සොබාදහමේ අනගි නිමැවුම් ගෙනෙයි නිවෙසට අසිරි සැනසුම්

පෙබරවාරි 20, 2023

සොබාදහමේ අනගිතම නිර්මාණයක්වන ගහකොළ, ලියවැල් අපේ ජීවිතවලට එකතු කරලන්නේ පුදුමාකාර අගයකි. විටෙක වාතය පිරිසුදු කරමින්, තවත් විටෙක ආහාර සපයමින්, පොළොවෙහි ජල උල්පත් රඳවා ගන්නට මනා සහයෝගයක් වෙමින්, සෙවණ සහ සිසිලස ලබා දෙමින් මේ තුරුලතා අප වෙත අනගි මෙහෙයක් ඉටු කරලයි.

එපමණක් නොව අජීවී දැව කඳන් වටිනා ගෘහ භාණ්ඩ බවට පරිවර්තනය වී අපේ සුව පහසුව වෙනුවෙන්ම ගෙතුළට පැමිණේවි. එතැනින් නොනැවතී නිවෙස සොඳුරු කරන විවිධ අංගෝපාංග අතරට ද මේ අජීවී දැව කැබලි අපූරු ජීවයක් රැගෙන එන අයුරුයි මේ. විශේෂයෙන්ම දිරාපත්ව ඉවතලන කුඩා දැව කැබැලි ඇසුරින් ඔබටම සකසා ගත හැකි මේ නිර්මාණ සඳහා එතරම් මුදලක් වැය නොවේවි. ඕනෑම දෙයක් දෙස නවමු ඇසකින් බලා එයට ඔබේ නිර්මාණශීලී හැකියාව එකතු කරලන්නේ නම් මෙවැනි අලුත් නිර්මාණ බිහිකිරීම එතරම් අපහසුවක් නොවේ.