'ශේෂ' ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ

ඔක්තෝබර් 7, 2024

ඉසුරු ගුණතිලක සිංහල සිනමාවට කුලුඳුලේ දායාද කරන 'ශේෂ' චිත්‍රපටයේ මංගල දැක්ම ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල මේ දිනවල තිරගත වේ.

'ශේෂ' කෑන්ස් චිත්‍රපට උලෙළේ හොඳම නර්තනමය චිත්‍රපටය ලෙසත්, සිනේ පැරිස් චිත්‍රපට උලෙළේ හොඳම කුලුඳුල් අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පිදෙන සම්මානයත් හිමි කර ගන්නට සමත් විය.

චන්දන වික්‍රමසිංහ, උමාලි තිලකරත්න, යොහාන් ජේස්, මල්කාන්ති ජයසිංහ, සමන්ත කුමාර ගමගේ, නලින් ප්‍රදීප් උඩුවෙල, තිළිණ ද සිල්වා, සමීර ලක්ෂාන්, ජයන්ත මුතුතන්ත්‍රි ඇතුළු පිරිස 'ශේෂ සඳහා රංගනයෙන් එක් වෙති.

නර්තන අධ්‍යක්ෂණයෙන් රවිබන්ධු විද්‍යාපති, සංගීතයෙන් ගයාත්‍රි කේමදාස එක්වන 'ශේෂ' සිනෙයිසු නිෂ්පාදනයකි.