සීමා මායිම් නැති මව් සෙනෙහසේ කතාව

ජූලි 18, 2022

 

මවකගේ ආදරය ලොව ඇති නිර්මලම ආදරයයි. ඒ ආදරයට සීමා මායිම් නොමැත. නමුදු අද දවසේ දී අපට අහන්නට දකින්නට ලැබෙන සමහර කතා මේ උත්තරීතර මව් සෙනෙහස පිළිබඳ සැක පහළ කරවයි. ඒ ඇතැම් මව්වරුන්ගේ ක්‍රියාවන් හේතුවෙනි. මිනිසත් බව ලැබීම උතුම් කරුණකි. එය අතිශය දුර්ලභ වූ දෙයකි. එසේ නම් මේ මිනිසත්බවට, මව්වත්කමට නිගාදෙන දේවල් කරන්නේ ඇයි? නූපන් දරුවා ලොව දකින්නට පෙර මරා දමන්නට නො සිතන්න. ඉපදුණු දරුවා මරා දමන්නට නො සිතන්න. ඒ සිඟිත්තා ඔබේ පණ මෙන් රැකගන්නට වෙර දරන්න. මව් ගුණය, මාතෘ ප්‍රේමය හඳුනාගෙන ඔබේ ගරුත්වය රැකගන්න. බලන්න, මේ තිරිසන් සතුන් ලෙස ඉපදුන ද උන් දක්වන දාරක සෙනෙහසක තරම.... ඔබට ද සෙනෙහස උතුරා ගලන මවක් විය හැකි නම් ලෝකය බොහෝ ලස්සන වේවි.