LUX සරසවිය සම්මාන උලෙළ මේ මස 28 වැනිදා BMICH හී දි

මාර්තු 18, 2024

හෙළයේ මහා කලා මංගල්‍යය සරසවිය සම්මාන උළෙල මේ මස 28 වැනිදා පස්වරු 6ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට නියමිතය.

වසර 60ක් සපුරන සරසවිය පුවත්පත හා සරසවිය සම්මාන උළෙලල 35 වැනි වරට මෙවර පවත්වන අතර එහි ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනුයේ යුනිලීවර් (LUX) සමාගමයි. කොමර්ෂල් බැංකුව නිල බැංකු සහකරු වේ. මේ සම්මාන උළෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම පසුගිය දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙවර සම්මාන පිරිනමනු ලබන්නේ 2019 වසරේ සහ 2020 වසරේ තිරගත වූ සිනමා පට සඳහාය. ඒ අතරින් වසර දෙකකදදීි ඉදිරිපත් කළ සිනමා පට 40ක් සඳහා ජූරිය විසින්

තෝරා පත්කරගන්නා ලද සම්මාන සමඟ සම්මාන 64ක් පිරිනැමීමට නියමිතය. මේ අනුව 2019 වර්ෂයේ තිරගත වූ චිත්‍රපට තිහ අතරින් 28ක්ද 2020 තිරගත වූ චිත්‍රපට 12ක් ද සිනමා උලෙළලේ ඒ ඒ වසරවලදී තරගකාරී අංශයේ සම්මාන 24ක් උදෙසා වෙන වෙනම තරග වදිනු ඇත. එම සම්මාන පිරිනමනු ලබන්නේ ස්වාධීන ජූරි සභික මණ්ඩලයක් විසිනි.

සරසවිය ජනප්‍රිය නළුවා හා නිළිය තෝරාගනු ලබන්නේ පාඨක හා ග්‍රාහක ඡන්දයෙනි. ජනප්‍රිය චිත්‍රපටය තෝරා ගනු ලබන්නේ අදාළ වර්ෂයේ ආදායම් වාර්තා අනුව ය. සිනමාව වෙනුවෙන් සිය දිවියම කැප කරමින් කළ මෙහෙවර උදෙසා පිරිනමනු ලබන රණතිසර සම්මාන ද්විත්වයක් වසර දෙක වෙනුවෙන් වෙන වෙනම පුද කරනු ලැබේ. මෙවර රණතිසර සම්මානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මානය ලෙස නම්කර ඇත.

සිනමා සාහිත්‍ය මෙහෙවර උදෙසා පිරිනමනු ලබන රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානය ද මෙවර පිරිනමනු ලබන අතර, 2019 සහ 2020 වසර සඳහා සම්මාන ද්විත්වයක් පිරිනැමීමට සංවිධායක කමිටුව තීරණයකර ඇත. සිනමා කර්මාන්තයේ ප්‍රගමනය උදෙසා වසරේ ජනාකර්ෂණීය සිනමාපටය ලෙසින් සම්මානයක් ද පිරිනමන අතර එය විනිශ්චය මණ්ඩලය විසින් තෝරා ගනු ලැබේ.

මේ අවස්ථාවට නිල බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගත් අතර, එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී අලෙවිකරණ ඉරෝෂා වෙත්තසිංහ මහත්මිය ඇතුළු නියෝජිතයෝ සහභාගි වූහ. ලේක් හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි, නීති අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල, අතිරේක සාමාන්‍යාධිකාරී වී.එස්. බොයිස්, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ලේකම් සුදර්ශී හේවාවසම්,

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - (දැන්වීම්) චින්තක ප්‍රසන්න යාපා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් ප්‍රමිතා ජයමහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - (ආයතනික කටයුතු ) චන්දන බණ්ඩාර යන මහත්ම මහත්මීන්ද, ලේක්හවුස් ප්‍රධාන පුවත්පත් කර්තෘවරුන් වන මනෝජ් අබේධීර (දිනමිණ), කේසර අබේවර්ධන (ඩේලි නිව්ස්), ටී.සෙන්දිල් වෙලවර් (තිනකරන්). ප්‍රමෝද් ද සිල්වා (සන්ඩේ ඔබ්සවර්) ආචාර්ය නුවන් නයනජිත් කුමාර (සරසවිය) යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.