙන්නම පිටිපස්සෙන් ඉන්නවා. මගේ හැමදේකටම මට ලොකු ශක්තියක් ඒ දෙන්නා. ඒ වගේම මගේ ජීවිතේ තීරණ ගනිද්දි මට ඒ නිදහස ඔවුන් දීලා තියෙනවා. ඒ වගේම ඒ ගන්න තීරණ වලට එයාලා මට උපදෙස් දෙනවා .

 

ස්වේතා සංගීතයට අමතරව වෙන ක්ෂේත්‍ර වල නියැලෙනවද?

සංගීතයට අමතරව මම විශේෂ දෙයක නියැළෙන්නේ නෑ. ඒත් මම කැමැතියි විනෝදාංශයක් විදියට පොත් කියවන්න, paint කරන්න, සින්දු අහන්න, films බලන්න .

ස්වේතා සෝෂල් මීඩියා වල නිතර දකින්නට ලැබෙන රුවක් නෙමෙයි. එහෙම වෙන්න විශේෂ හේතුවක් තියෙනවද ?

නෑ ඒකට හේතුවක් නෑ. මම ගොඩක්ම instagram හිටියට මං මගේ instagram page එකේ වැඩිය

මොකුත් ඒ සම්බන්ධව දාන්නෙ නෑ. තාම හරියට දෙයක් මං පටන් අරගෙන නැති නිසා. ඒ සම්බන්ධව දෙයක් පටන් ගත්තු දවසක මම සෝෂල් මීඩීයා දාන්න බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්දේ මැද හරියෙදී සංගීත පැත්තෙන් අලුත් දෙයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා.

*ගොඩක් නවීන ගායකයො රැල්ලක් හදාගෙන ඉන්නවා. ස්වේතත් ඒ රැල්ලටම යයිද එහෙම නැත්නම් වෙනස් දෙයක් කරයිද?

මෑතකදී ආපු ආර්ටිස්ට්ලා ගෙන් එහෙම මට විශේෂයෙන් මේ මේ අයට කැමතියි කියන්න බෑ. හැබැයි රිද්ම, කාංචනා, දනිත් ශ්‍රී වගේ අය කියන සින්දු වලට මං ගොඩක් කැමැතියි. තව වින්ඩි ගුණතිලක, සනුක වික්‍රමසිංහ වගේ අයගේ මියුසික් වලටත් මං ගොඩාක් කැමැතියි. මං හිතන්නේ මගේ opinion එක තමයි ඒ සයිඩ් එක. එයාලගේ නිර්මාණ ඉතාමත් හොඳයි. කලාව වෙනස් කරන්න කියලා එහෙම මගේ අදහසක් නෑ. හැබැයි වෙනස් දේවල් කරන්න මං කැමතියි.

*එතකොට ස්වෙතා සංගීතය ගැන යම්කිසි හැදෑරීමක් කරනවද?

නෑ. මං දැනට එහෙම හැදෑරීමක් කරන්නේ නෑ.

*පුංචි කාලේ ඉඳන්ම ස්වේතට කොහොමද සංගීතය පිළිබඳ තිබුණු උනන්දුව?

මම තාම සින්දු කියන්න ලොකුවටම යොමු වෙලා නෑ. හැබැයි මම ගොඩාක්ම සංගීතය එන්ජෝයි කරන කෙනෙක්. ඒක ඉතින් පොඩි කාලේ ඉඳලම තිබ්බ දෙයක්. මං නටන්නත් ගොඩක් කැමැතියි. ඒක මං වෘත්තීමය විදිහට හදාරලා නැතිවුණාට ගොඩාක් කැමැති දෙයක් තමයි dancing .

*ඉදිරියේදී ඔබේ සැලසුම් කොහොමද?

සංගීතය පැත්තෙන් ගත්තොත් මං බලාපොරොත්තු වෙනවා තාත්ති එක්ක මගේ සෝලෝ එකක් මේ අවුරුද්දේ කරන්න. දැන්මම නෙමේ තව ඉස්සරහට release කරන්න. දැනට ඉතින් ඒක තමා තියෙන්නේ.

*ස්වේතා මොන ක්ෂේත්‍රයේද දැනට නියැලෙන්නේ?

දැනට මම I T sector එකේ business development manager කෙනෙක් විදියට අයි. ටී. සමාගමක වැඩකටයුතු කරගෙන යනවා.

*ස්වේතට තාත්තා ඇරුණම මේ ගමන ඉදිරියට යන්න අත්වැලක් වෙන අය මතක් කරමු.

තාත්තිටත් වඩා අම්මි තමයි හැමදේටම උදව් කරන්නේ. තාත්ති ගොඩක් වෙලාවට ගෙදර නැති නිසා ගෙදර මුළු පාලනයම තියෙන්නෙ අම්මිගෙ යටතේ. ඉතින් මල්ලිත් මගේ වැඩ වලට ගොඩක් උදව් කරනවා. ඒ වගේම එයාගේ වැඩත් කර ගන්නවා. එයාගේ බෑන්ඩ් එකක් තියෙනවා. ඒක rock band එකක්. එයා ඩ්‍රම්ස් ප්ලේ කරනවා. audio engineering කරනවා. මල්ලි ගොඩක් සංගීත පැත්තට වඩා film director කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

සටහන -සංජානා තන්ත්‍රීගේ