පර්චස් හතක තැනූ කාමර තුනක පුංචි නිවහනක්

ඔක්තෝබර් 16, 2019

ජීවිතයේ වටිනාම ආයෝජනයක් ලෙස අප සලකන්නේ තමුන්ටම කියා තැනූ නිවහනකටයි. ලක්ෂ ගණනක මුදලක් වැයකරමින් තනන ඔබේ සොඳුරු පියසට සැබෑම ආර්ථික වටිනාකමක් එක්වෙන්න හේතු සාධක වෙන කරුණු කිහිපයක් ම තිබෙනවා. ඉන් ප්‍රධානම සාධකයක් වෙන්නේ නිවෙසේ සැලසුමයි.

ඔබ තනා ගන්නා සිහින පාරාදීසයට සැබෑම වටිනාකමක් ලැබෙන්නේ එය ඔබගේ සිතැඟි පරිදි නිමාකර ගැනීමෙන්.

එසේම එම නිවෙස තැනීමට යොදාගන්නා තාක්ෂණික ක්‍රමය අනුව එහි ශක්තිය හා කල්පැවැත්ම ගැනත් අවධානය යොමු කිරීම ඉතාම වැදගත්.

අප මෙවර ඔබට තිළිණ කරන මෙම නිවහන කාමර තුනක නිවෙසක්. මෙය පර්චස් 07 ක තරම් ඉඩමක කදිමට නිර්මාය කළ හැකි සරල සැලසුමක්.

තරමක කුඩා වැරැන්ඩාවක් සහිත මෙහි මැද සීමාව තුළ ඇත්තේ සාලයකි.

කාමර තුනම එක දිගට පිහිටා තිබෙන්නේ එකකට එකක් යාවෙන අයුරිනි.

මෙම නිවහසේ පැන්ට්‍රියත්, මුළුතැන්ගෙයත් එකම සීමාවක වෙයි.

එය තරමක් ඉඩ පහසුකම් සහිතය. එයට යාබදව නාන කාමරයකි.

මෙලෙසින් නිමවූ සැලසුමේ සම්පූර්ණ නිවෙසම වටා කුඩා ඉඩක් ඉතිරිව පවතී.

එය ගෙඋයන සඳහා භාවිත කරනු ලබන අතර සරල නිමාව අනුව වහලය සකසා තිබේ.

රුපියල් ලක්ෂ 55 පමණ මුදලකට මෙම නිවෙසේ මූලික කටයුතු නිම කරගැනීමට හැකිවනු ඇත.

ඒ අනුව ඔබගේ මූලික අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් කුඩා වෙනස්කම් කරමින් ඔබටම ගැළපෙන ලෙස මෙය නිමකර ගැනීමට හැකි වේවි.

 

උපදෙස්

කැදැල්ල හෝම්ස් හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක